බී.ජී.චතුරංග
ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කේ.ඩී.ලාල් කාන්ත මහතා පැදවූ කැබ් රථය අද (1) අනුරාධපුර බන්ධනාගාරය අසලදී යතුරුපැදියක ගැටීමෙන් කාන්තාවක හා ඇගේ ඥාතී දියණියක තුවාල ලබා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කළ බව අනුරාධපුර පොලිසිය පවසයි.
සිද්ධිය සම්බන්ධයෙන් හිටපු මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගත් බවත් අනුරාධපුර පොලිසිය පවසයි.
මෙසේ තුවාල ලබා රෝහල් ගත කර ඇත්තේ එප්පාවල සහ අමුණුකොළේ පදිංචි වයස අවුරුදු 45 සහ 14 යන කාන්තාවක හා දියණියකි.
අනුරාධපුර බන්ධනාගාරය ඉදිරිපිට දී වාහනයකට ඉස්සර කිරීමට යාමේදී අනුරාධපුර නගරය දෙසට පැමිණි යතුරුපැදියේ ගැටී මෙම අනතුර සිදුව ඇතැයි පොලිසීය පවසයි.
අනතුරින් තුවාල ලැබූ කාන්තාවගේ අස්ථි වලට බරපතල හානි සිදුව ඇති බවත් ඇගේ ඥාතී දියණිය සුළු තුවාල ලබා ඇති බවත් රෝහල් ආරංචි මාර්ග පවසයි.
අත්අඩංගුවට ගත් මන්ත්‍රීවරයා හෙට (2) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. සිද්ධිය සම්බන්ධයෙන් අනුරාධපුර පොලිසියේ රථ වාහන අංශය පරීක්ෂණ පවත්වයි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් නිලධාරීන්ට මත් මිශ්‍ර කිරි ටොපි ලබා දී මහා පරිමාණ සංවිධානාත්මක හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරු වකුවන හරක් කටාට පලාය
පැපිලියාන, දිවුල්පිටිය තෙමහල් රෙදිපිළි ඇගලුම් නිෂ්පාදන කර්මාන්ත ශාලාවක ඇති වූ ගින්නකින් එය සම්පූර්ණ යෙන්ම දැවී අලුවී ගොස් ඇතැයි දෙහිවල ගල්කිස්ස මහන
2025 වසරේ දී ශ්‍රි ලාංකිකයින් 2000කට ඊශ්‍රායලයේ සාත්තු සේවා ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා ලබාදීමට අපේක්ෂා කරන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසය
තම දරුවන් දෙදෙනා සමග යතුරු පැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයකුට කිසියම් කණ්ඩායමක් ඊයේ රාත්‍රී මිද්දෙනිය ගල්පොත්තයාය ප්‍රදේශයේදි වෙඩි තැබීමෙන් ප
ඕනෑම මොහොතක, අවශ්‍ය වුවහොත්, තමන් යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී හමුවී, රුසියන් යුක්රේන අර්බුදය ගැන සාකච්ඡා පැවැත්වීමට සූදානම් බව රුසියන් ජන
රුසියන් යුක්රේන යුද්ධය අවසන් කිරීමේ අරමුණින්, ඇමෙරිකාව සහ රුසියාව අතර සාකච්ඡා සෞදි අරාබියේ, රියාද් අගනුවරදී පැවැත්විණි.
ශ්රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
හිටපු මන්ත්‍රී ලාල්කාන්ත අත්අඩංගුවට
smn Friday, 01 March 2019 01:46 PM
ලාල්කාන්ත සහෝදරයා සම්බන්ධයෙන් මෙවැනි පුවතක් අසන්නට ලැබීම ගැන අපි අවංකවම කණගාටු වෙනවා. දෙපාර්ශවයටම මේ සිද්ධියෙන් ගැටලුවක් නොවේවායි අපි ප්‍රාර්ථනා කරනවා.
LIYANAGEFriday, 01 March 2019 05:33 PM
ජවිපයේ සහෝදරයන් ලංකාවේ තරුණ දුෂ්කර පළාත්වල සිටින තරුණයන් රැවටීමේ ව්‍යාපාරය (තරුණයන් රැවටීම නිසා විශාල තරුණ පිරිසක් ලංකාවට නැතිවිය) දැන්වත් නතරකර සැබෑ ලෝකයට පැමිණ හැංගිමුත්තන් නවත්වා කියනදේ කරන, කරන දේ කියන දේශපාලන පක්ෂයක් බවට පරිවර්තනය විය යුතුය. හොරෙන් කරන්නට යාමෙන් සිදුවන්නේ කුමක්ද කියා දැන්වත් තේරුම් ගන්න. හොරෙන් කන්න බොන්න ගිහින් කාටත් හොරෙන් වාහනය වේගයෙන් පදවන්න ගියාම ඕවගේ දේවල් වෙනවා. අපිත් කන බොන මිනිස්සු කියා කිව්වානම් ඉවරයිනේ.., හොඳට කලා බීලා වාහනයත් හෙමින් පදවන්න තිබුණා නේද?
RaveendraSaturday, 02 March 2019 03:15 AM
කාන්තියෙන් දිස්වුණු ලාල් උන්නැහේට... මල්පැණි වැඩිඋනාද සමාජවාද න්‍යායට.. දරුවකු සමග පැමිණ සුන්දර කාන්තාවකට... හිතෙන්නට ඇති නේද ඔබ සිපවැළඳ ගන්නට...
Lapaya Friday, 01 March 2019 02:01 PM
බීලා වාහන එළවන්න එපා කියන්නේ ඕකට තමයි. ජෙප්පො ලාගේ දෙවැනි බිල හප්පපු කේස් එක...
RaveendraFriday, 01 March 2019 02:25 PM
Lapaya මයා ඔබ මේ අහිංසකයින්ට අපහස කරනවා නොවේද? මේ අහිංසකයන් හතර පෝයට පස් වතාවක් සිල්ගන්න උදවිය නොවැ.. ඒ නිසා අහිංසක "රතු හැට්ට කාරයන්ට " නින්දා කිරීමෙන් වලකින ලෙස ඉල්ලා සිටින්නෙමු.
V.warnakulasuriyaFriday, 01 March 2019 10:21 PM
කවුරු මොනවා කිව්වත් ලාල්කාන්ත කියන්නේ ජරා දේශපාලකයෙක් නොවේ. මේක සාමාන්‍ය අනතුරක් වෙන්නට පුළුවනි. කාටත් අමතක රගර් ක්‍රීඩකයාගේ රිය අනතුර වගේ එකක් නොවේ. බීමත්ව රියපැදවීමක් හෝ රියදුරා කවරෙක්ද යන්නත් සඳහන් නැත. මාර්ග නීති කඩකර ඇත්නම් කවරෙක් වුණත් නීතිය ක්‍රියාත්මක විය යුතුය...
රනිල්Friday, 01 March 2019 03:44 PM
කොහෙද හලෝ බීලා කියලා ලියලා තියෙන්නේ...
appuwaaFriday, 01 March 2019 05:18 PM
ටිකක් හොයලා බලන්න. මෙතන ලියලා නෑ තමයි.
Raveendra Friday, 01 March 2019 02:21 PM
මක්කිවා....!!! තැඹිලි වතුරත් උණුකරලා නිවලා පෙරලා නොබොන නමුත් පානය කරන මේ රතු හැට්ට කාරයන්ට සාමාන්‍යයෙන් අතපසුවීම්, අත්වැරදීම්, අමතකවීම්, කොහෙත්ම කිසිම වැරදීමක් වෙන්නේ නැති නිසා මේ කව්රු හරි නැහැදිච්ච කට්ටියක් මේ ගොයියාගේ වාහනේ බලෙන්ම ඇවිත් සිප වැළඳගන්න ඇති.. එහෙම නැතුව මේ හාදයෝ කිසිදින කිසිවිට මහජනතාවට අපහසුවෙන විදියට පාරේ හැසිරෙන්නේ නැහැනොව... වැඩිම වුනොත් (88/89 වගේ කාලේ පොඩි පොඩි වැරදි වුනා තමයි) මේ රතු හැට්ටකාරයන්ගේ ගොට්ටෝ ටිකක් ඉන්නේ අන්තරේ කියලා මරණාධාර සමිතියක ඒ කුඩ්ඩෝ ටික මාර්ගයෙන් විශ්වවිද්‍යාලවල ළමයින්ව පඹයෝ වගේ නටවයි..
pereraFriday, 01 March 2019 09:51 PM
සිඟිති කොමෙන්ට්
RaveendraSaturday, 02 March 2019 07:21 AM
perera මයා වෙත, " පශ්චාත් උපාධියට සමාන ඔබගේ කමෙන්ට් " එක පිළිබඳව අප ඔබට ස්තුතිවන්ත වන්නෙමු.
dostharaSaturday, 02 March 2019 04:22 AM
රවීන්ද්‍ර මොලේ අමාරුවට බේත් ගන්න... රස්සාවක් කරන කෙනෙක් නම් නෙමෙයි වගේ. කාගේ හෝ ගොට්ටෙක් වගේ..
RaveendraSaturday, 02 March 2019 05:54 AM
දොස්තර මයා වෙත, අප කිසිදින 225 ක්වූ ගව රෑනේ කිසිඳු ගවයෙකුට ගොට්ට අල්ලන්න නොවන්නෝය. අප කව්රු කරත් හොඳ නම් එය හොඳයි කීමට නිහතමානී වන අතර කව්රුන් හෝ වැරදිදෙයක් කලේ නම් වැරදියි කීමට අප කිසිවිට පසුබට නොවන්නෝය. " ඒ කලේ (ඔබ ගොට්ට අල්ලන) රතු හැට්ට කාරයෝද කොළ සීයලාද, නිල් සීයලද අපට නම් අදාලම නැත. තවද අප මෙසේ පැවසීමට කැමැත්තෙමු. "මෑත " අතීතයේත් අද මේ මොහොතේත් හෙට දිනත් ඔබ මෙන්ම ලංකාවාසී සැවෝම (දියවන්නා ඔයේ මී හරකුන් 225 ඇතුළුව) " තුන් වේල කෑවේත් " එසේ කන්නෙත් අප විසින් හෙලන ලේ කදුළු දහදිය මගින් උපයා ගන්න ඩොලර් වලින් බව සියුම් ආඩම්බරයක් මෙන්ම කණගාටුවකුත් සමග බව පැවසීමට කැමැත්තෙමු. කණගාටුවට කරුණ නම් " 225 වූ ගවයන්ට මෙන්ම ඔබටද පිනට තුන්වේල කන්න දීමට " එම මුදල් වැය කිරීම පිළිබඳව බවත් කීමට කැමැත්තෙමු. ඔබට මේ පිළිබඳව සිත් තැවුලක් ඇති වුණා නම් අප කණගාටු වන්නෙමු.
ධනුෂ්කSaturday, 02 March 2019 11:01 AM
මම කියවලා තියනවා නිතරම අනික් මිනිසුන්ට පරිභව කරන්නේ, අපහාස කරන්නේ, අවලාද නගන්නේ මේ විදියට සතුන්ගේ නම් වලින්, ඔබතුමාට මෙතන දාන්න බැරිවුණාට අසැබිවදන් වලින් නිතරම අමතන්නේ කුඩා කල පවුල හා සමාජය තුලින් එම දරුවට අත්විඳීමට ලැබුණු අඩන්තේට්ටන් නිසා කියලා. මම නෙමේ කියන්නේ මානවයින් පිළිබඳව පරීක්ෂණ, නිරීක්ෂණ කරන උගතුන්, බුද්ධිමතුන් කියලා තියෙන්නේ. මම එ්ක සමාජය තුල අත්දැකලා තියනවා. අපේ අම්මලා අපට කතා බහ කළ විදියට අපට මිනිස්සුන්ට කැත විදියට කථා කරන්න හිතෙන්නෑ. අපේ අම්මා තාත්තට ණය ගැති මම එ් විදියට හැදුවට. වැරදි වෙන්නේ කරන්නේ මිනිස්සු ඊට අදාල දඬුවමද ලැබිය යුතුයි. එ්කේ කතා දෙකක් නෑ.
RaveendraSunday, 03 March 2019 04:43 AM
ඔබගේඅදහස් වලට අප ගරු කරන්නෙමු, අප කිසිවිට මනසින් උසස් මෙන්ම මහත්මා ගතිගුණ වලින් පරිපුර්ණවූ තම උපන් මාතෘ භූමියට අවංකව ආදරය කරන මිනිසුන්ට පරිභව කර නොමැත, අපහස කර නොමැත, උසුළු විසුළු කර නොමැත එසේ කිරීමටද කිසිදු බලාපොරොත්තුවක්ද නොමැත. යමෙක් රටට, පුරවැසියන්ට හොදදෙයක් කරන්නේනම් ඔහු හෝ අය කිනම් පක්ෂයක ගැත්තෙක් උනත් අප එම හොද වැඩේ නිහතමානිව අගයට කරන්නෙමු. එය අපට අපගේ දෙමාපිනගෙන් ලැබුණු ආදර්ශයන්ය.එමෙන්ම වැරදි දෙයක් නම් එය කලේ කව්ද මොන පක්ෂයේද අපටනම් අදාලම නැත. අප කිසිවෙකුට ගති නොවන්නෝය. අප ගැති වන්නේ අපගේ මාතෘ භූමියටත් අවංක මිනිසුන්ටත් පමණි. රට පාවාදෙන , අනාගත පරපුර විනාශ කරන තමන් ගැනම පමණක් හිතන "පාහර නිවට ගවයන්ට සුනකයන්ට " ගරුකිමක් හෝ හිස නැමීම නොකරන බව ධනුෂ්ක මයාට කාරුණිකව දැන්වීමට කැමැත්තෙමි " "හිටියොත් හොදට හැදී දෙවියොත් නමට වදී " යන සුජාත අත්තනායක මහත්මියගේ අර්ථවත් ගීත මතක්කරමින් ඔබට අප ජය පතන්නෙමු.
Amila Friday, 01 March 2019 02:37 PM
ජවිපෙ යනු කල් ගතවී සමාජගතවන ජීවින් විශේෂයකි. ඉස්සර ජෙප්පෝ මත්පැන් තියා සිගරට් වත් බිව්වේ නැත. අනික පාවිච්චියට ඉල්ලුවේ මරුටිය ඒකට දැන්, කරටි කැඩෙන්න බී සුඛෝපභෝගී කැබ්වලද යති...! අනික ජෙප්පෝ යම් තාක්දුරට ආර්ථිකය ශක්තිමත් වූ පසු නිල් සහ කොළ පක්ෂයට සිග්නල් දමන පිරිසක් බව පෙනේ. විමලේ සහ නන්දන හොඳම උදාහරණ වේ. මෑතකදී නම් වීරකුමාර හොඳ උදාහරණයක් වේ. ජේවීපී නායකයන් ජෙප්පන්ව ලස්සනට ගොනාට අන්දවා ගොඩයෑම මාර ගේමකි...
RaveendraFriday, 01 March 2019 04:25 PM
Amila මයා වෙත, ඔබ අවට පරිසරය පිළිබඳව හොඳ නිරීක්ෂණයෙන් සිටින පුරවැසියෙක් බව ඔබගේ අදහස් වලින් සනාථ වන්නේය.. "ඔබ විසින් මේ "රතුහැට්ට කාරයන් " පිළිබඳව නිවැරදි අදහස් ප්‍රකාශ කිරීම පිළිබඳව අප අගය කරන්නෙමු...
නුවන්Friday, 01 March 2019 11:57 PM
හරියට හරි. ජවිපෙ කියන්නේ පක්ෂයක්. සමාජගතවෙන්න අපහසුතා ඇති මිනිස්සු මෙතනට එකතුවෙනවා. ඊට පස්සෙ සමාජගත වුණාට පස්සේ අන්ත දූෂිතයන් බවට පත්වෙනවා. විමල්, මහින්ද විජේසේකර, වීරකුමාර වගේ චරිත මැද-වමට බරවෙලා ගොඩ යද්දී අනුරලා, විජිතලා ඇතුලේම ඉඳන් දකුණට වැඩ...
Hafeel Friday, 01 March 2019 02:51 PM
මෙච්චර ඉක්මණට ප්‍රධාන පක්ෂවල මැතිඇමැති පුතුන්වත් අත්අඩංගුවට ගන්නත් නැහැ...
RaveendraFriday, 01 March 2019 04:29 PM
ඒ කොළ, නිල් තොත්ත බබාලානේ. මේ ඉතින් හීනෙන්වත් වැරදි නොකරන " රතු හැට්ට " කාරයෝනේ ...
Chanak Los angeles Friday, 01 March 2019 03:05 PM
අපි දැන් බලමු රෙද්ද පල්ලෙන් බේරෙන මොහුගේ සමාජ වාදය මෙතන හරියටම ඉෂ්ට කරාවිද කියා ?
pereraFriday, 01 March 2019 09:50 PM
සමාජවාදය මේකට අදාළ වෙන්නේ කොහොමද?
Chanak Los angelesSunday, 03 March 2019 05:46 AM
ලංකාවේ දේසපලකයන්ගේ පුතුන් කී දෙනෙක් වාහන අනතුරු කරමින් දේසපාලනය මගින් බේරී ඉන්නවාද ? ඕනනම් නම් එක්කම කියන්නම් ..
RaveendraSaturday, 02 March 2019 03:05 AM
ඔබ මේ මොනවද සඳහන් කර තිබෙන්නේ...? ඔබ විසින් සමාජ වාදය නමැති "න්‍යාය" වඩදිය බාදියට සමාන කර ඇති බැවින් මෙන්ම මෙම අහිංසක "රතු හැට්ටකාරයන්ට" උසුළු විසුළු කරනවා නොවේද?
BamunuarachchiSaturday, 02 March 2019 02:34 PM
රවී ඔය කෙනාගේ මොලේ හොඳ නැහැ නැතිනම් මොන කෙනාද රිය අනතුරක් වුනාම දේසපාලනය ඈඳාගන්නේ?
ජයන්ත Friday, 01 March 2019 03:05 PM
මොනවා වුනත් පැනලා ගියේ නෑ.. බීලා ගියා නම් එ්කට නීතිය ක්‍රියාත්මක කරන්න. එ් කොහොම වුනත් තුවාල වූ අයට පිහිට වෙන්න ඕනෑ.
Bamunuarachchi Friday, 01 March 2019 03:20 PM
මේක ඇක්සිඩන්ට් එකක් වාහන පදවන කා අතිනුත් වෙන්න පුළුවන් ඉතින් ඕකට ලාල්කාන්තගේ පැටිකිරිය හොයන්නේ මොන කොටළුවාද? තේ එකක්වත් නොබී වාහනයට නගින්නේ කව්ද?
Chanak Los angelesSaturday, 02 March 2019 04:26 AM
වාහනයක් අවියක් හා සමානයි එය අනිසි ලෙස පැදවුවොත් මාරාන්තිකයි. නමුත් ප්‍රශ්නය වෙන්නේ වාහන අනතුරු වැඩිපුරම සිදුකර ඇත්තේ බීමත්කම නිසයි. එතකොට නම් වාහන අනතුරු කා අතිනුත් සිද්ධ වෙනවා කීම වලංගු වන්නේ එහෙම කියන කොටලුවන්ටම පමණයි..
BamunuarachchiSaturday, 02 March 2019 02:21 PM
දැන් ඔයා කියන්නකෝ ලාල්කාන්ත මත්පැන් බී සිටියා කියා කොතනද කියවෙන්නේ. ඔබ කියන්නේ බලාපොරොත්තු රහිතව අනික් වාහනය පැදවූ තැනැත්තා වැරැද්දක් කලොත් ඔබ ඊට වග කිවයුතුද? අපි මෙතන ත්‍රීවීලර්කරුවන්ටයි, මෝටර්සයිකල්කරුවන්ටයි, බස් රියදුරන්ටයි දොස් පවරන්නේ ඇයි? මාර්ග අනතුරු බොහෝමය වන්නේ ඔවුන් නිසා. ඒ බව නොතේරීම වාහන පදවන අපගේ අවාසනාවකි.
BamunuarachchiSaturday, 02 March 2019 04:34 PM
මෙයාගේ මේ කතාවත් හරියට සිගරට් බීවොත් පිළිකාව හැදෙනවා කීවා වගේ තමයි.
Chanak Los angelesSaturday, 02 March 2019 11:18 PM
ඔබ කියන ලෙස මෙතන ත්‍රිරෝද රථ, මෝටර් සයිකල් ප්‍රශ්නයක් නැහැ නේද ලාල්කාන්ත ඔහුගේ වාහනය තවත් වාහනයකට ඉස්සර කරන්න ගිහින් නේද හප්පලා තිබෙන්නේ? සාමාන්‍යයේන් මහාමාර්ගයක වාහන ඉස්සර කරන්න පුළුවන් ස්ථාන පුවරු මගින් පෙන්වා දිය යුතුයි. තමන්ට ඕන ඕන විදියට වාහන ඉස්සර කරන්න නීතිය ඉඩ දීලා නැහැ .මෙම රටේ නම් අණ දී තිබෙන්නේ ඊට වෙන්කර තිබෙන පරාසය තුල පමණක් ඉස්සර කරන්න අවශ්‍ය නම් පාස් විත් කෙයාර් ලෙසටයි... සියලුම රියදුරන් එම ස්ථානයන් හැර අන් ස්ථාන වලින් ඉස්සර කරන්න පුළුවන් වුනත් ඉස්සර කරන්න යන්නේ නැහැ. අවාසනාවකට අපේ රියදුරන්ට ඉවසීම නොමැතිකම, බලය නිලය නිසා තමන්ට හිතෙන තැනින් ඉස්සර කරනවා. ඒ වගේම ලංකාවේ මහාමාර්ගයේ කිසිම ස්ථානයක තිබෙනවාද වාහනයක් ඉස්සර කරන්න අණ දී තිබෙන ඩිස්ටන්ස් පුවරු ? එම පුවරු සවිකිරීම මහාමාර්ග දෙපාර්තමේන්තුවේ වගකීමයි .එය අත්‍යවශ්‍ය සේවාවක් ලෙසයි ලොවම පිළිගන්නේ .
Sunil Friday, 01 March 2019 03:25 PM
අහිංසක ජීවිත අනතුරේ දැන මේ අයව හිරේ තමයි දාන්න ඕනෑ....
sirimal Friday, 01 March 2019 03:44 PM
අනතුර සිදුවන අවස්ථාවේදී වාහනය පදවන ලද පුද්ගලයා මත්පැන් පානය කර සිටි බවට දැනටමත් ලංකාවේ ප්‍රධාන පෙලේ විද්‍යුත් මාධ්‍ය ආයතනයක වෙබ් අඩවියෙහි පළකර තිබෙනු දුටුවා...
AluthgamageFriday, 01 March 2019 05:00 PM
මෙයා හිටියේ පිටිපස්ස සීට් එකේ වෙන්න බැරිද?
maheshikaFriday, 01 March 2019 08:45 PM
නයිට් රයිඩර් වගේ වාහනයක් වෙන්න ඇති. මෙය පිටිපස්සේ වාඩිවෙලා අණ දෙන්න විතරයි තිබිලා තියෙන්නේ.
පිටිගල මිලානෝ Friday, 01 March 2019 04:50 PM
ඔය එකක් විතරයි. මුළු විශ්වවිද්‍යාල ක්‍රමයම විනාශ කර ලංකාවේ උගත් තරුණයන් බිහිවීම නැත්තටම නැති කල එකට එල්ලන්න ඕනේ. එයාගේ ළමයා නම් පුද්ගලික විශ්වවිද්‍යාලවලට පින්සිදු වෙන්න ගොඩ ගියා.
wije Friday, 01 March 2019 05:18 PM
ඒකනම් වෙන්න බැහැ මේ උපාසක මහත්තුරු මත්වතුර බීලා වාහන එලවන්නේ නැහැ. අනෙක මෙයාලා කැබ් එලවන්නේ නැහැ. මෙයාලා ඉල්ලුවේ ෆුට් සයිකල් කියලා හැමෝටම මතකයිනේ.. පස්සේ නම් මරුටි ඉල්ලුවලු අනේ මන්දා මට නම් මේවා විශ්වාස කරන්නත් අමාරුයි.
චමින්ද Friday, 01 March 2019 05:20 PM
දැන් කොයි දේශපාලනකාරයොත් බොරුවට මාධ්‍යය ඉස්සරහට ඇවිත් බැණ ගත්තට කරන්නේ ජරා වැඩ... මේ තවත් හොඳ උදාහරණයක්...
ධනුෂ්කSaturday, 02 March 2019 11:20 AM
මොකද්ද ජරා වැඩේ? අනතුරක් කියන දෙයක් කවුරු අතිනුත් සිදුවිය හැකියි. කවුරුත් හිතාමතා මෙහෙම කරන්නෑ. මේ ළඟදි බස් එකක් හැප්පිලා තිදෙනෙක් මැරුණා. එ් රියදුරා වුණත් එය හිතමතා කරන දෙයක් නොවේ. අනතුරක් හිතලා කරනවා නම් කරන කෙනාගේ ජීවිතයටත් අනතුරුදායකයි. මෙතැනදීත් නීතියට අනුව අසාධාරණය වූ අයට සාධාරණය ඉටු කර වරදට දඬුවම දිය යුතුයි. අනික් පක්ෂවල නම් ඉතින් මෙහෙම දෙයක් වුනොත් මාට්ටු වෙන්නේ රියදුරා... මොකද ඔවුන්ට රියදුරන් ඉන්නවනේ. මෙතුමට එහෙම නෑනේ... එ්කනේ අවුල...
chandima Friday, 01 March 2019 05:45 PM
සේවයෙන් පැනලා ගිය නැතිනම් විශ්‍රාම ගිය හමුදාවේ කෙනෙක්, ගුරුවරයෙක්, පොලිස් නිලධාරියෙක්, වගේ කෙනෙක් අත්අඩංගුවට ගත්තම, ගුරුවරයා අල්ලයි, සෙබලා අල්ලයි, රාළහාමි අල්ලයි, දොස්තර අල්ලයි, කියලා පත්තරේ දානවා. හිටපු මන්ත්‍රී අල්ලපුවම ලොකුවට හිටපු මන්ත්‍රී කියලම දානවා. හරිම අසාධාරණයි...
Rajan wishwa Friday, 01 March 2019 08:59 PM
මේක ලංකාවේ වෙච්ච රිය අනතුරු වලින් එකක්. ඒකට තමයි රථ වාහන පොලීසිය ඉන්නේ. එයාලගේ රාජකාරිය එයාලා හරියට කරයි.
tommy Friday, 01 March 2019 09:48 PM
ගිය සුමානේ පොලිස් ලොක්කෙක්ගේ පුතා තවත් පොලිස් කාරයෙක් යට කරගෙන ගියාම, මුලින්ම පොලිස් ප්‍රකාශක කිව්වේ වාහනේ රියදුරු පමණක් නොවේ, අනිකුත් අයත් බීමත්ව සිටියා කියායි. තව දවස් දෙකකින් කිවා ඒ අය බීමත්ව සිටියේ නැහැ කියලා. ඒ වගේ, මේ සිද්ධියත් පොලිසියයි, රටේ දේශපාලකයොයි එකතුවෙලා ශේප් කර ගනියි. අද රජයේ ආයතනය ගැන මහජනයාගේ විශ්වාසනීයත්වය සම්පූර්ණයෙන්ම බිඳ වැටී ඇත....
udaya Friday, 01 March 2019 11:24 PM
මොවුන් පහුගිය ටිකේ රනිල්ට කත් ඇද්දා. ඕක තමයි පව් පඩිසන් දෙනවා කියන්නේ... අපි බලන් ඉන්නේ අනුර කුමාරය දිහා...
ධනුෂ්කSaturday, 02 March 2019 11:12 AM
කළකම් පල දෙනවා නම් පහුගිය අාණ්ඩුවේ රජවරු ටිකයි. අනිකුත් තුමන්ලා ටිකයි මෙලහකටත් අපායේ... දෙතිස්වදය විඳිනවා. දැන් අාණ්ඩුවේ අයටත් එහෙමයි. කවුරු හරි තර්ක කරයි යුද්දේ දිනපු හින්දා දිව්‍ය ලෝකේ යයි කියලා. බුද්ධාගමේ නම් එහෙම කියලා නෑ. යුද්ධය දිනපු එක වැරදියි කියනවා නෙමේ... එය සිදුවියම යුත්තක්... රටක නායකයෙක් එය කළම යුතුයි. මේ තර්කය අැදලාගත්තේ කලකම් පල දීම ගැන කියලා තිබ්බ නිසා....
BamunuarachchiSaturday, 02 March 2019 04:28 PM
මොනවද මේ කතා? කළකම් පල දුන්නාම දිව්‍ය ලෝකේ හෝ අපායටම යන්න ඕනේ නැත. කොහෙන්ද බුද්ධාගම ඉගෙනගත්තේ? ඉස්සෙලාම සිහි කරන්න දිව්‍යලෝකේ තිබෙන්නේත් අපාය තිබෙන්නේත් මේ ලෝකෙම තමයි. ඇමරිකන් නළු නිලියන් ගැන කියවා බලන්න ඔවුන් විඳින සම්පත්. ඉතින් යුද්දය දින්නාට මහින්ද මහතාව දෙසැරයක්ම මෙරටේ ජනාධිපති කලා. ඒක කළකම් පලදීමක්. ඒ අතරේ කළකම් නැවත පලදීම නිසා නැවත ජනාධිපති වෙන්න බැරිවී සාමාන්‍ය පුද්ගලයෙකු වුනා.
Chanak Los angelesSunday, 03 March 2019 03:44 PM
ජනාධිපති නොවී සාමාන්‍ය කෙනෙක් වෙන්න පලදීපු හේතුව ආසයි අප්පා දැනගන්න...
BamunuarachchiSunday, 03 March 2019 04:27 PM
නැවත බල සහිත අගමැතිවරයෙක් වීමට අවස්ථාව දීමට... කෙනෙකුට පිනක් ඵලදෙන්න යනවිට ඊට මාර්ගය සැලසෙනවා. බෙන්ස් එකක් හිමිවීමට වාසනාව තිබෙනවා නම් ලොතරැයියක් ගන්න හිත දෙනවා. උත්තරයෙන් සෑහීමකට පත් වුණාද චානක?
Sumudu Friday, 01 March 2019 11:26 PM
කෝ... බීලා කියලා නැහැනේ...
rayantha Friday, 01 March 2019 11:36 PM
හොඳ වැඩේ... දේවාලයක් දාලා කරා වගේ... සුළු වරදක් නම් කමක් නෑ.. වෙඩි තියන්න ඕනෑ.
sumudu Friday, 01 March 2019 11:47 PM
මෙතන බීලා කියලා නැහැ... ඒ වුණත් ඔහු හොඳට අරක්කු බොන කෙනෙක් විය යුතුයි. ජෙප්පෝ කියන්නෙත් හොඳට කන බොන අය කියා ඔප්පු කළ යුතුයි. ජනතාව විනයගරුක නීතිගරුක මිනිසුන්ට ඡන්දෙ දෙන්නේ නැහැ... ඔබලාට බලයට එ්මට නම් අපරාධ කළ යුතුයි. නැතිනම් මේ රටේ මිනිස්සු ඡන්දෙ දෙන්නේ නැහැ... ජය වේවා!!!
anura Saturday, 02 March 2019 02:22 AM
මම මෙතෙක් කල් හිතාගෙන හිටියේ සහෝදරයෝ ගමන් බිමන් යන්නේ ත්‍රී වීලර් වල කියලා. දැන්නේ තේරෙන්නේ එ් ගොල්ලන් ගාවත් පෙජරෝ වගේ වාහන තියෙනවා කියලා. කොහොම වුණත් එතුමා ප්‍රාදේශීය නිෂ්පාදනයක් වෙන්නැති පාවිච්චි කරලා තියෙන්න ඇත්තේ... එතකොටනේ ස්වදේශීය කර්මාන්ත දියුණු වන්නේ...
RaveendraSaturday, 02 March 2019 05:09 AM
ප්‍රාදේශීය නිෂ්පාදනවල තත්වපාලන ගැටළුවක් මේ හොයියට ගැටළුවක් වුණාද මන්දා? එහෙමත් නැත්නම් ලඟ ලඟ එන " බුරුවන් තේරීමේ මහා තරගයේ මම ලොකුම බූරුවා වෙමි" යන සිහිනය දකිමින් මේ "බටු සනිය" පැදෙව්වද මන්ද?
NuwanSaturday, 02 March 2019 09:03 AM
ජවිපය භාවිත කරන්නේ ටොයෝටා ඩබල් කැබ් පමණයි. නොදන්නා මගුල් කියන්න එපා. එය පක්ෂ ප්‍රතිපත්තියක් අලුත් එකක මිල ලක්ෂ 100යි. උපරිම, අනිත් පක්ෂවල අය පාවිච්චි කරන ලන්ද කෘෘසර් එකක් ලක්ෂ 300 400ක් වෙනවා.. අනුර කුමාර මහතා ගේ කැබ් රථයත් වසර ගණනකට පෙර අනතුරකට ලක්වුණා අනුරාධපුරයේදී...
BamunuarachchiSaturday, 02 March 2019 11:24 PM
කැබ් රථයයි පැජරෝ එකෙයි වෙනස නොදැන වාහන අනතුරු ගැනයි කාගේවත් දේශපාලන විස්තරයි හොයනවා.
sg Saturday, 02 March 2019 03:20 AM
ජවිපෙ ඉන්නේ මනුස්සයෝ නොවේද?
Bandula. Saturday, 02 March 2019 03:51 AM
කාගේ අතිනුත් වැරදි වෙනවා. එ්ත් රතු අලින්ට නම් මේවා තේරෙනවා අඩුඇති, කෝකටත් බීලද කියලා බලලා අර අහිංසකයින්ට සාධාරණයක් කලොත් ඒ ඇති...
ගල්කටස් Saturday, 02 March 2019 03:59 AM
සාමාන්‍ය සිද්ධි... මෙව්වා රටේ වෙන ප්‍රශ්න නැතිව වාගේ විකාර පස්සෙ අපි දුවනවා. ලංකාවේ හැම වර්ගයේම දේශපාලනය කරන්නන් 80% මොනවා හරි බොනවා ජෙප්පො හොරෙන් ගහලා බොන්නෙ නැහැ කියන බොරුව ගැන තමයි කැත... කෙසේ වෙතත් පාඩුව අහිංසක පවුලට තමයි නීති තිබ්බට එ්වා ක්‍රියාත්මක වීම තමයි ප්‍රශ්නය....
KANDEPOLA Saturday, 02 March 2019 04:31 AM
මාර්ග අනතුරක් නිසා නීතියෙන් විසඳාගන්නට ඉඩ හැර අපි අපේ වැඩක් බලා ගමු. ඇරත් ජෙප්පෝ හිතන් හිටියට ඒ අය හරි වෙනස් කියලා... අපි දන්නවනේ එයාලගේ ඇති වෙනසක් නෑ කියලා. මොකද ඒ අයත් සකල සිරින් පිරි සිරි ලංකාවේ උතුම් සෙට් එකේම කොටසක්නේ...
chris Saturday, 02 March 2019 06:45 AM
ශ්‍රී ලංකා දේශපාලන අවජාතකයේ තවත් නළුවෙක්..
Perakum Saturday, 02 March 2019 07:42 AM
මෙයා රූපවාහිනි සාකච්ඡාවලට එන්නෙත් හොඳට දාලා තමයි. එක දවසක් බලාහිටපු අපට හිතුණා ඇයි මේ වැඩසටහන වහාම නවත්තන්නේ නැත්තේ කියලා. එයා ඒ තරමට බීලයි හිටියේ. සාකච්ඡාව මෙහෙය වූ නිවේදිකාව ඉතා අපහසුතාවයකට පත් වුණා.
Asanka Saturday, 02 March 2019 08:59 AM
කිසිම සමාවක් දෙන්න බැහැ මේ වරදට..., ඔන්න හොඳට බීලා ඔය පළාතේ ට්‍රැෆික් ඕ.අයි.සී මහත්තයව මැරෙන්නම යටකරන් නොනවත්වා ගියානම්, හොරෙන්ම නඩුව අහලා එළියට දාන්න තිබ්බා.
hesa Saturday, 02 March 2019 11:01 AM
ඕකත් ගොඩයයි. අගමැති තුමාගෙන් කෝල් එක ආ ගමන්ම...
Bamunuarachchi Saturday, 02 March 2019 02:27 PM
අපි මෙතනදී ලාල්කාන්ත මහතා ඔබ අපි වගේ රටේ පුරවැසියෙකු හැටිය හිතමු. ඔහුගේ දේශපාලනය කිසිසේත්ම මේ ඇක්සිඩන්ට් එකට අදාළ නැත.
Bamunuarachchi Saturday, 02 March 2019 02:46 PM
ලාල්කාන්ත මහතා මම දේශපාලන වශයෙන් ඔබලාට විරුද්දයි. ඒක වෙනම දෙයක්. නමුත් රිය අනතුරක් වුනාම ඔබලාගේ දේශපාලන විස්තරය හොයන මේ අයගෙන්ද ඔබලා ඡන්දය බලාපොරොත්තු වෙන්නේ? මොවුන් එජාපයටම හරියන මිනිස්සු.