(ක්‍රිෂාන් ජීවක ජයරුක්)
එක්සත් ජාතික පක්ෂයේ මාතර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වු ජස්ටින් ගලප්පත්ති මහතා අද(24) කොළඹ පෞද්ගලික රෝහලක දී අභාවප්‍රාප්ත විය.
 
මිය යන විට 68 වැනි වියේ පසු වූ ඒ මහතා එක්සත් ජාතික පක්ෂයේ දෙවිනුවර ආසන සංවිධායක චතුර ගලප්පත්ති මහතා ඇතුළු දූ දරුවන් තිදෙනෙකුගේ පියෙකි.
 
මුල්කාලීනව මාතර ප්‍රසිද්ධ රසායන විද්‍යා උපකාරක පන්ති ගුරුවරයෙකු වූ ගලප්පත්ති මහතා හිටපු රාජ්‍ය අමාත්‍ය පී.එස්.එල්.ගලප්පත්ති මහතාගේ පෞද්ගලික ලේකම්වරයා ලෙස ද කටයුතු කළේය.
 
1988 වසරේ දී පළමු වරට දකුණු පළාත් සභාවට ඉදිරිපත් වී ජයග්‍රහණය කළ ඒ මහතා එතැන් සිට 2014වසර වන තෙක් එහි මන්ත්‍රීවරයෙකු, ඇමතිවරයෙකු හා විපක්ෂ නායකවරයෙකු ලෙස කටයුතු කර ඇත.
 
ඒ අතරතුරදී 2001-2003 එක්සත් ජාතික පක්ෂ ආණ්ඩු සමයේ දී ඒ මහතාට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කිරීමට ද අවස්ථාව හිමි විය.2014වසරේ දී මැතිවරණයට තරග නොකළ ඒ මහතා මිය යන තෙක්ම වසර 30කට වැඩි කාලයක් දේශපාලනයේ නිරත විය.
 
ඒ මහතාගේ අවසන් කටයුතු හෙට (26) පවුලේ සුසාන භූමියේදී සිදුකිරීමට නියමිතය.
								
									
										
											2025 ඔක්තෝබර් මස 08										
										
										 1934										
										
											 0										
									
								හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
								
									
										
											2025 ඔක්තෝබර් මස 01										
										
										 1535										
										
											 0										
									
								2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
								
									
										
											2025 සැප්තැම්බර් මස 23										
										
										 538										
										
											 0										
									
								ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
හිටපු පා. මන්ත්‍රී ජස්ටින් ගලප්පත්ති අභාවප්‍රාප්ත වෙයි
සරත් ජයසුරිය Tuesday, 24 December 2019 11:10 PM
ඔහු පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ විද්‍යා උපාධිධරයෙකි. විශිෂ්ඨ රසායන විද්‍යා උපකාරක පන්ති ගුරුවරයෙකි. ඔහුට නිවන් සුව පතමු...
jayath Wednesday, 25 December 2019 01:21 AM
මොනවා උනත් හොඳ ගුරුවරයෙක්.