IMG-LOGO

2025 දෙසැම්බර් මස 06 වන සෙනසුරාදා


හිටපු පොලිස් අධිකාරී උඩුගම්පොළට එරෙහි නඩුවේ වැඩිදුර විභාගය මාර්තු 23

(මනෝප‍්‍රිය ගුණසේකර)

හිටපු සහකාර පොලිස් අධිකාරී කුලසිරි උඩුගම්පොළ මහතාට එරෙහිව නීතිපතිවරයා විසින් පවරා ඇති නඩුවේ වැඩිදුර විභාගය ලබන වසරේ මාර්තු 23 වැනිදා පැවැත්වීමට කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳි මහතා අද (25) නියම කළේය.

2002 ජනවාරි මස 02 වැනිදාත් සැප්තැම්බර් මස 03 වැනිදාත් අතර කාලයේ කොළඹ, අතුරුගිරිය, මහනුවර සහ කටුගස්තොටදී ශ්‍රී ලංකා ජනරජයේ ආරක්‍ෂාවට හා යහපතට හානිදායක විය හැකි ආකාරයට කටයුතු කරමින් ශ‍්‍රී ලංකා ජනරජයේ  ස්වෛරීභාවය හා භෞමික අඛණ්ඩතාවය රැකගැනීමේ කාර්යයේ යෙදී සිටි ශ්‍රී ලංකා යුද හමුදාවේ දිගුදුර විහිදුම් බලකා නිලධාරීන් රැඳී සිටි අතුරුගිරිය ‘‘මිලේනියම් සිටි’’ නිවාස සංකීර්ණයේ යුද හමුදා ආරක්‍ෂක නිවාසය පිළිබඳව, එහි රැඳී සිටි යුද හමුදා බුද්ධි නිලධාරීන් පිළිබඳව, ඔවුන් සිදු කරන මෙහෙයුම් පිළිබඳව හා ඔවුන් ඒ සඳහා භාවිතා කරන උපකරණ පිළිබඳව රහස් රැස් කරන ලදැයි විත්තිකාර හිටපු සහකාර පොලිස් අධිකාරී කුලසිරි උඩුගම්පොළ මහතාට එරෙහිව නීතීපතිවරයා විසින්  චෝදනා නඟා තිබිණි.

එලෙස රැස් කරන ලද රහස් පදනම් කරගනිමින් ‘‘මිලේනියම් සිටි’’ ආරක්‍ෂක නිවස වටලන ලද බවටද එලෙස වටලා එහි සිටි හමුදා නිලධාරීන් එහි තිබූ රහස් ලිපි ගොනු අත්අඩංගුවට ගෙන ඒවා ප‍්‍රදර්ශණය කළ බවටද හමුදා නිලධාරීන් කුරුඳුවත්ත හා කටුගස්තොට පොලිස්ථාන වලට මෙන්ම මහනුවර නිල සුනඛ අංශයට රැගෙන ගොස් ප‍්‍රදර්ශණය කළ බවටද එම නිලධාරීන් දින 10ක්  මහනුවර හා කටුගස්තොට පොලිස්ථාන වල රඳවා තබා ඉන් අනතුරුව නෛතික පදනමකින් තොරව ඔවුන්ට එරෙහිව මහනුවර මහෙස්ත‍්‍රාත් අධිකරණයේ  නඩුවක් පැවරූ බවටද නීතීපතිවරයා විසින් වැඩිදුරටත් චෝදනා නඟා ඇත.

කොටි ත‍්‍රස්ත‍්‍රවාදීන් පිළිබඳ තොරතුරු රැස් කළ ශ්‍රී ලංකා යුද හමුදාවේ දිගුදුර විහිදුම් බලකා නිලධාරීන්ගේ ඡායාරූප ලබාගෙන හා ඔවුන් වීඩීයෝ ගතකර ඔවුන් පිළිබඳ තොරතුරු පිටස්තර අයට දැනගැනීමට සැළැස්වීම නිල රහස්‍ය පනත යටතේ දඩුවම් ලැබිය යුතු වරදක් බවටද නීතීපතිවරයා චෝදනා පත්‍රයේ සඳහන් කර ඇත.

මෙම නඩුව කැඳවනු ලැබූ අවස්ථාවේදී විත්තිකාර හිටපු සහකාර පොලිස් අධිකාරි කුලසිරි උඩුගම්පොළ මහතා අධිකරණයේ පෙනී සිටියේය.

මෙම නඩුව කැඳවනු ලැබූ අවස්ථාවේදී ඉදිරිපත් වූ කරුණු සැළකිල්ලට ගනිමින් නඩුවේ වැඩිදුර විභාගය ලබන වසරේ මාර්තු 23 වැනිදා දක්වා කල් තැබූ විනිසුරුවරයා පැමිණිල්ලේ අංක 06 සාක්කිකරුට එදින අධිකරණයේ පෙනී සිටින ලෙස නියම කරමින් සිතාසි නිකුත් කළේය.

විත්තිකරු වෙනුවෙන් නීතීඥ චමීර හපුතන්ත්‍රී සහ නීතීඥ පසිඳු තිලකරත්න සමඟ ජනාධිපති නීතීඥ සාලිය පීරිස් මහතා පෙනී සිටියේය.

 

 



අදහස් (0)

හිටපු පොලිස් අධිකාරී උඩුගම්පොළට එරෙහි නඩුවේ වැඩිදුර විභාගය මාර්තු 23

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 181 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 372 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 382 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site