(අනීෂා මානගේ)
වීරකැටිය ප්‍රාදේශීය සභාවේ හිටපු එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරයකු කේරළ ගංජා සුඛෝපභෝගී කැබ් රථයකින් ප්‍රවාහනය කරමින් සිටියදී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්යය බළකායේ හම්බන්තොට කඳවුරේ නිලධාරීහු පවසති.
මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ වීරකැටිය ප්‍රාදේශීය සභාවේ හිටපු එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරයෙකි.
සැකකරු හම්බන්තොට සාමෝදාගම ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ගෙන ඇත.
කැබ් රථයකින් කේරළ ගංජා බෙදාහැරීමට යමින් සිටියදී ඔහු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
හිටපු මන්ත්‍රීවරයා තංගල්ල විතාරන්දෙණිය ප්‍රදේශයේ ද රියැදුරු වීරකැටියේ පදිංචිකරුවකු වන බව පොලිසිය සඳහන් කරයි.
කේරළ ගංජා ප්‍රවාහනය කළ කැබ් රථය ද පොලිස් බාරයට ගෙන තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රන්ජන්ගේ කතා හරි ඉතින්... ඕව යට ගැහුවට කියන කතා වල ඇත්තක් නැත්තේම නැහැ... ලංකාවේ වැරදි වැඩ කරන තරමක් කරන්නේ මහ උන්... පොඩි එකාට මොනා වුනත් ලැජ්ජ බය තියනවා...ලොකු ලොකු පුටු වලට හියහම ඒගොල්ලෝ තමා කෙරුමෝ කියලනේ හිතන්නේ... ඔතන තමා හුගක් මිනිස්සුන්ට කෙළවෙන තැන... කවදාටත් මට නම් ලංකාව ගැන කලකිරීමක් තියනවා..
ඊ ලග පාර පළාත්සභා ඉල්ලන්න සුදුසුකම් ලබන ලදී...
සුදුසුකම් හරිද? උසනම් කොකේන්, මිටි නම් කේරල ගංජා? මේ දිනවල වැඩිම ඉල්ලුම්...