
(අජිත්ලාල් ශාන්තඋදය)
හිටපු පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ ජනරාල්වරයකු වූ ආචාර්ය ශිරාන් දැරණියගල (79) අද පෙරවරුවේ අභාවප්‍රාප්ත විය.
විශ්‍රමිකව සිටි හිටපු පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා කුරුවිට එක්නැළිගොඩ වලව්වේ ජීවත්වූ අතර පාහියන්ලෙන ආශ්‍රිතව කැනීම් ආරම්භ කරන ලද්දේ ශිරාන් දැරණියගල මහතාගේ ප්‍රධානත්වයෙනි.
පෝල් එඩ්වඩ් පීරිස් දැරණියගල ( පී.ඊ.පී. දැරණියගල) මහතා ශිරාන් දැරණියගල මහතාගේ පියා විය. මව ප්‍රීති මොලමුරේ මහත්මියයි. පවුලේ තුන්වැන්නා ශිරාන් දැරණියගල මහතායි.
ඓතිහාසික එක්නැළිගොඩ පරපුර ඔහු නියෝජනය කරයි.
ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයෙන් මුලික අධ්‍යාපන ලැබූ ශිරාන් දැරණියගල මහතා වාස්තු විද්‍යාව සහ සංස්කෘතික භාෂාව සම්න්‍ධයෙන් කේම්බි්‍රජ් විශ්ව විද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී සහ ශාස්ත්‍රපති උපාධි ලබා ඇත. ලන්ඩන් විශ්ව විද්‍යාලයේ පුරා විද්‍යාව සම්බන්‍ධයෙන් ගෞරව පන්තියේ උපාධියක් හිමිකරගෙන ඇත.
1968 දී කැනීම් අංශයේ සහකාර කොමසාරිස්වරයකු ලෙස පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට එක්විය. බුලත්සිංහල පාහියන්ලෙන ආශ්‍රිව පුරාවිද්‍යා කැණීම් 1968 දී මුල්වරට ආරම්භ වන්නේ ද ආචාර්ය ශිරාන් දැරණියගල මහතාගේ මූලිකත්වයෙනි. ඒ අනුව පුරාවිද්‍යාත්මක සාධක සහිත මිනිස් සුසානයන් පාහියන්ගලින් සොයාගන්නේ ද ආචාර්ය ශිරාන් දැරණියගල මහතා විසිනි.
අනුරාධපුර ගෙඩිගේ ආශ්‍රීතව පුරාවිද්‍යා කැණීම් 1969 දී මුලින් ම ආරම්භ කරන්නේ ද ආචාර්ය ශිරාන් දැරණියගල මහතාගේ උපදෙස් අනුවය. වසර එක් ලක්‍ෂ තිස් දහසකට පෙර ලංකාවේ නැගෙනහිර වෙරළ ආශ්‍රිතව ‘ඉරණමඩු පාංශු සංගතිය’ සම්බන්‍ධයෙන් ශිරාන් දැරණියගල මහතා කළ ගවේෂණය ඇතුළත් නිබන්ධනයට හාවඩ් විශ්ව විද්‍යාලය මගින් 1988දී ආචාර්ය උපාධියක් පිරිනැමීය.
1992 සිට 2001 දක්වා ලංකාවේ පුරා විද්‍යා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා ලෙස කටයුතු කළේ ද ආචාර්ය ශිරාන් දැරණියගල මහතායි. ශ්‍රීලංකාවේ පුරාවිද්‍යා අධක්‍ෂ ජනනරාල් තනතුරේ පියපුතු දෙපලක් සේවය කිරීමේ ගෞරවය ලබාදුන්නේද ශිරාන් දැරණියගල මහතාටය.
ශ්‍රීලංකාවේ පැරණිම මානවයා විසු බවට පුරා විද්‍යා සාධක සොයාගත් කුරුවිට ඓතිහාසික බටදොඹ ලෙනට කිලෝමීටර් දෙකක පමණ දුරකින් ආදාර්ය ශිරාන් දැරණියගල මහතා ජීවත්ව ඓතිහාසික එක්නැළිගොඩ වලව්ව පිහිටා ඇත.
අභාවප්‍රාප්ත ශිරාන් දැරණියගල මහතාගේ දේහය සම්බන්‍ධයෙන් හදිසි මරණ පරීක්‍ෂණය මරණය සිදුවු එක්නැලිගොඩ වලව්වේ දි පවත්වන බව පොලිසිය පැවසුවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අජරාමර නිවන් සුව ලැබේවායි පතමි
ඔබතුමන්ට නිවන් සුව!
ඔබතුමාට නිවන්සුව ප්‍රාර්ථනා කරනවා
තවත් විශිෂ්ඨයෙකුගේ සමු ගැනීම. නිවන් සුව ලැබේවා..!
සුබ ගමන් වියතාණනි...! ඔබේ අඩුව පිරවිය නොහැකි එකක්...
ඔබතුමා කළ සේවයට හිස නමා ගෞරව කරන අතර අජරාමර උතුම් වූ නිවන් සම්පත්තිය ලැබේවා කියා පතමි...
ඔබතුමා විසින් මතු කරගත් වසර 11,000 ක් පැරණි ආනුරධපුර නගරය දැන් නැවත වැලලෙමින් ඇත. වත්මන් පාලකයින්ට සල්ලි හොයනවා මිස අපේ අතීත උරුමයන් රැකගැනීමට අවශ්‍යතාවයක් නැත. ඔබතුමා රටට කළ මෙහෙය අමරණීයයි...
ඔබ වැනි වටිනා ලංකා පුත්‍රයෙක් අපට අහිමි විම පිරිමැසිය නොහැකි පාඩුවකි . ඔබතුමා නිවනින් සැනසෙත්වා.!
ඔබ වැනි වටිනා ලංකා පුත්‍රයෙක් අපට අහිමි විම පිරිමැසිය නොහැකි පාඩුවකි. ඔබතුමා නිවනින් සැනසෙත්වා !
ඔහු පුරාවිද්‍යා ක්ෂේත්‍රය පිළිබඳ ඉතා දැනුමක් ඇති ප්‍රවීණයෙකි. කනගාටුවට කරුණක් නම් ශ්‍රේෂ්ඨ පුද්ගලයෙක් අහිමි වීමයි .. ඔහුගේ ආත්මයට නිවන් සුව ලැබේවා