IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


හිටපු නාවික හමුදාපති ගැන පරීක්ෂණය කල්යයි

(නිමන්ති රණසිංහ)
 
හිටපු නාවික හමුදාපති වර්තමාන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා සම්බන්ධ පරීක්ෂණය ලබන අප්‍රේල් මස 17 වැනිදා තෙක් කල් තැබීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා අද (3) නියෝග කළේය. 

කොටහේන ප්‍රදේශයේ පුද්ගලයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කළැයි කියන සිද්ධියේ සැකකාර ලුතිනන් කමාන්ඩර් චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි හෙවත් “නේවි සම්පත්” යන අයට සැඟව සිටීමට ආධාර අනුබල දුන්නැයි ඔහුට එරෙහිව ඇති චෝදනාව වේ.

මෙම සිද්ධියට අදාළ මහේස්ත්‍රාත් පරීක්ෂණය අද (03) අධිකරණය හමුවේ යළි කැදවූ අවස්ථාවේදී මෙම කරුණු ඉදිරිපත් වූ අතර, සිද්ධියේ පළමු සැකකරු වූ ලක්සිරි අමරසිංහ සහ දෙවැනි සැකකරු වූ අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න යන අයවලුන් ඇප මත සිටිමින් අධිකරණය හමුවේ පෙනී සිටියහ.

මෙහි පළමු සැකකරුට රුපියල් දස දහසක මුදල් සහ රුපියල් ලක්ෂ දෙකක ශරීර ඇපයක් මත සහ මෙහි දෙවැනි සැකකරුට රුපියල් ලක්ෂ 10ක ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට අධිකරණය නියෝග කර තිබිණී.



අදහස් (10)

හිටපු නාවික හමුදාපති ගැන පරීක්ෂණය කල්යයි

Bamunuarachchi Wednesday, 03 April 2019 08:36 AM

2020 වෙනතුරු කල්දා ගන්න ඉතුරු හරිය අපි බලා ගන්නම්...

:       61       61

KANDEPOLA Wednesday, 03 April 2019 08:58 AM

කල් ගිහිල්ල කල් ගිහිල්ලා නැති වෙලාම යයි.

:       2       48

රේසර් රෙමෝ Wednesday, 03 April 2019 10:20 AM

ඔක්කොම හොරු, තම තමන්ගේ වාසියට මේ අය ඉන්න කං රට දියුණු වෙන්නෙ නැහැ.

:       16       38

Nihal Wednesday, 03 April 2019 12:16 PM

මාගම්පුර වරායේදී පුවත්පත් වාර්තාකරුවෙකුට ගහපු එක යට ගැහුවද? මොකද වුනේ? රණවිරුවෝ කියලා නීතියේ වෙනසක් නැහැනේ...

:       0       15

SenanayakeThursday, 04 April 2019 02:23 AM

රණවිරූවෝ යයි කියන පිරිස කරන රැකියාවත් ඔයා කරන රැකියාවත් අතර වෙනසක් තියනවද. මතක තියා ගන්න අපේ රණ විරුවෝ කිසිම අහිංසක මිනිහෙක් ව නිරපරාදේ මරලා නැති බව. දැන් වෙන්නේ දේශපාලන උවමනාවක්. විග්නේශ්වරන් ලාත් සුමන්තිරන් ලාත් මේක හොදටම දන්නවා. නමුත් තමුන්ගේ ලාබය සදහාත් ඩයස්පොරාවෙන් ලැබෙන මුදල් දිගටම ලබා ගැනීම සදහාත් ඔවුන් මෙය වහගෙන ඉන්න වා. ඩයස්පෝරා වට ඒ රටවල සැප ජිවිතේ ගෙනියන්න ලංකාවේ ප්‍රශ්න අවශ්‍ය යයි . කණගාටුව ලාංකික වන ඔබ ත් මේ උගුල් වලට උල් පන්දම් දෙන එකයි.

:       1       0

amila Wednesday, 03 April 2019 01:35 PM

මාගම්පුර වරායේදී පුවත්පත් වාර්තාකරුවෙකුට ගහපු එක හොඳයි. එයේ එයාලට වෙනම නීතියක් තියෙනවද? එතුමා කරපු දේ නිසා ලංකාවට වෙන්න ගිය අපකීර්තිය නැති වුණා.

:       0       1

Chanak Los angelesThursday, 04 April 2019 02:01 AM

මෙන්න තවත් බමුණෙක් ..

:       0       0

BamunuarachchiSaturday, 06 April 2019 10:31 AM

බමුණන්ගේ අදහස් ගැන කතා කරන්නේ මේ ගොබ්සන්ට තමන්ගේ කියලා අදහසක් නැද්ද ඉදිරිපත් කරන්න. බමුණුලා ඉදිරිපත් කරන්නේ ඒ ගොල්ලන්ගේ කෙලින් අදහස්. මට ෆ්‍රෙඩී සිල්වාගේ පාන්කිරිත්තා සින්දුව මතක් වෙනවා. තමන්ගේ විරුද්ධ අදහස කියනවා වෙනුවට මෙතන කීචි බීචි ගාල හරියනවද ගොබ්සන්?

:       0       0

BamunuarachchiSaturday, 06 April 2019 10:32 AM

කන පැලෙන්න ගැසුවා නම් තමයි හොඳ නේද?

:       0       0

rocky Thursday, 04 April 2019 02:15 AM

නඩුත් හාමුදුරුවන්ගේ - බඩුත් හාමුදුරුවන්ගේ !

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 689 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 329 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1116 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site