( නිමන්ති රණසිංහ )
හිටපු නාවික හමුදාපති ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී රවීන්ද්‍ර විජේගුණරත්න මහතා ලක්ෂ 10 ක ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට කොළඹ කොටු මහෙස්ත්‍රාත් රංග දිසානායක මහතා අද (05) නියෝග කළේය.
ඇප මත සිටියදී කිසිදු අයුරකින් විමර්ශනවලට බාධා නොකළ යුතු බවත් තනතුර පාවිච්චි කරමින් සාක්කිකරුවන්ට බලපෑම් නොකළ යුතු බවත් විශේෂයෙන්ම ලුතිනන් කමාන්ඩර් ගලගමගේ ලක්සිරි යන නිලධාරීයාට බලපෑම් නොකළ යුතු බවට ද මහෙස්ත්‍රාත්වරයා එහිදී නියෝග කළේය.
දැනුම්දෙන ඕනෑම අවස්ථාවකදීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටිය යුතු බවත් යම් හෙයකින් ඇප කොන්දේසි කඩ කළහොත් ඇප කොන්දේසි අවලංගු කර යළි රක්ෂිත බන්ධනාගාරගත කරන බවද මහෙස්ත්‍රාත්වරයා මෙහිදී පැවසීය.
පුද්ගලයින් 11 දෙනකු අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළව එහි ප්‍රධාන සැකකරුවන ලුතිනන් කමාන්ඩර් චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි නොහොත් නේවි සම්පත්ට රැකවරණය ලබා දුන්නැයි කියන සිදුවීම සම්බන්ධයෙන් හා එම සිද්ධියේ ප්‍රධාන සාක්කිකරුවකු වන නාවික හමුදා ලුතින්න කමාන්ඩර් ගලගමගේ ලක්සිරි නැමැත්තාට තර්ජනය කිරීම හිටපු නාවික හමුදාපතිවරයාට එරෙහිව ඇති චෝදනා වේ.
ඡායාරූප - ළහිරු හර්ෂණ



COMMENTS
ගොඩක් හොඳයි ඇප ලැබුණු එක. හොරුන්ගේ නඩු පහුගිය වසර 3ක් පුරාවට කල් යන්නේ මාස ගණන්වලින් ... ඒ මදිවට අත්අඩංගුවට ගන්න එපා කියලා උසාවි නියෝගත් ගත්තා. රටේ ධනය අම්මගේ අප්පගේ බූදලය වගේ. මෙතුමා අත්අඩංගුවට ගන්න එපා කියලා උසාවි ගියේ නැහැ. හිරගතකළ දවසේ ඉඳලා හොරුවගේ හොරට ලෙඩ වුණේ නැහැ. මේ දේ හිතන්නේ නැහැ කවුරුත්..
චුදිත්යෙකුට රටෙන් පැනයන්න සහයදීම යහපත් ක්‍රියාවක්ද. ඒ වැනි ක්‍රියාවලට සහය දෙන කෙනෙක් උසාවියේ නියමයෙන් අත්අඩංගුවට ගන්න එක අමුතු දෙයක් නොවේ. රටක් දියුණු වෙන්නේ සියලුදෙනාම නීතිගරුක වෙන්න ඕන.
මෙවන් නිලධාරීන්ට ඇප දීමෙන් සාක්ෂි විනාශ වීමට ඉඩ තිබෙනවා.
මොහුගේද වැරදි ඇත.... නමුත් මේ සුළු වැරදි විශාල කොට පුම්බා, නොකෙරූ ලොකු වැරදි වලට හසු කිරීම කණගාටුදායකයි..... මොහු මහා විරුවෙක්.........
දැන් ඔය මහා ලොකුවට මානව හිමිකම් ගැන කථා කරන NGO නඩ යුද්ධේ කාලේ බස් වල බෝම්බ පිපිරීමෙන් අහිංසක මිනිස්සු මැරෙන කොට වචනයක් වත් කථා කලේ නැහැ. රණවිරුවෝ නොහිටින්න තව කීයක් අහිංසක මිනිස්සු මැරිලද දන්නේ නැහැනේ.
ලංකාව ගැන බොහොම කලකිරීමක් තියෙන්නේ....