IMG-LOGO

2024 දෙසැම්බර් මස 10 වන අඟහරුවාදා


හිටපු දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා - දුම්රිය වාණිජ්‍ය අධිකාරීවරයා නිදහස්

(මනෝප‍්‍රිය ගුණසේකර)

දුම්රිය දෙපාර්තමෙන්තුවේ ස්ථාවර හා ජංගම භෝජනාගාරය ගිවිසුමකින් තොරව පුද්ගලයකුට පවත්වාගෙන යෑමට ඉඩ ලබා දුන් බවට චෝදනා ලැබ සිටි හිටපු දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා සහ හිටපු දුම්රිය වානිජ්‍ය අධිකාරීවරයා කොළඹ මහාධිකරණ විනිසුරු ධම්මික ගනේපොල මහතා විසින් නිදහස් කරන ලදී.

දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා ලෙස කටයුතු කළ ලලිතසිරි ගුණරුවන් සහ දුම්රිය වානිජ්‍ය අධිකාරීවරයා ලෙස කටයුතු කළ තිලක් නන්දන නාලක බණ්ඩාර මහත්වරුන්ට එරෙහිව අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් පවරා තිබු නඩුවේ අධිචෝදනා පත‍්‍රය අල්ලස් කොමිසම විසින්ම ඉල්ලා අස්කර ගැනීම හේතූවෙන් ලලිතසිරි ගුණරුවන් සහ තිලක් නන්දන නාලක බණ්ඩාර මහත්වරුන් නිදහස් කිරීමට විනිසුරුවරයා නියම කළේය.

අල්ලස් පනත යටතේ විග‍්‍රහ කෙරෙන දුෂණය නැමැති වරදට එරෙහිව අල්ලස් කොමිසම විසින් මහාධිකරණයක් හමුවේ පවරන ලද මුල්ම නඩුව වශ්‍යයෙන් ඉතිහාස ගතවු මෙම නඩුවට එරෙහිව දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා ලෙස කටයුතු කළ ලලිතසිරි ගුණරුවන් මහතා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මුලික අයිතිවාසිකම් නඩුවක් පවරන ලද අතර එහිදී ගුණරුවන් මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ මනෝහාර ද සිල්වා මහතා ඉදිරිපත් කළ කරුණු අනුව අධිචෝදනා පත‍්‍රය ඉල්ලා අස්කර ගැනීමට එකඟ විය.

ඉන් අනතුරුව මහාධිකරණය හමුවේ මෙම නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී ශ්‍රේෂ්ඨාධිකරණයේදී වු එකඟතාවය අනුව අල්ලස් කොමිසම අදාළ අධිචෝදනා පත‍්‍රය ඉල්ලා අස්කර ගත් අතර ඒ අනුව එම නඩුවේ විත්තිකරුවන් වශයෙන් නම් කොට සිටි ලලිතසිරි ගුණරුවන් සහ තිලක් නන්දන නාලක බණ්ඩාර මහත්වරුන් නිදහස් කිරීමට විනිසුරුවරයා තීරණය කළේය.

අල්ලස් පනත යටතේ විග‍්‍රහ කෙරෙන දුෂණය නැමැති වරදට එරෙහිව මහෙස්ත‍්‍රාත් අධිකරණය හමුවේ නඩු පැවරිය යුතු බවට අල්ලස් පනතේ තිබු නියෝගය සංශෝධනය කරමින් පසුගියදා පාර්ලිමෙන්තුවෙන් නිකුත් කළ 2018 අංක 22 දරණ සංශෝධන පනත අනුව දුෂණය නැමැති වරදට එරෙහිව මහාධිකරණය හමුවේ පවරන ලද මුල්ම නඩුව වශයෙන් මෙම නඩුව හැඳින්වේ.

මෙම නඩුවේ අධිචෝදනා පත‍්‍රය බාරදීම සඳහා විත්තිකරුවන්ට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දෙමින් සිතාසි නිකුත් කොට තිබු අතර ඒ අනුව විත්තිකරුවෝ අධිකරණය හමුවේ පෙනී සිටියහ.

ඒ අවස්ථාවේදී පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි අල්ලස් කොමිසමේ නීතී නිලධාරිණිය අධිකරණය අමතමින් මෙම නඩුවේ විත්තිකාර ලලිතසිරි ගුණරුවන් මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයේ පවරන ලද මුලික අයිතිවාසිකම් නඩුවේදී මෙම විත්තිකරුවන්ට එරෙහි අධිචෝදනා පත‍්‍රය ඉල්ලා අස්කර ගැනීමට අල්ලස් කොමිසම එකඟතාවයකට පැමිණ ඇතැයිද ඒ අනුව මෙම නඩුව ඉල්ලා අස්කර ගැනීමට අවසර දෙන්නැයි ඉල්ලා සිටියාය.

අල්ලස් කොමිසමේ ඉල්ලීම පිළිගනිමින් අධිචෝදනා පත‍්‍රය ඉල්ලා අස්කර ගැනීමට අවසර දුන් විනිසුරුවරයා අධිචෝදනා පත‍්‍ර බාරදීමකින් තොරවම ලලිතසිරි ගුණරුවන් සහ තිලක් නන්දන නාලක බණ්ඩාර මහත්වරුන් නිදහස් කළේය.



අදහස් (0)

හිටපු දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා - දුම්රිය වාණිජ්‍ය අධිකාරීවරයා නිදහස්

ඔබේ අදහස් එවන්න

දියත

මැතිසබා සෞඛ්‍ය ලොක්කාට මාරුවක්
2024 දෙසැම්බර් මස 10 161 0

පාර්ලිමේන්තු සෞඛ්‍ය මධ්‍යස්ථානයේ වෛද්‍ය නිලධාරියා හදිසියේම වෙනත් ස්ථානයකට මාරු කර යවා ඇත.


රිදියගම සෆාරිය හැඩ කරන සිංහ පැංචෝ
2024 දෙසැම්බර් මස 09 14 0

හම්බන්තොට රුහුණු රිදියගම සෆාරි උද්‍යානයට සාමාජිකයන් ලෙස අලුත් සිංහ පැටැවු හය දෙනෙක් එක් වී තිබේ.


‘‘අල්ලස, දූෂණය නැති නොකළොත් සැමරුම් උත්සව ලබන වසරේ එපා‘‘
2024 දෙසැම්බර් මස 09 1864 0

කොපමණ නීති සම්පාදනය කළත්, කොපමණ ආයතන ගොඩනැගුවත් එහි බලධරයන් නිසියාකාරයට ක්‍රියාත්මක නොවන්නේ නම් පුරවැසියාට සාධාරණය ඉටු නොවන බව ජනාධිපති අනුර කුමාර ද


මාතලේ සහල් තොග සඟවන ජාවාරමක්
2024 දෙසැම්බර් මස 09 1212 1

මාතලේ දිස්ත්‍රික්කයේ ඇතැම් තොග වෙළඳසල් හිමියන් සහල් තොග සඟවාගෙන ජනතාවට අලෙවි නොකර සිටින සිද්ධීන් කිහිපයක් වාර්තා වී ඇතැයි මාතලේ දිස්ත්‍රීක් ලේකම් ත


ලයිට් බිල ගැන මහජන අදහස් විමසයි
2024 දෙසැම්බර් මස 09 324 1

විදුලිය ගාස්තු ලබන වසරේ මුල් මාස හය දක්වා එලෙසම පවත්වාගෙන යෑමට විදුලිබල මණ්ඩලය කළ යෝජනාව සම්බන්ධයෙන් මහජන අදහස් විමසීමට ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොම


මන්ත්‍රී අර්චුනාට එරෙහිව පැමිණිල්ලක්
2024 දෙසැම්බර් මස 09 1550 3

යාපනය ශික්ෂණ රෝහල වෙත ඇතුළු වී නොසන්සුන්ව හැසිරුණු බවට පවසමින් යාපනය, දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාමනාදන් අර්චුනා මහතාට එරෙහිව එම රෝහ


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී දෙනියාය ශාඛාව දැන් විවෘතයි 2024 දෙසැම්බර් මස 05 79 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී දෙනියාය ශාඛාව දැන් විවෘතයි

සම්පත් බැංකු සමූහයට පූර්ණ අනුබද්ධිත දිවයිනේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 52 වැනි ශාඛාව දෙනියාය, පල්ලේගම

සයිනෝපෙක් බලශක්ති කුසලතා වර්ධන වැඩසටහන සමගාමීව දියත් කිරීමත් සමඟ ශ්‍රී ලංකාවේ බලශක්ති අංශය ශක්තිමත් කිරීමට දායක වෙයි 2024 දෙසැම්බර් මස 03 218 0
සයිනෝපෙක් බලශක්ති කුසලතා වර්ධන වැඩසටහන සමගාමීව දියත් කිරීමත් සමඟ ශ්‍රී ලංකාවේ බලශක්ති අංශය ශක්තිමත් කිරීමට දායක වෙයි

බලශක්ති ක්ෂේත්‍රයේ ගෝලීය ප්‍රමුඛයා වන සයිනෝපෙක්, කොළඹ සහ බීජිංහි බලශක්ති කුසලතා වර්ධන වැඩසටහන සමගාමීව දියත් කිරීමත් සමඟ ශ්‍රී ලංකාවේ තවත් සුවිශේෂී ස

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 739 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

Our Group Site