IMG-LOGO

2025 සැප්තැම්බර් මස 16 වන අඟහරුවාදා


හිටපු ජනපති වගඋත්තරකරුවෙක් වෙයි

(තිළිණි ද සිල්වා හා රංජන් කටුගම්පොළ)

තමන්ව අනිවාර්ය නිවාඩු යැවීමට ගත් තීරණය අහෝසි කර යළි එම ධූරයේ පිහිටුවන ලෙස ඉල්ලා හිටපු පොලිස්පති පූජිත්  ජයසුන්දර මහතා ගොනු මූලික අයිතිවාසිකම් පෙත්සමේ වගඋත්තරකරුවෙකු ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පෞද්ගලිකව නම් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (03) පෙත්සම්කරුට අවසර ලබාදුන්නේය.

මෙම පෙත්සම අද අගවිනිසුරු ජයන්ත ජයසූරිය, එස්. තුරෙයිරාජා සහ ගාමිණි අමරසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ කැඳවූ අතර එහිදී පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා හිටපු ජනාධිපතිවරයා පෞද්ගලික වගඋත්තරකරුවෙකු ලෙස නම් කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියේය. ඒ අනුව එම ඉල්ලීමට අධිකරණය අවසර ලබා දෙන ලදී.

එහිදී පෙත්සම්කාර පාර්ශවය සහ නීතිපතිවරයා ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල අදාළ පෙත්සම සලකා බැලීම මැයි මස 26 වනදා තෙක් කල් තබන ලදී.

පාස්කු  ඉරු දින එල්ල කෙරුණු ත්‍රස්ත ප්‍රහාර මාලාවෙන් අනතුරුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කරමින් තමන්ව අනිවාර්ය නිවාඩු යැවීමට පියවර ගත් බවත්, තමන් මෙලෙස අනිවාර්ය නිවාඩු යැවීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ව්‍යවස්ථානුකූලව කිසිදු බලයක් නොමැති බව පෙත්සම්කාර පූජිත් ජයසුන්දර මහතා කියා සිටී.



අදහස් (15)

හිටපු ජනපති වගඋත්තරකරුවෙක් වෙයි

රවින් Monday, 03 February 2020 09:47 AM

හපොයි හපොයි ! සියලු විනිසුරුවන්ට ප්‍රවේශමෙන් මේ නඩුව විමසන්න කියන්න.

:       0       7

rama Monday, 03 February 2020 09:50 AM

එයාට බලයක් නැත්නම් කිව්වම ගියේ ඇයි ? ඒ වෙලාවේ කියන්න තිබුනනේ ඔබ කිව්වට මම යන්නේ නෑ කියලා.

:       62       6

siri Monday, 03 February 2020 09:54 AM

ඕකට විතරක් නෙවේ තව වින්නැහි බර ගණනකට වග උත්තර බඳින්න ඕනෑ කියලයි සමහරු කියන්නේ.

:       1       113

නිශාන්තMonday, 03 February 2020 10:16 AM

මේ වගේ අයගේ තොරතුරු රටට කිසිම වැඩක් නැති ප්‍රවෘත්ති. මේ අය හැකිතාක් මාධ්‍යයෙන් ඈත්කරලා තියන්න. එ්ක වඩාත් හොඳයි..!!!

:       1       10

siriMonday, 03 February 2020 11:44 AM

සහතික ඇත්ත. ඒ වගේම අර කැළණි පන්සල වැටිලා තියෙන කණගාටු දායක තත්වය ගැන නම් කතාකළාට අවුලක් නැහැ මගේ හිතේ. එකෝමත් එක කාලෙක කැළණි පන්සලේ විහාරාධිපති කමේ දන්න කෙනෙකුත් හිටියලුනේ ඉතින්.

:       0       33

deTuesday, 04 February 2020 01:51 AM

දැන් කිව්ව විදිහට පෙන්ෂන් ගිහින් කුඹුරට බහින්න කාලෙ හරි.

:       0       1

බද්රානි Monday, 03 February 2020 10:51 AM

පාස්කු බෝම්බ ප්‍රහාරයට ඍජුවම වගකිව යුතු පුද්ගලයා වන්නේත් මේ හිටපු ජනාධිපතිවරයා තමයි. ඔහුට එරෙහිව කවද්ද මේ රටේ නීතිය ක්‍රියාත්මක වෙන්නේ..?

:       0       767

විපරමා Monday, 03 February 2020 11:21 AM

දේශපාලුවන්ට මේ රටේ නීතිය වලංගු නැතුවා වගේ. හිරේට යන්න ඕනෑ අයත් රජ වෙලා. මහ පරිමාණයේ දූෂිත දේසපාලුවන් නිදහසේ, සුවසේ කවර කතාද...?

:       0       155

ලැවොයිසියර් Monday, 03 February 2020 11:52 AM

උන්දැ බේරිලා ඉන්නේ ඩීල් බලයෙන් වෙන්න ඇති...

:       0       159

sirimal Monday, 03 February 2020 11:53 AM

උපුටා ගැනීමක් "මේ මහත්තයට නාමයෝජනා ලබාදීමට එරෙහිව පොදුජන පෙරමුණේ පොලොන්නරුව දිස්ත්‍රික් නායක රොෂාන් රණසිංහ අමාත්‍යවරයා සහ අමාත්‍ය ප්‍රසන්න රණතුංග ඇතුළු විශාල පිරිසක් විරෝධය පළකර ඇති බව කියනවා. ප්‍රසන්න රණතුංග මහතා ද ඊයේ (02) ගාල්ල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේවග කියා තියෙනවා. මේ අතර, 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඇතුළු තමන්ට මුහුණ පෑමට සිදුව ඇති ගැටළු ගණනාවක් ඇතිකිරීමට මූලික වූ පුද්ගලයා ලෙස මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ එක්ව ප්‍රචාරණ ව්‍යාපාරයක නිරත වීම තමන්ට දැඩි ලෙස අවාසි සහහත බව පොදුජන පෙරමුණේ ඉදිරි පෙළ ක්‍රියාකාරික දේශපාලනඥයින් ගණනාවක්ම පක්ෂ නායකත්වය වෙත පෙන්වා දී ඇති බවත් කියනවා. පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාර මාලාවට වසරක් පිරෙන කාලය ආසන්නයේදී මහමැතිවරණය පැවැත්වීමට නියමිත හෙයින් එම ප්‍රහාරය වළක්වා ගැනීම සඳහා කටයුතු නොකළ බවට දැඩි චෝදනා එල්ල වී ඇති එවකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ එකම වේදිකාවක හිඳගැනීම යනු තම පක්ෂයට දරුණු හානියක් ගෙනදෙන්නක් බවත් ඔවුන් විසින් අවධාරණය කර ඇති බව සඳහන්." උපුටාගැනීම අවසන්.

:       0       171

asela Monday, 03 February 2020 12:48 PM

මෙයා කරපු දෙයක් නැහැ. පොහොට්ටුවට ගන්න හොඳ නැහැ. දැනුත් ඒකෙත් නම කැතවෙනවා. දැනුත් ස්වාධීනව පැත්තකට වෙලා ඉන්න කියන්න තියෙන්නේ. දෙවැනි පාර ඉල්ලන්න ට්‍රයි කළ එකත් අවුල් ගියා.

:       0       34

Nandalal DE SILVA - FranceMonday, 03 February 2020 05:21 PM

"කොරේ පිටට මරේ" කියන්නේ මේවට තමයි..! ජනාධිපතිවරණය කට ළඟ තිබෙද්දී වෙට්ටු දමලා පැජට් පාරේ කෝටි ගණනක් වටිනා මන්දිරයක් එයාගේ විශ්‍රාම නිල මන්දිරය වශයෙන් ඩීල් දමලා ගත්තා. පොලොන්නරුව ආසනයට මොකද්දෝ පක්ෂයකින් නාමයෝජනා හිඟාකන්න සූදානම් වෙන මේ වෙලාවේ මරාලයක් ඔලුවට කඩා වැටෙන්න වගෙයි හදන්නේ... මෙතරම් රටට ද්‍රෝහිකම් කරපු, ජනපති තනතුරට ඔසවා තැබූ එජාපෙරමුණ හිනිමගට පයින් ගසා, වෙනත් පක්ෂ සමග ඩීල් දමපු පුද්ගලයෙකුට නීතිය හමුවේ උත්තර දෙන්න වීම දෛවයේ සරදමක් හැටියට සලකන්න පුළුවනි..

:       0       122

Hitan Monday, 03 February 2020 03:59 PM

හිතක් පපුවක් නැද්ද ඔහෙලට හිටන්? මම ඇති කරපු නිදහස වැරැදි විදිහට ඔයාලා පාවිච්චි කරනවනේ.. කමක් නැහැ.. මම හොඳට ඉවසීම ප්‍රගුණකරලා තියෙන නිසා ඕවා මට ඉවසන්න පුළුවන්...

:       0       2

විකුම් රංගන Monday, 03 February 2020 07:43 PM

මේ මනුස්සයව අපේ රටේ නිදහස් දින උත්සවයට කිසිසේත් වද්දා නොගත යුතුයි. රට අයාලේ යාම පමණක් නොවෙයි, පසුගිය වසර හතරහමාර තුළ සිංහල ජාතියට කල විනාශයට පිටුවහල් කල යුතුයි. වර්තමාන ජනාධිපති හා අගමැතිතුමා ප්‍රමුඛව ගෞරවනීය ජාතියක් ලෙස අද අපේ නිදහස් දිනය සමරමු!!

:       0       27

සෙනෙවිරත්න Tuesday, 04 February 2020 02:43 AM

එකක් සහතිකයි. රාජපක්ෂවරු මෙතුමාට සැනසිල්ලේ සිටීමට ඉඩ නොදෙන බව නම්..

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්


මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 28638 30


’’අනුර ගෝ ගම පටන් ගත්තා’’
2025 අගෝස්තු මස 26 18202 35

රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 11111 7

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 683 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 205 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 860 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site