
(මනෝප්‍රිය ගුණසේකර)
ජාතික බුද්ධි ප්‍රධානීව සිටි සිසිර මෙන්ඩිස් මහතාගෙන් සාක්කි විමසිමට මත්තෙන් ඔහු උසාවියේ සාක්කි දිමට තරම් සුදුසු කායික හා මානසික මට්ටමක සිටී ද යන්න පරීක්ෂා කොට අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරන්නැයි කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරිවරයාට නියම කරන්නැයි නීතිපතිවරයා කළ ඉල්ලීම සම්බන්ධයෙන් තීන්දුවක් ලබාදීම සඳහා අධිකරණය තාවකාලිකව නතර කළේය.
නීතිවිරෝධී නොකර හැරීම මගින් පාස්කු ප්‍රහාරය සිදු වූ දින කතෝලික පල්ලිවල හා තරු හෝටල්වලට ගිය පුද්ගලයන්ගේ මරණ සහ බරපතල තුවාල සිදුවීම්වලට වගකිවයුතු බවට හිටුපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතාට එරෙහිව නඩුව විභාගයට ගනු ලැබූ අවස්ථවේදී එලෙස නියම කෙරිණි.
අධිකරණයෙන් ඉදිරිපත් කළ සිතාසියකට අනුව සිසිර මෙන්ඩිස් මහතා උසාවිය හමුවේ පෙනී සිටි අතර ඔහු රෝගි තත්ත්වයකින් පසුවන බවට ඔහු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ශානක රණසිංහ මහතා වෛද්‍ය වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ සිසිර මෙන්ඩිස් මහතා සාක්කි දීමට තරම් සුදුසු කායික හා මානසික තත්ත්වයක පසුවන්නේ දැයි සොයා බලා වාර්තාකරන ලෙසට කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍යවරයාට නියම කරන්නැයි පැමිණිල්ල වෙනුවෙන් පෙනිසිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සුදර්ශන සිල්වා මහතා ඉල්ලීමක් කළේය.
COMMENTS
සොබාදහමින් පඩිසන් ලැබෙනවා අනිවාර්යයි... අනිත් අයටත් ඕක තමයි වෙන්නේ...