
(රංජිත් රාජපක්ෂ)
හැටන් ප්‍රදේශයට අද (09) පස්වරුවේ අයිස් වැස්සක් පතිත වී ඇත.
හැටන් නුවරඑලිය ප්‍රධාන මාර්ගයේ හැටන් කුඩාගම ප්‍රදේශයට මෙසේ අයිස් වැස්ස පතිත වී ඇත්තේ.
අද පස්වරු 3.30 ට පමණ හැටන් කුඩාගම ප්‍රදේශයට අයිස් කැට විශාල ප්‍රමාණයක් වැස්ස සමග විනාඩි 5 ක් පමණ පතිත වු බව ප්‍රදේශවාසීහු කියා සිටිති.
අයිස් වැස්ස පතිත විමත් සමග ප්‍රදේශවාසින් සිය ජංගම දුරකථනයේ අයිස් වැස්ස සටහන් කරගෙන තිබුණි.
අයිස් වැස්සෙන් පසුව හැටන්, නොර්වුඩ්, කොටගල යන ප්‍රදේශවලට පැයක පමණ කාලයක් අධික වර්ෂාවක් පතිත විය.


COMMENTS
Reply To:
-