(රංජිත් රාජපක්ෂ)

හැටන් - නුවරඑලිය ප්‍රධාන මාර්ගයේ කොටගල ප්‍රාදේශිය රෝහල ආසන්නයේ පිහිටි මාර ගසක් අද දහවල් ප්‍රධාන මාර්ගයට කඩා වැටිමෙන් එම මාර්ගයේ ගමනා ගමන කටයුතු පැයකට ආසන්න කාලයක් නතර වූ බව දිඹුල පොලිසිය පවසයි.

ප්‍රධාන මාර්ගය අභියස මාර ගස් කිහිපයක් පිහිටා ඇති බවත්, එම ගස් අතරින් එක් ගසක් ප්‍රධාන මාර්ගයට කඩා වැටුණු බවයි පොලිසියේ ස්ථානාධිපතිවරයා කියා සිටියේ.

මාර ගස දිරාපත් වි ඇති නිසා ප්‍රධාන මාර්ගයට කඩා වැටෙන්නට ඇති බවත්, ගස කඩා වැටිමෙන් කිසිවෙකුට අනතුරක් සිදුවි නොමැති බවයි ස්ථානාධිපතිවරයා කියා සිටියේ.

මාර ගස කද මැදින් ප්‍රධාන මාර්ගයට කඩා වැටි ඇති අතර එම ගසේ බඹර කුඩු කිහිපයක් බැද තිබුණු බවද පොලිස් ස්ථානාධිපතිවරයා පැවසිය.