IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


හිජාස් හිස්බුල්ලා හමුවී උපදෙස් ගන්න නීතිඥවරුන්ට අවසර

( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )

මේවන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන සිටින නීතිඥ හිජාස් හිස්බුල්ලා මහතාට  හෙට(16) පස්වරු 2.30 ට සිය නීතිඥවරුන් හමුවීම සදහා අවස්ථාව දීමට හැකි බව නීතිපතිවරයා අද අභියාචනාධිකරණයට අද (15) දැනුම් දුන්නෙනේය.

පාස්කු ඉරු දින එල්ල කෙරුණු ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන සිටින නීතිඥ හිස්බුල්ලා මහතා හමුවී උපදෙස් ලබා ගැනීම සඳහාා ඔහුගේ නීතිඥවරුන්ට  අවසර ලබාදෙන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා වෙත නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා නීතිඥ චලන පෙරේරා මහතා විසින් ගොනුකළ පෙත්සමක් අද කැඳවනු ලැබූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිස්ටර් ජනරාල් සුසන්ත බාලපටබැඳි මහතා මෙම දැනුම් දීම කරන ලදී.

ප්‍රියන්ත ප්‍රනාන්දු සහ සෝභිත රාජකරුණා යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම පෙත්සම කැඳවනු ලැබුවා.

පෙත්සම කැඳවූ අවස්ථාවේදී අතිරේක සොලිස්ටර් ජෙනරාල් සුසන්ත බාලපටබැඳි මහතා දන්වා සිටියේ අත්අඩංගුවේ පසු වන හිස්බුල්ලා මහතා හමු වී අවශ්‍ය උපදෙස් ලබා ගැනීම සඳහා හෙට පස්වරු 2.30 ට ඔහුගේ නීතිඥවරුන්ට ප්‍රවේශය සලසාදීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සූදානම් බවය'

ඒ් අනුව අවම වශයෙන් පැය භාගයක් සැකකරු හමුවී උපදෙස් ලබා ගැනීමට අවස්ථාව සැලසෙන අතර එම අවස්ථාවට නීතිඥවරු දෙදෙනෙකුට පමණක් සහභාගී  විය හැකි බව ද අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා අධිකරනයට දන්වා සිටියේය.

පෙත්සම්කරු ඉල්ලා සිටින සහනය දැනටමත් ලැබී ඇති හෙයින් මෙම පෙත්සම විභාගයට ගැනීමකින් තොරව නිෂ්ප්‍රභ කරන ලෙසයි ඉන් අනතුරුව අතිරේක සොලිස්ටර් ජෙනරාල් වරයා අධිකරණයෙන් ඉල්ලා සටියේ.ය

එහෙත් පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා කරුණු දක්වමින් හෙට දිනයෙන් පසුව නැවත සැකකරු හමු වීමට තිබෙන අවස්ථාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අහිමි කරනු ලැබුවොත් නැවත අධිකරණය හමුවට පැමිණීමේ අයිතිය පෙත්සම්කාර පාර්ශවයට තිබිය යුතු හෙයින් මෙම පෙත්සම නිෂ්ප්‍රභ කිරීමකින් තොරව අත්හිටුවීමක් පමණක් සිදුකරන ලෙස ඉල්ලා සිටියා. 

මෙහිදී විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා අධිකරණය හමුවේ කියා සිටියේ නැවත ගැටලුකාරී තත්ත්වයක් මතු වුවහොත් නව පෙත්සමකින් මෙම ගැටළු අධිකරණය හමුවට රැගෙන ඒමේ අයිතිය පෙත්සම්කාර පාර්ශවය සතුව පවතන බවයි.



අදහස් (0)

හිජාස් හිස්බුල්ලා හමුවී උපදෙස් ගන්න නීතිඥවරුන්ට අවසර

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 45 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 716 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 340 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site