(රංජන් කටුගම්පළ)

රැඳවුම් බාරයේ තබා සිටි නීතීඥ හිජාස් හිස්බුල්ලා මහතා කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 3 වැනිදා  දක්වා රිමාන්ඩ් බාරයට පත් කිරීමට කොළඹ කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා අද (18) නියෝග කළේය.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් රහස් පොලිසිය මගින්  අත්අඩංගුවට ගෙන මාස 10කට අධික කාලයක් රැඳවුම් නියෝග මත සිටි නීතිඥ හිජාස් හිස්බුල්ලා මහතා අද(18) පස්වරුවේ කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබිණි.