IMG-LOGO

2024 ජුලි මස 19 වන සිකුරාදා


හිජාස් හිස්බුල්ලාහ් අයිතිවාසිකම් කඩ වී ඇතැයි කියමින් පෙත්සමක්

(මනෝප‍්‍රිය ගුණසේකර)

පාස්කු ඉරිදා බෝම්බ ප‍්‍රහාර මාලාවට සම්බන්ධ බව කියමින් නීතීඥ හිජාස් හිස්බුල්ලාහ් මහතා සැකපිට අත්අඩංගුවට ගෙන රදවා ගෙන ප‍්‍රශ්න කිරීම තුළින් ඔහුගේ මුලික අයිතිවාසිකම් උල්ලංඝණය වී ඇතැයි පවසමින් ඔහුගේ නීතීඥවරිය විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට මුලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කරන ලදී.

පාස්කු ඉරිදා බෝම්බ ප‍්‍රහාර මාලාවට තම සේවාදායකයාගේ කිසිදු සම්බන්ධතාවයක් නැතැයි සදහන් කරමින් මෙම මුලික අයිතිවාසිකම් පෙත්සම ඉදිරිපත් කොට ඇත්තේ හිජාස් හිස්බුල්ලාහ් මහතාගේ නීතීඥ ගෞර සංගරී තවරාසා මහත්මිය විසිනි.

නීතීඥ ගෞර සංගරී තවරාසා මහත්මිය විසින් ඉදිරිපත් කළ මෙම මුලික අයිතිවාසිකම් පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස වැඩබලන පොලිස්පතිවරයා, රහස් පොලිසියේ අධ්‍යක්‍ෂවරයා, රහස් පොලිසියේ ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක කරුණාතිලක මහතා, නීතීපතිවරයා ඇතුළු හයදෙනෙකු නම් කර ඇත.

පසුගිය 14 වැනිදා තම සේවාදායකයා අත්අඩංගුවට ගත් බවද ඒ අවස්ථාවේදී ඔහු අත්අඩංගුවට ගැනීමට හේතූවක් සදහන් නොකළ බවද සදහන් කරන පෙත්සම්කාර නීතීඥ ගෞර සංගරී තවරාසා මහත්මිය කෙසේ වෙතත් පසුගියදා මාධ්‍ය හමුවක් පවත්වමින් පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා සදහන් කළේ තම සේවාදායකයා අත්අඩංගුවට ගනු ලැබුවේ පාස්කු ඉරිදා බෝම්බ ප‍්‍රහාර මාලාවට සම්බන්ධයෙන් යැයි සදහන් කළාය.

රහස් පොලිසියේ රදවාගෙන ප‍්‍රශ්න කරන තම සේවාදායකයා හමුවී අවශ්‍ය උපදෙස් ලබාගැනීමට ඔහුගේ නීතීඥවරන්ට සාධාරණ කාලයක් මෙතෙක් ලබා නොදුන් බව පෙන්වා දෙන පෙත්සම්කාරිය පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා කුමක් සදහන් කළත් පාස්කු ඉරිදා බෝම්බ ප‍්‍රහාර මාලාවට තම සේවාදායකයාගේ කිසිදු සම්බන්ධයෙන් නැතැයිද සදහන් කළාය.

තම සේවාදායකයා අත්අඩංගුවට ගෙන රදවා ගැනීම තුළින් ඔහුගේ මුලික අයිතිවාසිකම් කඩවී ඇතැයිද ඒ සම්බන්ධයෙන් ප‍්‍රකාශයක් නිකුත් කරන්නැයිද ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටින පෙත්සම්කාරිය රහස් පොලිස් බාරයේ පසුවන තම සේවාදායකයා සුදුසු අධකරණයකට ඉදිරිපත් කරන ලෙස වගඋත්තරකරුවන්ට නියම කරන්නැයිද ඉල්ලා සිටින්නීය.

රහස් පොලිස් බාරයේ රදවාගෙන සිටින සිටින නීතීඥ හිජාස් හිස්බුල්ලාහ් මහතා නිදහස් කිරීමට නියම කරමින් රිට් ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලමින් ඔහුගේ පියා සහ සහෝදරයා විසින් මීට පෙර අවස්ථාවක ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් දෙකක් ඉදිරිපත් කරන ලදී.



අදහස් (8)

හිජාස් හිස්බුල්ලාහ් අයිතිවාසිකම් කඩ වී ඇතැයි කියමින් පෙත්සමක්

Dhanushka Wednesday, 06 May 2020 08:11 AM

මැරිච්ච, තුවාල වෙච්ච අසරණ මිනිසුන් දැන් අවුරුද්දක් තිස්සේ බලාගෙන ඉන්නවා ඔවූන්ගේ මුලික අතිවාසිකම් කඩ වෙලාද නැද්ද කියලා හොයලා බලනකල්.

:       19       32

දිසානායක Wednesday, 06 May 2020 08:16 AM

ඡන්දය ලග නිසා ලංකාවෙ ප්‍රධාන රූපවාහිනී චැනල් 3ත් ජාතිවාදය අවුස්සන්න බරටම වැඩ. පුලුවන් නම් ඔවුන්ට විරුද්ධවත් නඩු දමදමන්න. සැබෑ වැරැදිකරුවන් අත්අඩංගුවට ගන්න.

:       85       144

Gamage Wednesday, 06 May 2020 08:31 AM

හිජාස් හිස්බුල්ලා කියන්නේ අති දක්ෂ නීතිවේදියෙක්. මෙතුමා නිසා තමයි ගිය පාර බලෙන් ආණ්ඩුව ලබාගන්න හදපු අයට උසාවියේදී නීති තර්ක ගෙනල්ල ඒ කරපු විදිහ ව්‍යවස්ථා විරෝධී කියල පෙන්නලා දුන්නේ. දැන් ඒකට තමයි ඔය පාස්කු ප්‍රහාරය කියලා බොරුවට අත් අඩංගුවට අරන් තියෙන්නේ. හොරට අගමැතිකම ගන්න බැරි උනේ මෙතුමා නිසා . අනිත් එක නීතිවේදී සංගමය පවා මෙතුමාව අත් අඩංගුවට අරන් තිබීම පිලිබදව දැඩි අසතුට ප්‍රකාශ කර නිසි සාක්ෂි නොමැතිව..

:       446       492

anura Wednesday, 06 May 2020 11:17 AM

ඇත්ත වෙන්නත් පුළුවන්. දින 52යි කියන ආණ්ඩුව තිබුන නම් පාස්කු ඉරිදා ප්‍රහාරය කරගන්න බැරි වෙන නිසා මොහු වැනි පුද්ගලයන් ඉදිරිපත් වී එය පෙරලන්න මුල් වෙන්න ඇති... ඒ නිසා දීර්ඝ කාලීනව ඔව්න් සැලසුම් කර ඇති බවයි දැන් පෙනෙන්නේ...

:       97       55

MahelaWednesday, 06 May 2020 11:54 AM

ඔව් ඔව් සමහරු පාස්කු ප්‍රහාර උඩින් චන්දෙ දිනාගන්න මොන තරම් ගේම් ගහන්න ඇද්ද? අනිත එක අපේ රටේ ඔත්තු සේවා වලින් වගේම ඉන්දියාවෙන් ලැබුණු ඔත්තුවත් සත පහකට මායිම් නොකර මිනිස්සු මැරෙනකම් හිටපු කෙනෙකුත් අපේ රටේ හිටිය... දැන් ඒ පුද්ගලයා අපේ රටේ ප්‍රධාන පක්ෂයක ලොක්කෙක්... කාදිනල් තුමත් කිව්වා ලොක්කෝ කියල බලන්න එපා අත්අඩංගුවට ගන්න කියල... කෝ කිසිම ප්‍රතිපලයක් නැහැ . කොහෙවත් ඉන්න මිනිස්සු අල්ලලා නිකන් චූන් එකක් දෙනවා.

:       2       66

රවින්Wednesday, 06 May 2020 11:21 AM

වැඩි අටුවා ටීකා අනවශ්‍යයයි. ලෝකයේ කොයි රටේ උනත් ත්‍රස්තවාදයට ආධාර හා අනුබලදීම අනුමත කරනවාද?

:       0       27

මුණසිංහ Wednesday, 06 May 2020 10:08 AM

අර 350 විතර දෙනාගේ අයිතිවාසිකම් රැකිල ඇති නේද? මේ තරම් ඔප්පු වෙලා තියෙද්දිත් නටන්න දෙන වැරැද්ද. මෙයාලට හිමි විය යුත්තේ එල්ලුම් ගහ. පරීක්ෂණත් ඇදගෙන යනවා වැඩියි.

:       89       146

Pradeep Wednesday, 06 May 2020 01:58 PM

හැබැයි නිකමට වත් මේ නඩුවෙන් හිස්බුල්ලා දිනුවොත් මිට පසු කිසිම පුද්ගලයෙක් සැකපිට අත් අඩංගුවට ගන්නට බෑ. මොකද මානව හිමිකම් තියෙන්නේ ඔහු වැන්නන්ට පමණක්ම නොවන නිසා. අනික පාස්කු ප්‍රහාරයෙන් මිය ගිය සහ තුවාල වුනු අයගේ මානව හිමිකම් කඩවීම් ගැන කවුද කතාකරන්නේ?. ඔවුන්ට එවැනි අයිතියක් නැද්ද..? මේවා නොතේරෙන්න එක්කෝ අපිට මොංගල් නැත්නම් නිතිය නොදන්නා කම.

:       0       15

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

බසයක් ඉවතට පැන 52 ක් රෝහලේ
2024 ජුලි මස 19 3 0

යාපනයේ සිට කතරගම දක්වා වන්දනාකරුවන් පිරිසක් රැගෙන යමින් තිබූ බස් රථයක් අද (19) පස්වරැවේ මූතූර් පොලිස් වසමට අයත් ගෙන්ගේ ප්‍රදේශයේදී මාර්ගයෙන් ඉවතට පැන ප


බිත්තරයකින් රුපියල් 25ක අයුතු ලාභයක්
2024 ජුලි මස 19 197 0

බිත්තරයකින් රුපියල් 25ක අයුතු ලාභයක් නිෂ්පාදකයින් විසින් ලබාගන්නා බවට බිත්තර වෙළෙඳ සංගමය චෝදනා කරයි.


විසි දෙක ගැසට්ටුව පිටවේ
2024 ජුලි මස 19 831 0

විසි දෙවැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අදාළ ගැසට් නිවේදනය රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව විසින් එහි වෙබ් අඩවියේ ඊයේ (18) ප්‍රසිද්ධියට පත් කරනු ලැබීය


ශ්‍රීලංකන් ගුවන් සේවයෙන් නිවේදනයක්
2024 ජුලි මස 19 710 0

ගෝලීය වශයෙන් සිදුවූ තාක්ෂණික දෝෂය සම්බන්ධයෙන් ගුවන් මෙහෙයුම් වෙත බලපෑමක් සිදුවූ බව ශ්‍රී ලංකන් ගුවන් සමාගම නිවේදනය කරයි.


අල්ලස් ගත්තැයි කියූ අයි.පීට - පී.සීට ඇප
2024 ජුලි මස 19 278 0

රුපියල් 154,200ක මුදලක් අල්ලසක් පොලිසිය තුළදීම ලබාගත්තේ යැයි කියන කොළඹ අපරාධ කොට්ඨාසයේ අපරාධ වාර්තා ඒකක අංක 07 ස්ථානාධිපති, පොලිස් පරීක්ෂකවරයා සහ කොස්තාප


මහනුවර දුම්රියේ නැරඹුම් මැදිරිය ගලවලා
2024 ජුලි මස 19 774 0

කොළඹ කොටුව සිට මහනුවර බලා හෙට (20) පෙරවරුවේ ධාවනය කරන නගරාන්තර දුම්රියේ නැරඹුම් මැදිරිය ඉවත් කිරීමට අතිරේක සාමාන්‍යාධිකාරීවරයාගේ නියමයෙන් බවත්කර ඇති බ


මේවාටත් කැමතිවනු ඇති

වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි 2024 ජුලි මස 13 145 0
වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි

වැලිබල් ෆිනෑන්ස් ගෙවුණු වසර 17ක කාලය පුරාවට ශ‍්‍රී ලංකාවේ මූල්‍ය ආයතනයන් අතර ප‍්‍රමුඛස්ථානයක් හිමි කර ගනිමින් 2023/24 මූල්‍ය වර්ෂයේදී සිය මූල්‍ය විශිෂ්ටත

ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම” 2024 ජුනි මස 20 1023 0
ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම”

බුදුරජාණන්වහන්සේගේ, ශිව දෙවියන්ගේ, ආදම්ගේ සහ ශාන්ත තෝමස් අපෝස්තුළුතුමාගේ පා සටහන යනාදී වශයෙන් විවිධ ආගමික සම්ප්‍රදායන් මුල් කරගනිමින් ශ්‍රී පාද ස්ථ

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 1897 1
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

Our Group Site