
(රන්ජන් කටුගම්පොල සහ නිමන්ති රණසිංහ )
රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින නීතිඥ හිජාස් හිස්බුල්ලා මහතාට එරෙහිව පුත්තලම මහාධිකරණයේ විභාග වන නඩුවේ සාක්ෂි අවසන් වීමෙන් පසු ඔහුගේ ඇප සම්බන්ධ සලකා බැලීම සිදුකළ හැකි යැයි නීතිපතිවරයා අභියාචනාධිකරණයේදී අද (20) ප්‍රකාශ කළේය .
තමන් ඇප මත මුදා හරින ලෙසට ඉල්ලා නීතිඥ හිජාස් හිස්බුල්ලා මහතා අභියාචනාධිකරණයට ගොනුකර තිබූ පෙත්සමක් අද (20) සැලකිල්ලට ගත් අවස්ථාවේදී මෙම කරුණු ඉදිරිපත් විය .
නීතිපතිවරයා වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සුදර්ශණ ද සිල්වා මහතා සඳහන් කර සිටියේ නීතීඥ හිජාස් හිස්බුල්ලා මහතා සම්බන්ධයෙන් පුත්තලම මහාධිකරණයේ විභාග වන නඩුව මේ මස 28 දින අවසන් වන බැවින් ඉන් අනතුරුව ඔහුගේ ඇප සම්බන්ධයෙන් සලකා බැලිය හැකි බව ය.
COMMENTS
තවත් නාට්‍යයක් අවසන් ලකුණු..
ආණ්ඩුවට ජනතාව නොමග යැවීමට තිබෙන එකම තුරුම්පුව. තව ටිකක් කල් ගෙවලාම ඇප දෙමු.
ඇයි මෙච්චරකල්? ඇප දෙන්න හිටපු ගමන් නින්දෙන් ඇහැරිලා වගේ.. ඩීල් දැම්මා නේද?