IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


හිඟයකින් තොරව සහල් බෙදාහැරීමට සියලු පියවර ක්‍රියාත්මකයි

(ක.ග.කරුණාරත්න)

මහජනතාවගේ පරිභෝජනය සඳහා අවශ්‍ය සහල් හිඟයකින් තොරව මිලදී ගැනීමට සහ රට පුරා බෙදාහැරීම සඳහා අවශ්‍ය සියලු ක්‍රියා මාර්ග ගෙන තිබෙන බව පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් ඩබ්.ඒ.ධර්මසිරි මහතා අද (22)පැවැසීය.
 
ඇඳිරි නීතිය පැවැතියද ගොවි ජනතාවගේ වී අස්වනු නෙළීමේ කටයුතු සහ ඒවා අලෙවි කර ගැනීම සඳහා එය බාධාවක් නොවන බවද කීය.
 
ඒ මහතා මේ බව කියා සිටියේ පොළොන්නරුව දිස්ත්‍රික් සහල් නිෂ්පාදකයින් සමඟ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේ පැවැති රැස්වීමකදීය.
 
එහිදී තවදුරටත් අදහස් දැක්වූ දිස්ත්‍රික් ලේකම්වරයා මෙසේද පැවැසීය.
 
“රටේ ඇඳිරි නීතිය පැවැතියත් ආහාර නිෂ්පාදන ක්‍රියාවලිය නතර කිරීමට හැකියාවක් නෑ. ජනතාවට අවශ්‍ය ආහාර ලබාදීමට  සිද්ධ වෙනවා. එසේ නොවුනොත් ඇඳිරිනීතිය ඉවත් වන අවස්ථාවේ  ජනතාවට අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ලබා ගැනීමට හැකියාවක් නැති වෙනවා.
එම නිසා රජය විසින් දැනුම් දීමක්කලා සහල් නිෂ්පාදන කර්මාන්තයේ නියැලී සිටින ආයතනවලට මේ කර්මාන්තය දිගටම කරගෙන යාමට අවශ්‍ය කඩිනම් ක්‍රියා මාර්ග ගන්න කියලා.ඒ කාරණාව නිසා තමයි අද දවසේ ඒ සම්බන්‍ධයෙන් මේ අවස්ථාවේ තිබෙන ගැටලු ප්‍රශ්න සාකච්ජා කරන්න තීරණය කළේ. ආරක්‍ෂක අංශ,සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් අනුව සහල් නිෂ්පාදනය සහ බෙදා හැරීම සිද්ධ කෙරෙන්න ඕන. ඇඳිරි නීතිය පැනවීම සම්බන්‍ධයෙන් පොලිස්පතිවරයාගේ චක්‍රලේඛය දිහා බැලුවහමත් මේ ආහාර නිෂ්පාදන ක්‍රියාවලියේ නිරත අයට එතරම් ගැටලුවක් නෑ.
සාමාන්‍යයෙන් මේ තියෙන නීති රීතිවලින් ලිහිල් කරලා තිබෙනවා.එතැනදී අපිත් කල්පනා කරන්න ඕන අපි ළඟ සේවය කරන කාර්ය මණ්ඩලයේ අය ඒ මුවාවෙන් වෙනත් දෙයක යෙදෙන්න බෑ ඒ අයට. ඔබතුමාලා ඒ වගකීම බාර ගන්න ඕන.ජ්‍යෙෂඨ පොලිස් අධිකාරී තුමාත්,සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂක තුමාත් ආරක්‍ෂක විධිවිධාන සම්බන්‍ධයෙනුත් සෞඛ්‍ය ආරක්‍ෂාව සම්බන්‍ධයෙනුත් අවශ්‍ය උපදෙස් ලබාදේවි.”
 
අතිරේක දිස්ත්‍රික් ලේකම් ඩබ්ලිව්.එම් ඩබ්ලිව්. වනසිංහ, පොළොන්නරුව ජ්‍යෙෂඨ පොලිස් අධිකාරී ඕෂාන් හේවාවිතාරණ, පොළොන්නරුව ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ වෛද්‍ය සරත් ජයසිංහ තමන්කඩුව ප්‍රාදේශීය මහ ලේකම් හර්ෂ බණ්ඩාර, ආපදා කළමනාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්‍ෂ උපුල් නානායක්කාර ප්‍රමුඛ පෙලේ සහල් නිෂ්පාදකයින් වන ඩඞ්ලි සිරිසේන, සිරිපාල ගම්ලත්,

මිත්‍රපාල ලංකේෂ්වර යන මහත්වරු ඇතුළු පොළොන්නරුව දිස්ත්‍රික්කයේ සහල් මෝල් හිමිවරු රැසක් මේ අවස්ථාවට සහභාගී වූහ.

 



අදහස් (0)

හිඟයකින් තොරව සහල් බෙදාහැරීමට සියලු පියවර ක්‍රියාත්මකයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 648 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 315 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site