IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


හිග විදුලිබිල් ගෙවීමට සහනයක්

දිලංගා ගෝමස්)

කොවිඩ් තත්වයක් සමග රට තුළ ඇති වී ඇති ආර්ථික පසුබෑම හේතුවෙන් විදුලි බිල්පත් ගෙවීමට නොහැකි වූ විදුලි පාරිභෝගික ජනතාවට හිඟ විදුලි බිල්පත් කොටස් වශයෙන් ගෙවීමට මාස 24 ක සහන කාලයක් දීමට කටයුතු කරන වන බව අද (21) පැවති මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් විදුලි බල අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා පැවසීය.

හිඟ විදුලි බිල්පත් මාසික වාරික වශයෙන් ගෙවීමේදී ඒ සඳහා සුළු පොලියක් අය කරගැනීමට බලාපොරොත්තු වන බවද ඉදිරි දිනවලදී ඒ සඳහා අය කර ගන්නා පොළී මුදල පිළිබඳ පාරිභෝගික ජනතාව දැනුවත් කිරීමට කටයුතු කරන බව ද අමාත්‍යවරයා පැවසීය.

කොවිඩ් තත්වයක් සමග විදුලිබල මණ්ඩලයට ගත වූ මාස දෙකක කාලය තුළ රුපියල් බිලියන හතලිස් හතරක මුදලක් අය විය යුතුව ඇති අතර විදුලි බිල්පත ගෙවීමට හැකි ජනතාව පවා විදුලි බිල නොගෙවීම හේතුවෙන් විදුලි බල මණ්ඩලය දැඩි අපහසුතාවකට පත්වී ඇතැයි අමාත්‍ය වරයා පැවසීය. 

මහින්ද රාජපක්ෂ මැතිතුමා විසින් ගල් අඟුරු බලාගාර ඇති කිරීම හේතුවෙන් විදුලිය විසන්ධි කිරීමකින් තොරව ජනතාවට විදුලිය ලබා දීමට කටයුතු කරන බව පවසන අමාත්‍යවරයා අතිගරු ජනාධිපතිතුමාගේ සංකල්පයකට අනුව වර්ෂ 2030 වනවිට පරිසර හිතකාමී අයුරින් සූර්ය බලය හා සුළං බලය යොදාගනිමින් විදුලිය නිපදවීම සියයට හැත්තෑවකින් වැඩි දියුණු කිරීමට මේ වන විට සැලසුම් කරමින් සිටින බව ද පැවසීය.

 



අදහස් (2)

හිග විදුලිබිල් ගෙවීමට සහනයක්

maclom Tuesday, 21 September 2021 02:51 PM

ගෙවල් දොරවල්, කාර් බාර් දිහා බලනකොට මේ වගේ දේවල් අපේ රටේ සිද්ධ වෙනවයි කියලා විස්වාස කරන්න බැහැ නේද.?

:       0       1

H.k.d.s.malinda Tuesday, 21 September 2021 03:32 PM

ලොකු දෙයක් ඇමැතිතුමනි, අපි ප්ලාස්ටික් කර්මාන්තයක් කරන්නේ. හරි අමාරුවෙන් කරගෙන යන්නේ... ඔබතුමා මේ ගෙන ඇති තීරණය ගොඩක් අගය කොට සලකමි..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 13 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 699 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 332 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site