
(සුජිත් හේවාජුලිගේ )
අපොස උසස් පෙළ සහ සාමාන්‍ය පෙළ පන්ති ඇරඹීමට සෞඛ්‍ය නිර්දේශ සෞඛ්‍ය අංශ විසින් නිකුත් කරනු ලැබ ඇතැයි කොවිඩ් මර්දන ජනාධිපති කාර්ය සාධක බලකා රැස්වීමේදී අද (29) අනාවරණය කෙරිණ.
කොවිඩ් වසංගතය හේතුවෙන් පාසල් දරුවන්ගේ අධ්‍යාපනය බරපතළ ලෙස අඩාල වී ඇති හෙයින් පාසල් ආරම්භ කිරීමේ කටයුතු කඩිනමින් ක්‍රියාවට නැංවිය යුතු බව ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.
සරසවි පළමු වසර සිසුන් සඳහා අධ්‍යයන කටයුතු ආරම්භ කිරීම පිළිබඳවද කඩිනමින් සොයා බලන ලෙස ජනාධිපතිවරයා සෞඛ්‍ය හා අධ්‍යාපන බලධාරීන්ට දැනුම් දුන්නේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd