(ආරියරත්න රණබාහු)
වත්මන් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු 225 දෙනාගෙන් අඩුතරමින් නිදහස් අධ්‍යාපනයේ පියා වන සී.ඩබ්.ඩබ් කන්නන්ගර මහතා ගේ දර්ශනය ගැන හැදෑරු කන්නන්ගරලා 25 දෙනෙක්වත් හිටියා නම් මේ රට කොතැන තිබිය හැකිදැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කොළඹදී අද (16) පැවති ඒ මහතාගේ 50 වන ගුණසැමරුම් උළෙලේදී ප්‍රශ්න කළේය.
ජනාධිපති කාර්යාලය , කැලණිය විශ්ව විද්‍යාලය සහ ජාතික ඉගෙනුම් සම්පත් මධ්‍යස්ථානයේ මෙහෙයවීමෙන් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ශාලාවේදී පැවති ගුණසැමරුම් උළේලේදී ජනාධිපතිවරයා මේ බව පැවසීය.
ජනාධිපතිවරයා මෙසේද පැවසීය.
‘‘අද මේ සැබූ ලෙසම නිදහස් අධ්‍යාපනයක් තිබෙනවාද.එය කීදෙනෙක් හඳුනාගෙන තිබෙනවාද කන්නන්ගර මහතාගේ චින්තනය පිළිබඳව නිදහස් අධ්‍යාපනය පිළිබඳ පර්යේෂණ ආයතනයක් පිහිටුවීම අවශ්‍යයි.එමගින් නිදහස් අධ්‍යාපනයට නිර්වචනයක් දිය හැකියි එතුමාගේ ප්‍රතිපත්තිය දර්ශනය හඳුනාගත හැකිවනු ඇතැයි‘‘ ජනාධිපතිවරයා කීය.
එහිදී කැළණිය විශ්ව විද්‍යාලයේ ආචාර්ය කෞෂල්‍යා යටිගම්මන මහත්මිය නිදහස් අධ්‍යාපනයේ පුනරාවලෝකනය සී.ඩබ්ලිව්.ඩබ්ලිව් කන්නන්ගර ගුණ සමරු සංග්‍රහය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත පිරිනැමූ අයුරු ඡායාරූපයේ දැක්වේ.
(ඡායාරූප - චතුර එස් .කොඩිකාර )






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉස්සෙල්ලම ඔබතුමා හදාරලා හිටියොත් නරකද?
ගාලු රිච්මන්ඩ් විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ ආදි සිසුවෙක් වූ සී.ඩබ්.ඩබ්. කන්නන්ගර මැතිතුමා, මුළු රටටම දායාදයක් විය...
දැන් ඔහේ දොඩවනවා නේද? කොපමණ ලස්සන කතාවක් කියන්න තිබුණු අවස්ථාවක්ද? ඔය විද්‍යාලංකාර පිරිවනේ බිහිවෙන්නේ උගතුන්...
නිදහස් අධ්‍යාපනයේ පියා සැමරීමේ උත්සවයට එජාපයේ කිසිවෙකුත් නැත. මන්ද කන්නන්ගර මහතා 1947 මැතිවරණයෙන් මතුගම ආසනයෙන් පරාජයට පත් කලේ එජාපය විසින්මය. එය ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට තම පක්ෂයේ අපේක්ෂකයෙකු එම පක්ෂය විසින්ම පරාජය කළ අවස්ථාවකි.
Dr යටිගම්මන , අපෙන් සුභපැතුම් !!!