(අංජුල මහික වීරරත්න)

සමගි ජන බලවේගයට සහය දැක් වූ අගලවත්ත ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ඇතුළු මන්ත්‍රීවරු නව දෙනෙක් පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ දී අද (15) එක්සත් ජාතික පක්ෂයට එක් වූහ.

මෙලෙස නැවත එක්සත් ජාතික පක්ෂයට එක් වූයේ අගලවත්ත ප්‍රාදේශීය සභා සභාපති ජයසේන කඹුරාවල මහතා ඇතුළු මන්ත්‍රීවරු නව දෙනෙකි.

එක්සත් ජාතික පක්ෂයට එකතු වූ මන්ත්‍රීවරුන් නවදෙනා සිරිකොත පක්ෂ මූලස්ථානයේ දී මාධ්‍ය හමුවකට ද සහභාගී වූ අතර එහි දී අදහස් දක්වමින් අගලවත්ත ප්‍රාදේශීය සභාවේ සභාපති ජයසේන කඹුරාවල මහතා පැවසූයේ වත්මන් අභියෝග හමුවේ රට ගොඩනැඟිය හැකි එකම නායකයා රනිල් වික්‍රමසිංහ මහතා බව අවබෝධ වීමෙන් පසු නැවත පක්ෂයට එකතු වීමට තීරණය කළ බවයි.ඉදිරියේදී පක්ෂයේ වැඩපිළිවෙල වෙනුවෙන් තම පූර්ණ සහයෝගය ලබාදෙන බව ද කඹුරාවල මහතා පැවසීය.