(සුජිත් හේවාජුලිගේ)
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ හිටපු විධායක අධ්‍යක්ෂ තුෂාන් ගුණවර්ධන මහතා ලංකාදීප පුවත්පතට කළ ප්‍රකාශ සම්බන්ධයෙන් එහි ප්‍රධාන කර්තෘවරයාගෙන් සහ එම ප්‍රවෘත්ති සහ ලිපි ලියූ ලේඛකයන්ගෙන් ප්‍රශ්න කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ නිලධාරීහු කණ්ඩායමක් කොළඹ හුණුපිටිය හරස් පාරේ පිහිටි ලංකාදීප ප්‍රධාන කාර්යාලයට අද (28) උදේ පැමිණියහ.
කෙසේ වෙතත් ඒ සම්බන්ධයෙන් මේ මොහොතේ පිළිතුරු දීමට සූදානමක් නොමැති බවට ලංකාදීප ප්‍රධාන කතුවරයා දැනුම් දීම නිසා එම විමර්ශන නිලධාරී කණ්ඩායම ලංකදීප ප්‍රධාන කාර්යාලයෙන් ඒ මොහොතේම පිටව ගියේය.
එම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් ලංකාදීප ප්‍රධාන කාර්යාලයෙන් එසේ පිටව ගියේ ප්‍රකාශ සටහන් කර ගැනීම සඳහා වෙනත් දිනයක නැවතත් පැමිණෙන බවට දැනුම් දෙමිනි.
ලංකාදීප පුවත්පත එම ලිපි සහ ප්‍රවෘත්ති වලින් අනාවරණය කර තිබුණේ පාරිභෝගික සේවා අධිකාරියෙන් ඉල්ලා අස්වූ තුෂාන් ගුණවර්ධන මහතා විසින් පළ කරන ලද අදහස්ය. සතොස සුදුළූනු වංචාව ඇතුළු අනෙකුත් දූෂණ අක්‍රමිකතා සම්බන්ධයෙන් ඒ මහතාගෙන් ප්‍රශ්න කර තොරතුරු ලබාගෙන විමර්ශන පවත්වනවා වෙනුවට පුවත්පතේ කර්තෘවරයාගෙන් සහ එම ලිපි සහ ප්‍රවෘත්ති ලියූ ලේඛකයන්ගෙන් ප්‍රශ්න කිරීමට සූදානම්වීම විහිළු සහගත මෙන්ම මාධ්‍ය නිදහසට එල්ල කරන බරපතළ ආකාරයේ තර්ජනයක් බව මාධ්‍ය සංවිධාන පෙන්වා දෙයි.

COMMENTS
වැටත් නියරත් ගොයන් කානන්.. ඇමතිත් වෙලෙඳොත්....
එහෙනම් අද ජනමාධ්‍ය ඇමතිවරයා රහස් පොලිස් නිළධාරින් මාධ්‍යවේදීන් හා මාධ්‍ය ආයතන වලින් ප්‍රශ්න නොකළ යුතුයැයි ප්‍රකාශ කලේ බොරුවටද
වැඩ පටන් අරගෙන වගේ ආපහු . 2015 ට ඉස්සෙල්ලා කාලේ මතක් උනා .
රාජපක්ෂලානේ ,රටට හොඳ මිසක් නරකක් කරන්නේ නැහැ
සර් හොඳටම කරන්න වගේ හදන්නෙ.
සුදුළුණු හොයන්නට සීඅයිඩි ආවාලු....... කතෘතුමා ලුනුමිරිසක් සදමින් සිටියාලු....... සුදු ලුණු ඕනෑමද ලුනුමිරිසට ඇසුවාලු..... ඕනෑ නැහැ කියමින් සීඅයිඩි ගියාලු.......
වෙළඳ ඇමති ,පාරිභෝගික අධිකාරිය හරියට වැඩ කරනවානම් අද රටට මෙහෙම වෙයිද ?බඩු මිල මෙලෙස ඉහල යාවිද ?මෙවැනි මහා පරිමාන සීනි ,සුදුලූනු වංචා සිදු වෙයිද ?සහල් මාෆියා කාරයෝ දෙදෙනෙක් රටේ සහල් මිල තීරනය කරාවිද ?ගලන ගඟත් රිවස් කරාවිද ?
අපි ආපසු මේ ගමන් කරන්නේ කොහෙටද ?ඔය පුරුදු වෙනස් කරන්න බැහැ .ලංකා වාසී ජනතාවනි ගිය නුවන ඇතුන් ලවා වත් ආපසු අදින්න බැහැ
ප්‍රශ්නේ දිහා බලන්නේ නැහැ .කියන මිනිහගේ බලනවා
තව අවුරුදු 4ක් තිබෙනවා .තවම චිත්‍රපටය පටන් ගත්තේ නැත .තවම සංස්කරණ කටයුතු පමණි .පටන් ගත්තම 69 ට පමණක් නොව ශ්‍රිලංකාවේ සියලුම පුරවැසියන්ට සිදුවන්නේ අඬමින් ජීවත් වීම පමණි .මතුවට වත් තීරණ ගැනීමේදී බුද්ධියෙන් කටයුතු කරමු .දැන් තියන තත්වයවත් ,කව්රුත් කියන බොරුවලටවත් ,චන්දය කිට්ටුවේදී දක්වන රංගනයට වත් ,වහල් ගති වලටවත් ,හිත කියන දේවත් නොකර නොරැවටී .
දැන් පැහැදිලියි හොදටම මොකක්ද මෙතන වෙන්නෙ කියල...මේ නියෝග දෙන්නෙත් සුලු පටු අය වෙන්නත් බෑනෙ..ඒ කියන්නෙ මේ වට සම්බන්ධ අයත් සුලුපටු අය වෙන්න බෑ කියන එක...
පෙන්නලා දීපු හොරු ටික අල්ලනවා වෙනුවට එන්නේ පත්තර කන්තෝරුවට
මේක කැකිල්ලේ ක්‍රමයක්නේ.
සමර මහත්මයා, අද මම දුටු හොඳම කොමෙන්ටුව මෙයයි
අනේ මන්දා හිට්ලර් පාලනයක්ද මන්දන්නේ නැහැ
සර් මාධ්‍යයටත් හොඳටම කරන්නද යන්නේ? බොහොම නරකයි, බොහොම නරකයි...
CID එකට රාජකාරී කරන හැටි වෙනම පුහුණුවක් දිය යුතුයි විදේශයකට යවලා. ගල දිහා නෙවෙයි ගල ආපු තැන බලන්න පුහුණු කල යුතුයි. අපිට තියෙන්නේ බොහෝම ප්‍රාථමික මට්ටමෙන් හිතන CID එකක්. ඒ නිසා දවසින් දවස රටේ අපරාධ වැඩි වෙනවා. ඒත් මහජන මුදලින් වැටුප් සහ අනෙකුත් දීමනාත් සියල්ල නිසි විදියට බුක්ති විඳිනවා.