ඇමෙරිකා එක්සත් ජනපදයේ මධ්‍යම බුද්ධි ආයතනය හෙවත් සී.අයි.ඒ. සංවිධානයට සේවය කරන ඔත්තුකරුවන් 17 දෙනකු අල්ලාගත් බවත් ඉන් පිරිසකට මරණ දඬුවම නියම කර ඇති බවත් ඉරාන මාධ්‍ය අද (22) වාර්තා කළේය.
සැකකාර ඔත්තුකරුවන් සමඟ සී.අයි.ඒ. සංවිධානයේ යැයි කියන නිලධාරීන්ගේ ඡායාරූප කිහිපයක් ද ඉරාන මාධ්‍ය අද ප්‍රසිද්ධියට පත් කර තිබිණි. ඇතැම් අයගේ ඡායාරූප ඉරානයේ රාජ්‍ය රූපවාහිනිය ඔස්සේ විකාශය ද කෙරුණි.
කෙසේ නමුත් ඇමෙරිකාවේ සී.අයි.ඒ. සංවිධානය මෙතෙක් මේ සම්බන්ධයෙන් කිසිවක් ප්‍රකාශ කර නැත
සී.අයි.ඒ. සංවිධානයේ යැයි කියන පිරිසක් අත්අඩංගුවට ගත් බව ඉරානය පසුගිය ජූනි මාසයේදී නිවේදනය කළ අතර ඉරානය අද ප්‍රසිද්ධියට පත් කළ පිරිස හා ඔවුන් එකම පිරිසක් ද පැහැදිලි නැත.
මේ වනවිට මාස තුනක් මුළුල්ලේ සිට ඉරානය සහ ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර අතර අර්බුදකාරී තත්ත්වයක් පවතින අතර එවැනි මොහොතක ඉරානය මෙලෙස සී.අයි.ඒ. සංවිධානයේ නිලධාරීන් හා ඔත්තුකරුවන් අල්ලාගත් බව නිවේදනය කළේය.
ඉරානය සහ ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර අතර තිබෙන අර්බුදකාරී තත්ත්වය උත්සන්න වීම නිසා පසුගිය මැයි මාසයේදී ඇමෙරිකාව ඉරානයට සම්බාධක ද පැනවීය.
රොයිටර් ඇසුරිනි
055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුදුම වෙන්න දෙයක්ම නැහැ. මරණ දඬුවම ඉරානයට අලුත් දෙයක් නොවෙයි.
හ්ම් ප්‍රකාශ නිකුත් නොකලායයි කියන්නේ යම්කිසි සත්‍යතාවයක් තියනවායයි කියන එක. මොකද පිළිගත්තොත් ජාත්‍යන්තර වරදක්. නොපිලිගත්තොත් එම උදවියට කරන වරදක්.
ඉරානයටද ඉරාකයට අත්වූ ඉරණමම අත්වීම ඉතා ආසන්නය.
නියමයි. මේ අය තමයි ලෝකය විනාශ කරන්නේ.
දැන් අපේ රටේ අපිත් එක්ක කනබොන හිනාවෙන මිත්‍රත්වපාන විදේශීය ඔත්තුකාරයෝ කීදෙනෙක් විතර ඉන්නවද? මෙයාල කවුරු වගේද වෙස්වලාගෙන ඉන්නේ?
තවත් අර්බුදයක මුලක්... කොහෙන් කෙළවර වෙයිද දන්නේ නෑ. මිනිසාගේ නොනිමි ආශාව මේ මිහිතලය විනාශය කරා ගෙනයනවා.
ස්වාධීන රටවල තමන්ගේ ධන බලයෙන් අත්පත් කරගන්න හදන අයට මේවා හොඳපාඩම්.. මරණ දඬුවම හොදයි.
රවී දන්නේ නැද්ද ජෙප්පෝ වගේ.
මේ රටේ ඒක පාක්ෂික නම් වැඩිපුරම ඉන්නේ සී අයි ඒ ඒජන්තයෝ තමා.....
එහෙ ආණ්ඩුව ඔත්තුකාරයන්ව අල්ලනවා. මෙහෙ ඔත්තුකාරයෝ ආණ්ඩුව අල්ලලා, දැන් අවුරුදු 5ක් විතර වෙනවා.