IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


සුළු වැරදි වලට හිරේ ඉන්න අයට ජනපති පොදු සමාව

(ජයන්ත සමරකෝන්)

සුළු වැරදි මත බන්ධනාගාරගතව සිටින සිරකරුවන්ට ජනාධිපති පොදු සමාව දීමට රජය තීරණය කර තිබේ.

ඒ අනුව දඩ හා ඇප මුදල් ගෙවා ගත නොහැකිව සිටින සිරකරුවන් සම්බන්ධයෙන් පොදු සමාව ක්‍රියාත්මක වන බවත් ඒ පිළිබඳ ලේඛන මේ වන විට සකස් කරගෙන යන බවත් බන්ධනාගාර මුලස්ථානය පවසයි.

මේ අතර අවුරුදු 65 ට වැඩි සුළු වැරදි කර සිරදඬුවම් විදින කාලය අඩු කිරිමට තීරණය කර තිබේ.

කෙසේ වෙතත් මිනීමැරුම් මංකොල්ල කෑම්, ස්ත්‍රී දුෂණ, ළමා  අපචාර ඇතුළු බරපතල ඝනයේ අපරාධ සම්බන්ධ කිසිදු සිරකරුවකු මෙම පොදු සමාවට අයත් නොවන බවද  බන්ධනාගාර මුලස්ථානය පෙන්වා දෙයි.

කොරෝනා වසංගත ත්ත්වය හා බන්ධනාගාරවල තදබදය වැළැක්වීම සඳහා ජනාධිපති පොදු සමාව ක්‍රියාත්මක කර බව වාර්තා වේ.



අදහස් (6)

සුළු වැරදි වලට හිරේ ඉන්න අයට ජනපති පොදු සමාව

Hafeel Monday, 31 August 2020 07:14 AM

ඉදිරියේදී වැලිකඩ බන්ධනාගාරය පාර්ලිමේන්තුව වේවිද?

:       0       0

eresh S kumara Monday, 31 August 2020 07:41 AM

ඇත්තටම හොඳ වැඩක්... කොච්චර මිනිස්සු අසරණ වෙලා ඉන්නවද? සල්ලි ගෙවාගන්නවත් බැරිව...

:       0       0

siri Monday, 31 August 2020 08:01 AM

එල්ලුම් ගස් ගිය සමහර අයත් සුළු වැරදි ගණයට අයිතිවෙයි වත්ද?

:       0       0

Kamal Koyrala Monday, 31 August 2020 09:25 AM

හොඳ අදහසක්., නමුත් එකවරම සමාජයට මුදා නොහැර පරිවාස කාලයකට යටත්ව ඔවුන් ජාතික ශ්‍රම බලකායට ඇතුළත් කර දඩමුදලට හරියන්න සේවාවක් ලබාගත යුතුයි. දැනට ඉන්දියානු, බංග්ලාදේශ සේවකයා වෙනුවට යොදාගත හොත්, ඔවුන් නැවත වරදේ පෙළඹීමෙන් මුවාගත හැකියි.

:       0       0

Perera Monday, 31 August 2020 09:49 AM

අපේ දුමියාව එළියට දාන්නේ නැද්ද?

:       0       0

Sanath Kandy Monday, 31 August 2020 02:50 PM

සුළු වැරැද්දක් කරලා හිරේ ඉන්න දුම්න්ද සිල්වාත් ඔය ගමන්ම එළියට දානවද සර්?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 28 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 708 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 336 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site