(මොහොමඩ් ආසික්)
සුළු ජාතීන්ගේ නියෝජනයට හෝ සුළු ජාතීන්ට හානි වන ඕනෑම දෙයකට තම පක්ෂය විරුද්ධ වන බව ලංකා කම්කරු කෝන්ග්‍රසයේ නායක සහ ප්‍රජා සවිබල ගැන්වීම් සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන් මහතා අද (09) කීය.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරණ සමයේදී වතු ජනතාවට දුන් පොරොන්දු සියල්ල ඉටු කිරීමට සූදානමින් සිටින බවත් එළඹෙන තෛපොංගල් දිනයෙන් පසුව වතු ජනතාවට සුභ ආරංචි රැසක් ලැබෙනු ඇති බවත් අමාත්‍යවරයා කීය.
වතු ජනතාව දීර්ඝ කාලයක සිට අපේක්ෂාවෙන් සිටින රුපියල් 1000 ක වැටුපටද විසඳුමක් ඉක්මනින් ලැබෙනු ඇති බවත් අමාත්‍යවරයා කීය.
වතුකරය සඳහා වෙනම විශ්ව විද්‍යාලයක් ලබා ගැනීමත්, වතු ආශ්‍රීතව පවතින මත්පැන්හල් සියල්ල වෙනත් ස්ථානවලට ගෙන යාම, වතුකරයේ දරුවන් සඳහා ගණිතය, විද්‍යාව සහ ඉංග්‍රීසි විෂය සඳහා ගුරුවරුන්ගේ විශාල හිඟයක් පවතින බවත් ඒ සඳහා විසඳුමක් ලෙස විශ්‍රාමික ගුරුවරුන් කොන්ත්‍රාත් පදනම මත හෝ බඳවා ගැනීමට ඇති හැකියාව සොය බලන ලෙසත් අගමැති මහින්ද රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා තිබෙන බවත් ඇමැතිවරයා වැඩිදුරටත් පැවසීය.
වතුකරය තුළ කැලෑවී ඇති ඉඩම් හඳුනාගෙන එම ඉඩම් වතුකරයේ තරුණයින්ට වගා කිරීමට ලබාදෙන ලෙස රජයෙන් ඉල්ලා ඇති බවත් කීය.
2025 දෙසැම්බර් මස 18
592
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
291
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1092
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
‘‘සුළු ජාතින්ගේ නියෝජනයට හානි වන ඕනෑම දෙයකට විරුද්ධ වෙනවා‘‘
Devinda Uduwara Thursday, 09 January 2020 04:54 PM
කැලේ ඉඩම් වලටනම් අත තියන්න එපා.
Bamunuarachchi Friday, 10 January 2020 03:48 AM
හරියට මෙලායගේ ඡන්ද මේ ආණ්ඩුවට ලැබුන වගේ කතාව. හලෝ ඔහෙලාගේ ශක්තියෙන් සිංහලයෝ ආණ්ඩු පිහිටවපු කාලේ ඉවරයි.
Gamage Friday, 10 January 2020 04:07 AM
දේශප්‍රේමී තොණ්ඩමන්.................
Nuwan Friday, 10 January 2020 06:36 AM
"වතුකරය සඳහා වෙනම විශ්ව විද්‍යාලයක්" තව මොනවත් ඕනෙද?