සිංහල සිනමාවේ පුරෝගාමියකු වූ ඉන්දීය චිත්‍රපට අධ්‍යක්ෂ ඇන්තනි බාස්කර් රාජ් (ඒ.බී.රාජ්) මහතා පසුගියදා තමිල්නාඩුවේ චෙන්නායි නුවරදී අභාවප්‍රාප්ත විය. මියයන විට දී ඒ මහතා 95 වැනි වියේ පසුවිය.
සිංහල සිනමාවේ මුල් කාලින චිත්‍රපට වූ අහංකාර ස්ත්‍රී, රම්‍යලතා, ප්‍රේම තරගය, සොහොයුරෝ, පෙරකදෝරු බෑණා, වන මෝහිනී’ වැනි සිංහල චිත්‍රපට රැසක් ඔහු අතින් අධ්‍යක්ෂණය වී සිංහල සිනමාවට එක්විය.
‘සුන්දර සවුන්ඩ්’ චිත්‍රාගාරයෙන් සිනමාකරණයට පිවිසෙන ඒ. බී. රාජ් මහතා, සිංහල භාෂාවද මනා ලෙස හසුරුවන්නට සමත්ව සිටියේය. දෙමළ, මලයාලම් හා සිංහල බසින් ඔහු නිර්මාණය කළ චිත්‍රපට සංඛ්‍යාව 55කි.
සුප්‍රකට ඉන්දීය දමිළ නිළි ශරන්‍යා ඔහුගේ දියණියකි.
සිංහල සිනමාව හැදී වැඩී එන සමයේදී ඉන්දීය සිනමාවේ තාක්ෂණය සහ ක්‍රමවේද ශ්‍රී ලංකාවට ගෙන එමින් සිංහල සිනමාවේ පුරෝගාමියකු වශයෙන් කටයුතු කළ ඒ. බී. රාජ් මහතා චිත්‍රපට නිෂ්පාදකවරයකු වශයෙන් පමණක් නොව, තිර රචකයකු හා අධ්‍යක්ෂවරයකු වශයෙන්ද කටයුතු කළේය.
(***)
COMMENTS
අපේ සිනමා ලෝලීන්ට මෙව්වා අදාළ නැහැ, අපේ සිංහල සිනමාව පවිත්‍රයි... මේ සිනමා සංස්කෘතිය අපේ කරේ ගහන්න හදපු එක.., ඒ අයව එලවා ගත්ත එක හොඳා, අපේ සංස්ථාව නිසා දැන් අපි ලෝකෙටම විහිලු කතා සපයනවා. සල්ලි වකාරෙට සල්ලි වැඩියි අපිට ඒවාට කරන්න දෙයක් නැහැ. නිෂ්පාදකයෝ වැහි වැහැලා.. හප්පා චිත්‍රපටියක් බලන්න ටිකට් එකක් ගන්න බෑ.. ටක්ගාලා ඉවර වෙනවා, ඊයේ පැය ගාණක් පෝලිමේ හිටියා..