IMG-LOGO

2025 නොවැම්බර් මස 22 වන සෙනසුරාදා


සහල් ලොරිවල සඟවා පොළොන්නරුවේ සිට දකුණට ගිනිඅවි-උණ්ඩ

(*** ඉන්දිකා රාමනායක)

පොළොන්නරුවේ සිට සහල් ලොරිවල සඟවා කොළඹ හා දකුණු පළාතේ අපරාධකරුවන්ට 2018 වසරේ සිට අවස්ථා කිහිපයක දී ගිනි අවි හා උණ්ඩ ප්‍රවාහනය කළ බව කියන සැකකරුවන් තිදෙනකු විශේෂ කාර්ය බළකායේ විශේෂ කණ්ඩායමක් විසින් පෙරේද‌ා (12) අත්අඩංගුවට ගනු ලැබූ බව එම බළකාය කියයි.

මොවුන් කඩුවෙල, නුගේගොඩ හා තිස්සමහාරාම යන ප්‍රදේශවල දී අත් අඩංගුවට ගත් බවද විශේෂ කාර්ය බළකාය පවසයි.

මෙම සැකකරුවන් තිදෙනා මාකඳුරේ මධුෂ් නමැති සංවිධානාත්මක අපරාධ කල්ලි සමාජිකයාගේ මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ජාවාරම්කරුවකු වන බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින කැලුම් ඉන්දික හෙවත් ‘කැවුමා’ නමැත්තා සමග එක්ව මෙම ආයුධ ප්‍රවාහන කර ඇති බවට තොරතුරු හෙළි වී ඇති බව විශේෂ කාර්ය බළකාය කියයි.

සැකකරුවන් සම්බන්ධයෙන් ලැබුණු තොරතුරු අනුව කඩුවෙල බස් නැවතුම් පොළේ දී එක් සැකකරුවකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහුගෙන් ප්‍රශ්න කිරීමේ දී හෙළිවූ තොරතුරු අනුව තවත් සැකකරුවකු නුගේගොඩදීත් අනෙක් සැකකරු කතරගම ප්‍රදේශයේ ලැඟුම් හලක සැඟවී සිටියදීත් අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බළකාය සඳහන් කරයි.

මෙම ගිනි අවි හා පතුරම් පොළොන්නරුවේ සිට රැගෙන ඒම, ඒවා නුගේගොඩ ප්‍රදේශයේ නිවසක සැඟවීම හා ආයුධ රැගෙන එන ලොරි රථවලට ආරක්ෂාව ලබාදීමට යන චෝදනා යටතේ මොවුන් තිදෙනා අත් අඩංගුවට ගත් බව ද විශේෂ කාර්ය බළකා ආරංචි මාර්ගවලින් පැවසේ.

ඇරැව්වල මැණික් ව්‍යාපාරිකයාගේ නිවසින් රුපියල් කෝටි 700 කට දියමන්තිය කොල්ලකෑම සම්බන්ධයෙන් කැවුමාට චෝදනා එල්ල වේ.

කැළුම් ඉන්දික හෙවත් කැවුමා නමැත්තා මත්කුඩු කිලෝ 300 කට අධික ප්‍රමාණයක් හා පිස්තෝල 10 ක් සමඟ මීට පෙර විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගනු ලැබූ අතර එම සිද්ධිය සම්බන්ධයෙන් ඔහු තවමත් බන්ධනාගාරගතව සිටියි.
සැකකරුවන් රැගෙන ආ ආයුධ නුගේගොඩ ප්‍රදේශයේ නිවසක සඟවා තිබී ඇති අතර ඒවා අත්අඩංගුවට ගැනීම සඳහා නිලධාරීන් පරීක්ෂණ ආරම්භ කර ඇත.

තිස්සමහාරාම ප්‍රදේශයේ ලැගුම්හලක දී අත්අඩංගුවට ගත් සැකකරු කැවුමා නමැත්තාගේ උපදෙස් මත මෙම ආයුධ අපරාධ කල්ලි අතර බෙදා දී ඇති බව ද විශේෂ කාර්ය බළකා ආරංචි මාර්ග පවසයි. මෙම සැකකරුවන් තිදෙනා සතුව ජංගම දුරකතන 6 ක් හා ලැප්ටොප් පරිගණක 3 ක්ද තිබී ඇත.

විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර මහතාගේ අධීක්ෂණය යටතේ අපරාධ හා බුද්ධි අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශාන්ත රත්තෙපිටිය මහතාගේ මෙහෙයවීමෙන් විශේෂ කණ්ඩායමක් විසින් මෙම වැටලීම සිදු කරනු ලැබීය.

අත්අඩංගුවට ගත් සැකකරුවන් වැඩිදුර පරීක්ෂණ සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාර දී ඇත.

 



අදහස් (3)

සහල් ලොරිවල සඟවා පොළොන්නරුවේ සිට දකුණට ගිනිඅවි-උණ්ඩ

Bamunuarachchi Monday, 14 September 2020 12:27 PM

අනේ මේවා කිය කිය ලතවෙන්නේ ඇයි? ගෙනාපු ගිනි අවි පෙන්වන්න එක්ක යන්නකෝ... මොවුන්ව පරිස්සම් කරන එක ජනතාවට බරක්... දැන් මොහු එළියේ ඉන්නවාට වඩා ආරක්ෂිතව ඉන්නවා. කාටද ආඩම්බර?

:       0       0

isuru Monday, 14 September 2020 05:20 PM

2/3 ක් දුන්නේ.. දැන් සැපද?

:       0       0

BamunuarachchiWednesday, 16 September 2020 04:14 AM

අවි ආයුධ ගෙනෙන ඒවා අල්ලන්නේ දැන් යහපාලන කාලේ ඕවා හොඳට එහාමෙහා ගියා.. බඩු අහුවෙනකොට අපිට නම් සැපයි.. ඔබට දුකයි නේද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 26 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 143 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 990 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site