IMG-LOGO

2024 ඔක්තෝබර් මස 27 වන ඉරිදා


සහල් මිල යළි ඉහළ යයි ?

(යොහාන් භාසුර)

මහ පරිමාණ සහල් නිෂ්පාදකයන් කීරි සම්බා සහල් කිලෝවක් රුපියල් 40 කින් ද, සම්බා සහ නාඩු සහල් කිලෝවක් රුපියල් 15 කින් ද, ඉහළ දමා ඇතැයි ලංකා සහල් නිෂ්පාදකයන්ගේ සංගමයේ ලේකම් මුදිත පෙරේරා මහතා ‘ලංකාදීප’යට පැවසීය.

රජය සහල් පාලන මිල ඉවත් කරමින් නරියට කුකුල්ළු බාර දුන්නාක් මෙන් මහ පරිමාණ සහල් නිෂ්පාදකයනක් කීපදෙනකුට රටේ සහල් මිල පාලනය බාර දී ඇති බව කී මුදිත පෙරේරා මහතා මීට පෙර අඩු මිලට ගත් වී අඹරණ ගමන් එළියෙ වී මිල ඉහළ දමා අධික ලාභයක් ලැබීම සහල් මාෆියාව බව ද සඳහන් කළේය.

මෙම මිල ඉහළ දැමීමත් සමඟ කීරි සම්බා කිලෝවක් රුපියල් 210 ක් දක්වා ද, සම්බා කිලෝවක් රුපියල් 155 ක් දක්වා ද, නාඩු සහල් කිලෝවක් රුපියල් 130 ක් දක්වා ද, ඉහළ දමා ඇති බවත් ලංකා සහල් නිෂ්පාදකයන්ගේ සංගමයේ ලේකම් මුදිත පෙරේරා මහතා වැඩි දුරටත් කීය. රජය සහල් පාලන මිල ඉවත්කිරීමෙන් පසු නාඩු කිලෝවක් රුපියල් 115 කට, සම්බා කිලෝවක් රුපියල් 140 කට සහ කිරී සම්බා කිලෝවක් රුපියල් 165 කට අළෙවි කරන බව මහා පරිමාණ සහල් මෝල් හිමියන්ගේ සංගමය පැවසීය.

 



අදහස් (15)

සහල් මිල යළි ඉහළ යයි ?

අගුපිලගේ Wednesday, 20 October 2021 06:55 AM

මහා පරිමාණ මෝල් හිමියෙක් රාජ්‍ය ඇමතියෙක් වෙලා තියෙද්දි මේක වලකන්න බන්දුලගේ හිතවත් වයිමාටත් බැහැ විපත් මගටත් (කියත් මගටත්) 69 ලක්ෂයටත් ජයවේවා.

:       17       25

සුරලොව ඇල්මන් Wednesday, 20 October 2021 07:05 AM

යහපාලනය කාලයේ හිටපු ඇමති හෝ රාජ්‍ය ඇමති ආචාර්ය හර්ෂ ඇතිකල සුලු පරිමාණ මෝල් හිමියන් ප්‍රවර්ධනය මර්ධනය කලාද බන්දුල මහත්තයෝ.

:       11       21

චන්දන Wednesday, 20 October 2021 07:27 AM

ඔව් ආණ්ඩුව කිවුවා නේද වී 70කියල. දැං ඉඳල ම ඒකට හැඩ ගැහෙනව. පිටරටින් හාල් ගෙනැවිත් 100ට අඩුවෙන් දෙන්න පුළුවන් නේද. මෙහෙම දේශිය කෘෂි කර්මාන්තය නංවලා වැඩක් තියෙනවා ද.?

:       0       19

කෙළින්කවි Wednesday, 20 October 2021 08:28 AM

බන්දුල, කෝ රටින් හාල්... දණ ගස්සන හැටි කිව්වා ඩඩ්ලි හාල්...... හැමදාමත් දෙපැත්තෙ අය වෙලා ගාල්..... ‍ජනතාවට කවනව දෙයියන්ගෙ හාල්......

:       4       18

swene Wednesday, 20 October 2021 10:15 AM

බන්දුල, විමල්, ගම්මන්පිල, මහින්දානන්ද, වාසු, ජොන්ස්ටන් ගිය ආණ්ඩුව කාලේ බෙරිහන්දුන්නා. බලයත් ඇල්ලුවා. දැන් වරප්‍රසාද සහ අනික් ඒවා භුක්ති විඳිනවා මිස, ජනතාවාදී වැඩ මොනවාද කලේ?

:       2       23

Anura Wednesday, 20 October 2021 10:51 AM

යුද්දේ ඉවරකලා කියල පම්පෝරි ගහන ආණ්ඩුවට, ගොවින්යන්ගේ වී මිලදී ගෙන ගබඩා කර සහල් කරලා පාරිබෝගිකයන් අතට බෙදාහැරීම වැඩ පිළිවෙලක් යොදන්න බැරිකමක් නැහැනේ. එත් එහෙම කරන්නේ නැත්තේ මේ මෝල් හිමියන්ව රැකගන්න. එක පොඩි ළමයෙක්ට උනත් තේරෙන්න ඕනේ දැන්

:       0       18

Lalith M Wednesday, 20 October 2021 11:21 AM

කිසිම දෙයක් නිවැරදිව කරන්න බැරි නොහැකියාව කරපින්නාගත් සොරකම පමණක් දන්න ආණ්ඩුවකින් අපට මොකුත් බලාපොරොත්තු වෙන්න බෑ.

:       0       19

Bamunuarachchi Wednesday, 20 October 2021 12:00 PM

කෝ මේ බන්දුල හාදය රටින් ගෙන්වනවා කිව්ව සහල්? අපි මෙහෙ වතුර ලිපෙ තියන් හාල් නැතුව බලන් ඉන්නවා.

:       2       7

fairoos Wednesday, 20 October 2021 12:22 PM

ඇමති ෆේල් උනාට සර් පාස් .69 ලක්ෂයට දැන් සැප ඇති නේ ?

:       1       9

BamunuarachchiWednesday, 20 October 2021 07:52 PM

සැප කියන්නේ ලාබෙට කන එකද හලෝ? හම්බයින්, දෙමල්ලුන් අමාත්‍යාංශ නොකරන එක සැපක් කියා තේරෙන්නේ නැද්ද?

:       1       0

Shan Wednesday, 20 October 2021 12:23 PM

සෞභාග්‍යයේ දැක්ම

:       1       8

Hafeel Wednesday, 20 October 2021 02:24 PM

වැඩ කරන විරුවා, රට රකින විරුවා කව්ද? මේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීලාගෙන් ඉල්ලා සිටින්නේ, දැන්වත් සර්ට තුනෙන් දෙහක බලය දීල, විස්සත් සම්මතකරල දෙන්න වැඩ කරන්න. ඕවා නැතුව සර් අසරණ වෙලා ඉන්නේ.

:       0       4

Don Wednesday, 20 October 2021 03:25 PM

වහාම හාල් ආනයනයට බදු ඉවත් කරන්න. මේ මිලට බාස්මති ගනන පුලුවන්

:       0       2

ranjith Wednesday, 20 October 2021 03:33 PM

කොන්ද පන නැති මේ පාලකයන්ට හෙන ගහන්න එපැයි

:       0       2

එඩ්වඩ් ඩොමිණිකෝන් Wednesday, 20 October 2021 07:25 PM

කොමිස් අරමුදලට කෑදර අදූරදර්ශී කාලකණ්නි පාලකයින් සිටින රටක ඔයිට වඩා දෙයක් බලාපොරොත්තු විය නොහැක.

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

ඇල්පිටිය පුංචි ඡන්දයෙන් මාලිමාවට විශිෂ්ට ජයක්
2024 ඔක්තෝබර් මස 26 4599 0

ඇල්පිටිය ප්‍රාදේශීය සභාවට නවක සභිකයන් තෝරාපත්කර ගැනීම සඳහා අද පැවති ජන්ද විමසීමෙන් ජාතික ජනබලවේගය කොට්ඨාස 15 ක බලය හිමිකරගෙන ඇතැයි මැතිවරණ ලේකම් කාර්


හිරකැටිය වෙරළ සංචාරකයින්ගෙන් පිරිලා
2024 ඔක්තෝබර් මස 26 1085 0

මෙරට සංචාරය කිරීමේදී තම වැසියන් සැළකිලිමත් විය යුතු බවට රටවල් කිහිපයක් අවවාදාත්මක නිවේදන නිකුත් කළද දකුණු පළාතේ සංචාරක ආකර්ශනයට ලක්ව ඇති නිල්වැල්ල හ


කොළඹ කන්කසන්තුරය දුම්රිය ධාවනය යළි අරඹයි
2024 ඔක්තෝබර් මස 26 714 0

මහව සහ අනුරාධපුරය අතර දුම්රිය මාර්ගය නවීකරණය කිරීමෙන් අනතුරුව කොළඹ කොටුව සිට කන්කසන්තුරය දක්වා දුම්රිය ධාවනය ලබන 28 වැනිදා සිට අරඹන බව ශ්‍රී ලංකා දුම්


සී.බීට ආ විරෝධය
2024 ඔක්තෝබර් මස 26 1731 1

නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කොත්මලේ පුඩළුඔය නගරයේ පැවති රැස්විමකට සහභාගි වු හිටපු පා.ම සි.බි රත්නායක මහතා සභාව ඇමතිමට උත්සහ කිරිමේදි පාක්ෂි


සැප රියක් හිටපු රාජ්‍ය ඇමැති බිරියගේ නිවෙසින් හමු වේ
2024 ඔක්තෝබර් මස 26 4170 12

හිටපු රාජ්‍ය අමාත්‍යවරයකගේ බිරිඳට අයත් මිරිහාන ඇඹුල්දෙනිය සාලාව පාරේ සුඛෝ භෝගී තෙමහල් නිවසක ගරාජයක සඟවා තිබූ රුපියල් කෝටි ගණනාවක් වටිනා අති සුඛෝභෝග


ඇල්පිටිය ප්‍රා.සභා මැතිවරණය: 63%ක් ඡන්දය ප්‍රකාශ කරයි
2024 ඔක්තෝබර් මස 26 1241 1

ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයේදී ජන්දදායකයින්ගේ ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය සියයට 63ක් බව ගාල්ල දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරි ඩබ්ලිව්.ඒ. ධර්ම


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 200 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 924 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 580 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

Our Group Site