
(යොහාන් භාසුර)
මහ පරිමාණ සහල් නිෂ්පාදකයන් කීරි සම්බා සහල් කිලෝවක් රුපියල් 40 කින් ද, සම්බා සහ නාඩු සහල් කිලෝවක් රුපියල් 15 කින් ද, ඉහළ දමා ඇතැයි ලංකා සහල් නිෂ්පාදකයන්ගේ සංගමයේ ලේකම් මුදිත පෙරේරා මහතා ‘ලංකාදීප’යට පැවසීය.
රජය සහල් පාලන මිල ඉවත් කරමින් නරියට කුකුල්ළු බාර දුන්නාක් මෙන් මහ පරිමාණ සහල් නිෂ්පාදකයනක් කීපදෙනකුට රටේ සහල් මිල පාලනය බාර දී ඇති බව කී මුදිත පෙරේරා මහතා මීට පෙර අඩු මිලට ගත් වී අඹරණ ගමන් එළියෙ වී මිල ඉහළ දමා අධික ලාභයක් ලැබීම සහල් මාෆියාව බව ද සඳහන් කළේය.
මෙම මිල ඉහළ දැමීමත් සමඟ කීරි සම්බා කිලෝවක් රුපියල් 210 ක් දක්වා ද, සම්බා කිලෝවක් රුපියල් 155 ක් දක්වා ද, නාඩු සහල් කිලෝවක් රුපියල් 130 ක් දක්වා ද, ඉහළ දමා ඇති බවත් ලංකා සහල් නිෂ්පාදකයන්ගේ සංගමයේ ලේකම් මුදිත පෙරේරා මහතා වැඩි දුරටත් කීය. රජය සහල් පාලන මිල ඉවත්කිරීමෙන් පසු නාඩු කිලෝවක් රුපියල් 115 කට, සම්බා කිලෝවක් රුපියල් 140 කට සහ කිරී සම්බා කිලෝවක් රුපියල් 165 කට අළෙවි කරන බව මහා පරිමාණ සහල් මෝල් හිමියන්ගේ සංගමය පැවසීය.
COMMENTS
මහා පරිමාණ මෝල් හිමියෙක් රාජ්‍ය ඇමතියෙක් වෙලා තියෙද්දි මේක වලකන්න බන්දුලගේ හිතවත් වයිමාටත් බැහැ විපත් මගටත් (කියත් මගටත්) 69 ලක්ෂයටත් ජයවේවා.
යහපාලනය කාලයේ හිටපු ඇමති හෝ රාජ්‍ය ඇමති ආචාර්ය හර්ෂ ඇතිකල සුලු පරිමාණ මෝල් හිමියන් ප්‍රවර්ධනය මර්ධනය කලාද බන්දුල මහත්තයෝ.
ඔව් ආණ්ඩුව කිවුවා නේද වී 70කියල. දැං ඉඳල ම ඒකට හැඩ ගැහෙනව. පිටරටින් හාල් ගෙනැවිත් 100ට අඩුවෙන් දෙන්න පුළුවන් නේද. මෙහෙම දේශිය කෘෂි කර්මාන්තය නංවලා වැඩක් තියෙනවා ද.?
බන්දුල, කෝ රටින් හාල්... දණ ගස්සන හැටි කිව්වා ඩඩ්ලි හාල්...... හැමදාමත් දෙපැත්තෙ අය වෙලා ගාල්..... ජනතාවට කවනව දෙයියන්ගෙ හාල්......
බන්දුල, විමල්, ගම්මන්පිල, මහින්දානන්ද, වාසු, ජොන්ස්ටන් ගිය ආණ්ඩුව කාලේ බෙරිහන්දුන්නා. බලයත් ඇල්ලුවා. දැන් වරප්‍රසාද සහ අනික් ඒවා භුක්ති විඳිනවා මිස, ජනතාවාදී වැඩ මොනවාද කලේ?
යුද්දේ ඉවරකලා කියල පම්පෝරි ගහන ආණ්ඩුවට, ගොවින්යන්ගේ වී මිලදී ගෙන ගබඩා කර සහල් කරලා පාරිබෝගිකයන් අතට බෙදාහැරීම වැඩ පිළිවෙලක් යොදන්න බැරිකමක් නැහැනේ. එත් එහෙම කරන්නේ නැත්තේ මේ මෝල් හිමියන්ව රැකගන්න. එක පොඩි ළමයෙක්ට උනත් තේරෙන්න ඕනේ දැන්
කිසිම දෙයක් නිවැරදිව කරන්න බැරි නොහැකියාව කරපින්නාගත් සොරකම පමණක් දන්න ආණ්ඩුවකින් අපට මොකුත් බලාපොරොත්තු වෙන්න බෑ.
කෝ මේ බන්දුල හාදය රටින් ගෙන්වනවා කිව්ව සහල්? අපි මෙහෙ වතුර ලිපෙ තියන් හාල් නැතුව බලන් ඉන්නවා.
ඇමති ෆේල් උනාට සර් පාස් .69 ලක්ෂයට දැන් සැප ඇති නේ ?
සෞභාග්‍යයේ දැක්ම
වැඩ කරන විරුවා, රට රකින විරුවා කව්ද? මේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීලාගෙන් ඉල්ලා සිටින්නේ, දැන්වත් සර්ට තුනෙන් දෙහක බලය දීල, විස්සත් සම්මතකරල දෙන්න වැඩ කරන්න. ඕවා නැතුව සර් අසරණ වෙලා ඉන්නේ.
වහාම හාල් ආනයනයට බදු ඉවත් කරන්න. මේ මිලට බාස්මති ගනන පුලුවන්
කොන්ද පන නැති මේ පාලකයන්ට හෙන ගහන්න එපැයි
කොමිස් අරමුදලට කෑදර අදූරදර්ශී කාලකණ්නි පාලකයින් සිටින රටක ඔයිට වඩා දෙයක් බලාපොරොත්තු විය නොහැක.