IMG-LOGO

2025 ඔක්තෝබර් මස 26 වන ඉරිදා


සහල් මෙට්‍රික් ටොන් 6,000ක් ආනයනයට කැබිනට් අනුමැතිය

(ඩයනා උදයංගනී)

අධික සහල් මිල පාලනය කිරීම සහ පවතින සහල් හිඟයට පියවරක් ලෙස සහල් මෙටි්‍රක් ටොන් 6,000ක් කඩිනමින් ආනයනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවූ බව කැබිනට් ප්‍රකාශක, ජනමාධ්‍ය අමාත්‍ය, ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය.

පකිස්තාන ශ්‍රී ලංකා නිදහස් වෙළඳ ගිවිසුම යටතේ ඇති විධිවිධාන අනුගමනය කරමින් කඩිනමින් මෙම සහල් ආනයනය කිරීම සඳහා වෙළඳ අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ඉදිරිපත් කළ යෝජනාවකට මෙලෙස අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවූ බව අලහප්පෙරුම මහතා සඳහන් කළේය.

අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද(18) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව අමතමිනි.

සහල් මිල පාලනයට පියවරක් ලෙස සමූපකාර සමිති හා එක්ව වී අස්වනු මිලදී ගෙන සහල් නිපදවා සාධාරණ මිලකට අලෙවි කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට ද අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවූ බව ඇමතිවරයා කීවේය.

ඒ අනුව පුද්ගලික සමූපකාර හවුල්කාරීත්වය යටතේ කුරුණෑගල, අනුරාධපුරය, මඩකලපුව, හම්බන්තොට සහ අම්පාර යන දිස්ත්‍රික්කයන්හි නවීන තාක්‍ෂණය සහිත සහල් මෝල් පහක් ස්ථාපිත කර ඉදිරි මහ කන්නයේ සිට සහල් නිපදවා ලංකා ස.තො.ස හා සමූපකාර සමිති හරහා බෙදාහැරීම වෙනුවෙන් බන්දුල ගුණවර්ධන මහතා ඉදිරිපත් කළ යෝජනාවකට ද ඇමති මණ්ඩල අනුමැතිය හිමිවූ බව ද හෙතෙම පැවසීය.

 



අදහස් (9)

සහල් මෙට්‍රික් ටොන් 6,000ක් ආනයනයට කැබිනට් අනුමැතිය

de silva Wednesday, 18 August 2021 02:23 PM

පොහොර හිඟ වීමේ ප්‍රතිඵල දැන් ලැබෙමින් පවතින බව පෙනේ...

:       4       7

මුණසිංහ Wednesday, 18 August 2021 05:05 PM

කොහොම නමුත් අපිට නම් කිසිඳු පොහොර හිඟයක් තිබුණේ නැහැ. අස්වනුවල අඩුවකුත් නැහැ. යායම එකයි...

:       3       2

kapWednesday, 18 August 2021 05:57 PM

පර්චස් 05 ක ඉන්න කෙනෙක් යායේ ටෝක් දානවා... මල් පොච්චි වලද වී වගා කරන්නේ? කඩේ යන්න එපා හලෝ....

:       0       2

Tiran Wednesday, 18 August 2021 02:38 PM

රටේ හාල් තියනවලු හොයාගන්න බෑ හැබැයි. එහෙමට වැඩ බැරි ඇමැතිලා...

:       1       7

duminda Wednesday, 18 August 2021 03:30 PM

කාබනිකද? තකතීරු තීරණ අරන්... දැන් හාල් ගේන්නත් ණයට ඩොලර් හොයන්න වෙනවා. පෝර ගෙන්නලා, ඵලදාව වැඩි කරලා..., රට යවනවා නෙවෙයි.. ඔක්කොම කණපිට ගැහුවා. රජයටම ගැලපෙන කේවට්ටයින් ටික...

:       0       5

gamage Wednesday, 18 August 2021 04:08 PM

අර හමුදා නිලධාරීන්ගේ ඩේටාබේස් එකේ තියෙන හාල් ටික ඔක්කොම ඉවරයිද? 

:       0       4

JCN Wednesday, 18 August 2021 04:13 PM

කාබනික පෝර දාපු හාල් විතරයි හොඳේ...

:       0       5

Hafeel Wednesday, 18 August 2021 04:39 PM

අමාත්‍ය මණ්ඩල අනුමැතිය දෙනකොට මහින්දානන්ද අලුත්ගමගේ කොහේද හිටියේ? ඔහු කිව්වා හාල් ඇටයක්වත් රටින් ගේන්න දෙන්නේ නැහැ කියලා. මේ ආණ්ඩුව කියන්නේ එකක්, කරන්නේ වෙනස් දෙයක්....

:       0       4

Sri Lanka Wednesday, 18 August 2021 07:31 PM

අපි වහනවා... පිටරටවල් වවනවා... අපිටත් එක්ක. තව ලොක්ඩවුන් කරන්න... ඉස්සරහට කන්න වෙන්නේ එන්නත් තමයි.

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1469 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1315 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 474 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site