IMG-LOGO

2025 සැප්තැම්බර් මස 17 වන බදාදා


සහල් ආනයනය ‘මාෆියාවට’ පිළිතුරක් පමණයි

(යොහාන් භාසුර)

පොළොන්නරුවේ සහල් මාෆියාවට පිළිතුරක් ලෙස පමණක් රජය සහල් ආනයනය කරන බවත් පොළොන්නරුවේ සහල් මෝල්හිමියන් සිංහල අලුත් අවුරුද්ද වන විට සහල් කිලෝවක් රුපියල් 300 කට අළෙවි කිරීමට සැළසුම් කරමින් සිටි බවත් වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අද (17) පැවසීය.

ගෝලීය අර්බුද කිසිවක් නොමැතිව යහපාලන රජය 2014 වසරේ සහල් මෙට්‍රික්ටොන් ලක්‍ෂ 6 ක්, 2015 දී මෙට්‍රික්ටොන් 286,000 ක්, 2016 දී මෙට්‍රික්ටොන් 29,000 ක්, 2017 දී මෙට්‍රික්ටොන් 745,000ක් සහ 2018 දී මෙට්‍රික්ටොන් 249,000 ක් වශයෙන් සහල් ආනයනය කළ බව කී අමාත්‍යවරයා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රමුඛ රජය බලයට පත් වීමෙන් පසුව 2020 වර්ෂයේදී සහල් මෙට්‍රික්ටොන් 16,000 ක් පමණක් ආනයනය කළ බව ද සඳහන් කළේය.

එම සහල් ආනයනය කිරීම හුදෙක්ම සහල් මාෆියාව පාරිභෝගිකයා සූරා කෑම වළක්වාලීමේ පියවරක් පමණක් වූ බවත් කිසිදු අර්බුදයක් නොමැතිව සෑම දෙයක්ම ආනයනය කළ යහපාලන රජයේ නියෝජිතයන් පාරිභෝගිකයාට සහන සැලසීමේ වර්තමාන ක්‍රියාමාර්ග පිළිබඳව දුර්මත පතුරවන බවත් වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා කීය.



අදහස් (14)

සහල් ආනයනය ‘මාෆියාවට’ පිළිතුරක් පමණයි

වාසනා Monday, 17 January 2022 03:21 PM

කරගන්ඩ බැරි උනාම හැම එකම මාෆියාව. එහෙනන් ඒ මාෆියා කාරයින්ට බලේ දීලා මුන්ද ගියා නන් හරි. නිකන් කොමිස් ගහන්ඩ විතරක් පුටුවේ ඉදන් ඉන්ඩ ඕන නෑනේ.

:       0       0

Siri Monday, 17 January 2022 03:42 PM

පිටරටින් හාල් ඇටයක්වත් ගෙන්වන්නේ නෑ කීවේ මේ උන්නැහේම නේද ?

:       0       0

Shan Monday, 17 January 2022 04:13 PM

මොන බම්බුවටද හලෝ 2014 ඒවා කියවන්නේ ?දැන් තියන ප්‍රශ්නේ ගැන කතා කරනවකෝ

:       0       0

Sunil Monday, 17 January 2022 04:21 PM

මෙයා ළඟදීම සහල් මාෆියාවේ හැකියාවන් තේරුම් ගනීවි

:       0       0

Bamunuarachchi Monday, 17 January 2022 05:34 PM

හරියට හරි හැබැයි සමහරක් තේරුම් අරන් තිබෙන්නේ රසායනික පොහොර ප්‍රශ්නය නිසා සහල් ගෙන්වනවා කියලා.

:       0       0

fairoos Monday, 17 January 2022 05:35 PM

අනේ ඔබතුමා කවද්ද ඉල්ලා අස්වෙන්නේ? සීනිවලට වුණා වගේ කෝටි ගණන් රජයට පාඩුකරගෙනයි යන්නේ...

:       0       0

පුංචි නෝනා Monday, 17 January 2022 05:45 PM

2014 වසරේ යහපාලන රජය හාල් මෙට්‍රික් ටොන් ලක්ෂ හයක් ගෙන්නුවා කියන්නේ මොන්ගල්ද ඩාලිං ඔයාට. තමුන් ඇවිත් 2020 කොපමණ ගෙනාවාද කියන්නකෝ..?

:       0       0

චමින්ද Monday, 17 January 2022 06:12 PM

තමුන්ගේ අයියා ජනාධිපති වෙලා සිටිද්දී දැන් අගමැති රහසින් නුවරඑළියේදී හමුවී උදව් කරනවා කියපු පොලොන්නරුවේ මෝල් හිමියාට මොනවා හිතෙනවා ඇද්ද?

:       0       0

Lokuge Monday, 17 January 2022 06:26 PM

තමන්ට හිතෙන හිතෙන දෙය කරන කෙනෙක්...

:       0       0

සුද්දා Monday, 17 January 2022 07:01 PM

මෙතනදී නම් බන්දුල ගුණවර්ධන මහතාගේ අදහස පිළිගන්න වෙනවා. සිරිසේන පවුල ඇතුළු අනිකුත් පොළොන්නරුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ සිටින සහල් මෝල් හිමියන් ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ ප්‍රතිපත්තියක් ගෙනියන්නේ...

:       0       0

sena Monday, 17 January 2022 07:37 PM

ඒ කාලේ වී අස්වැන්නට නියඟය ආදී නොයෙක් ස්වභාවික හේතු බලපාන්න ඇති. මෙයාලා හිතාමතාම වී අස්වැන්නට කෙළවලා දාන්න බයිලා කියනවා.

:       0       0

sam Tuesday, 18 January 2022 07:00 AM

මේක බොරු දේශ බල සුදු ලූනු වලින් හොරා කෑවා වගේ සහල් වලිනුත් කෙලින්ඩයි මේ හදන්නේ .ගිය තැන හොරා කන්නමයි බලන්නේ

:       0       0

නාලක Tuesday, 18 January 2022 07:30 AM

පොලොන් නරුව කුබුරු වල වී ගන්න කාලෙ අවම හාල්ල්ගෙන්නන්න මතක් උනේ දේශීය ගොවියට කෙලින්නනේ.......ඩඩ්ලිගෙන් කීයක් අරගෙනද මෙහෙම කරන්නෙ..

:       0       0

Rohan P Tuesday, 18 January 2022 09:36 AM

අනවශ්‍ය අවස්ථාවක පාලන මිලක්ඇති කර සහල් මාෆියාවක් මැව්වේ බන්ධුල ගුණවර්ධනයි.එය ප්‍රයෝජනයට ගෙන අනික ලොක්කන් තමුන්ට  හිතවත් ව්‍යාපාරියන්ට වාසි දීමට සකල පාලන මිල තන්ත්‍රයම නැති කලා. බන්ධුල ඔබ සැබව්න්ම ද්‍රෝහියකි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31118 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13246 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10949 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 44 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 882 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 264 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site