(යොහාන් භාසුර)

ආනයනික සහල් සඳහා පනවා තිබූ බද්ධ ශත 25 දක්වා අඩු කිරීම සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන්ට කර්මාන්තය ඉදිරියට ගෙන යෑමට දරුණු ප්‍රහාරයක් බවත් සහල් මිල පාලනයට නම් රජය කළ යුත්තේ පාලන මිල නැවත පැනවීම බවත් ලංකා සහල් නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති සුරාජ් ජයවික්‍රම මහතා ‘ලංකාදීප’යට පැවසීය.

ඉදිරි මාස දෙක තුනකට ප්‍රමාණවත් වී තොග රට තුළ ඇති බව කී සුරාජ් ජයවික්‍රම මහතා රජය වගා කන්න නිසි කළමනාකරණයක් නොකර තාවකාලික පැලැස්තර දමමින් සිටින බව ද සඳහන් කළේය.

රටේ ජනතාවට මේ අවස්ථාවේදී රට සහල් කෑමේ කිසිඳු අවශ්‍යතාවක් නොමැති බවත් රට සහල් ජනතාව ප්‍රතික්ෂේප කරනු ඇති බවත් ජයවික්‍රම මහතා වැඩි දුරටත් කීය.