(අංජුල මහික වීරරත්න)
පාස්කු දින ප්‍රහාරයේ මහා මොළකරු වන ජාතික තව්හීත් ජමාත් සංවිධානයේ නායක මොහොමඩ් කාසිම් මොහොමඩ් සහරාන් අත්අඩංගුවට ගැනීම සඳහා 2018 වසරේ ජුලි මස 2 වන දින ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසය විසින් විවෘත වරෙන්තුවක් ගෙන තිබූ බව ආරක්ෂක අංශ රජයට බාරදුන් වාර්තාවක සඳහන් වේ.
ත්‍රස්තවාදී විමර්ශන දිසාවේ එවකට ප්‍රධානියාව සිටි නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා ගේ උපදෙස් මත මොහොමඩ් කාසිම් මොහොමඩ් සහරාන් අත් අඩංගුවට ගැනීමේ වරෙන්තුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් උසාවිය වෙත ඉදිරිපත් කර ඇත්තේ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක කේ.එන්.ඕ පෙරේරා මහතා විසිනි.
එහි බී වාර්තා අංකය 92358/08/18 ලෙස සඳහන්වේ. ජාතික තව්හීත් ජමාත් සංවිධානයේ නායක මොහොමඩ් කාසිම් මොහොමඩ් සහරාන් අත්අඩංගුවට ගැනීම සඳහා විවෘත වරෙන්තුවක් ගෙන මාස 4 කට අඩු කාලයක් එනම් 2018 ඔක්තෝම්බර් මස 25 වන දින ත්‍රස්තවාදී විමර්ශන දිසාවේ නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා මහතා පොලිස් අත්අඩංගුවට පත්විනැයි ආරක්ෂක අංශ ඉදිරිපත් කළ වාර්තාවේ සඳහන්වේ.
අද රැස්වූ අමාත්‍ය මණ්ඩල රැස්වීමෙන් පසු රජයේ ජ්‍යෙෂ්ඨ ඇමතිවරු හමුවූ ආරක්ෂක ප්‍රධානීන් මොහොමඩ් කාසිම් මොහොමඩ් සහරාන් අත්අඩංගුවට ගැනීමට ඉදිරිපත් කළ ලියකියවිලි රජයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන් වෙත බාරදීමට පියවර ගෙන තිබේ.
ජාතික තව්හිද් ජමාත් නායක මොහොමඩ් කාසිම් මොහොමඩ් සහරාන් අත්අඩංගුවට ගැනීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට බී වාර්තාවක් මගින් කරුණු වාර්තා කරමින් ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය කියා ඇත්තේ මූලධර්මවාදී කරුණු ඉස්මතු කරමින් වීඩියෝ පට හා ඡායාරූප වෙබ් අඩවි සහ මුහුණු පොත භාවිතා කරමින් ප්‍රචාරය කළ බවට ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයට ලැබුණු තොරතුරු අනුව මොහොමඩ් කාසිම් මොහොමඩ් සහරාන් අත්අඩංගුවට ගැනීමට අධිකරණ සහාය පතන බවයි.
ඊට අමතරව මොහොමඩ් කාසිම් මොහොමඩ් සහරාන් විදේශගත විය හැකි බැවින් ජාත්‍යන්තර පොලිසිය මගින් නිල් නිවේදන ලබා ගැනීමට කටයුතු කරන බවද ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාශය අධිකරණය හමුවේ කරුණු වාර්තා කර තිබේ.
පාස්කු ප්‍රහාරයේ මහමොළකරු වන ජාතික තව්හිද් ජමාද් සංවිධානයේ නායක මොහොමඩ් කාසිම් මොහොමඩ් සහරාන් අත්අඩංගුවට ගැනීමට ඉහත වරෙන්තුව ගෙන මාස 4 ක කාලයක් ඇතුළත් ත්‍රස්තවාදී විමර්ශන දිසාවේ නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා අත්අඩංගුවට ගැනීම හේතුවෙන් ඒ සම්බන්ධයෙන් කෙරුණු පරික්ෂණ අඩාල විනැයි ආරක්ෂක ප්‍රධානීහු රජයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන් හමුවේ පවසා ඇත.
ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා අත්අඩංගුවට ගෙන හරියටම මාස 06 සම්පූර්ණ වෙද්දී තවුහිද් ජමාත් නායක මොහොමඩ් සහරාන්ගේ නායකත්වයෙන් මරාගෙන මැරෙන පාස්කු ප්‍රහාරය එල්ල වූ බවද ආරක්ෂක ප්‍රධානීහු ජ්‍යෙෂ්ඨ ඇමතිවරුන් හමුවේ කරුණු විස්තර කරණු ලැබූහ.
ආරක්ෂක අංශ ප්‍රධානීන් ඉදිරිපත් කරණු ලැබූ ඉහත කරුණු හා ඊටඅදාළ තොරතුරු රජයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරු අග්‍රාමාත්‍යවරයා වෙත අද සවසම වාර්තා කරනු ලැබූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔයකියන ඇමතිවරුන්ගේ නම් හා ඔවුන්ගේ අධ්‍යාපන මට්ටම් හා සුදුසුකම් පලකරන්න . එතකොට මහජනයාට දැනගන්න පුළුවන් ඔය කියන කට්ටියට යමක් වටහා ගැනීමේ ශක්තිය තියනවාද කියලා.
මේව දකිනකොට හිතෙනවා ප්‍රහාරය රජයේ ඉහලින්ම ආව සැලසුමක්ද කියල. නාලක සිල්වා අත්අඩංගුවට ගැනීම, ඉන්දියානු සහ ඔත්තු සේවා දැනුම්දීම් අමතක කිරීම, ප්‍රහාරය දවසේ සිංගප්පූරුවට යෑම, හිස්බුල්ලාට තනතුරු දීම මේ ගැන මටනං දැං සැකයි
සක් සුදක් සේ පැහැදිලියි නෙව වෙච්ච දේ "ඉතින් හත්වලාමේ වෙච්ච දේට මක් කොරන්නද " කියල ඊලග ඡන්දය එනකම් "අපි ඔහේ ඉමු "
රටේ පාලකයින්ට රටේ ආරක්ෂාව ගැන මොනතරම් කැක්කුමක් තිබුණද කියලා මෙතැනින්ම පේනවා... තව කීදෙනෙක් මලත් ඔච්චර තමයි.. ඔවුන්ගේ බලය සහ ආදායම් මාර්ග රැකගත්තම සේරම හරි.. රටේ ඉන්න වැඩ කරන මිනිස්සුත් රටත් යකාට ගියාවේ... අපිට හරි නායකයෙක් ඕනෑකර තිබේ.
එහෙම වුණානම් අද මේ මිනිස් ජීවිත නැතිවෙන්නේ නැහැ. මෙය පිටුපස අදිසි හස්තයක් තිබේදැයි සොයා බලන්න.
ඒ කියන්නෙ මේක තනිකරම බල ලෝභී දේශපාලකයන්ගේ ගේම් එකක්...
සහරාන්ව අල්ලන්න වරෙන්තුවක් අරන් මාස 4ක්, නිකන් බලා ඉදලා. සහරාන් රට යන්න කලින් ජාත්‍යන්තර නිල් නිවේදනත් අරන්, හැබැයි ලංකාවේ අගමන විගමන කාර්‍යාංශයටවත් දැනුම්දීලා නැහැ .. ඔන්න මෙයාලගේ වැඩ..
ත්‍රස්ත විමර්ශන දිසාවේ නියෝජ්‍ය පොලිස්පති අත්අඩංගුවට ගත්ත කියල, එම කොට්ටසයට පැවරිලා තියෙන වැඩ රාජකාරී අතපසු කරන්න පුලුවන්ද ? නාලක සිල්වා විතරද එතන රාජකාරි කරන්නේ ? අනිත් ඇත්තෝ උඩ බලන්ද හිටියේ...
ඒ උනාට මෙතුමා කොලරය ගලවා කාර් එකට නැග්ග කියලා ලොකු ආන්දෝලනයක් තිබ්බ නේද.
අනේ මන්දා මටනම් පිස්සු වගේ මේවා බලද්දී . උවමනාවෙන්ම රට ආඝාදයට ගෙනියන හැඩක් බැලූ බැල්මට පෙනෙන්නේ
වටිනාකම් ඇති එහෙත් රාගය වෛරය හා කරුණු හරිහැටි වටහා නොගැනීම යන දුර්වල කම්වලින් පෙලෙන මිනිසුන් විවිධ ආගම් ජාති කුල අනුව බෙදී ආත්මාර්ථකාමීව ක්‍රියාකරමින් තම තමන් දරන මතය තමයි හරියටම හරි කියා හිතාගන කටයුතු කරමින් කායික හා මානසික තෘප්තියට පත්වීමට දරන යත්නයේ හොද හා නරක සිදුවීම් අතර එක් භයානක ඵලයක් ලෙස අප්‍රල් 21-පාස්කු ඉරිදා කේදවාචකය සිදුවිය. මෙවැනි කේදවාචක වලින් බෙරීමට ලෝක බලවතුන් නිරන්තරයෙන්ම අවදියෙන් සිටින බුද්ධි අංශ හදා ඇතත් ඇමරිකා පෙන්ටගනයට මුස්ලිම් අන්තවාදීන් එල්ලකළ ප්‍රහාරය මෑතකදී සිදුවිය. තවත් එවැනි සිදුවීම් ඕනෑතරම් ඇත. අද අප රටේ වී ඇති කෙදවාචකයට ගොදුරුවූවන්ගේ අසරණ බව ගැන සොයාබලා කටයුතුකරමින් මේ කෙදවාචක්යේ අන්තර් ක්‍රියාවන් ලෙස අනාගතයේදී වන්නට තිබෙන භයානක කෙදවාචකයන් බේරීමට ක්‍රියාකරනවා වෙනුවට අවුල් ජාලයක් අධිකරණය හරහාම නිර්මාණය කරවන තත්වයක් සමහර නිවැරදි මෝඩයින් ක්‍රියාකරන ආකාරයෙන් පෙනෙන්නට ඇත.
හෙණ ගහන්න ඕනෑ මේ දේශපාලකයින්ට...