උපාලි ආනන්ද
හොරොව්පතාන පොලිස් ස්ථානාධිපතිවරයාට රුපියල් ලක්ෂ පහක අල්ලසක් ලබා දීමට යෑමේදී අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ සැකකරු ලබන 21 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු ජනක ප්‍රසන්න සමරසිංහ මහතා අද (8) නියෝග කළේය.
අධිකරණ නියෝගයක් මත රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින ජාතික තව්හීත් ජමාත් සංවිධානයේ ප්‍රබල සාමාජිකයකුට ඇප ලබා ගැනීම සඳහා සැකකරු පොලිස් ස්ථානාධිපතිවරයාට අල්ලස් ලබාදී තිබේ.
මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරන ලද්දේ මුක්කරවැව, හොරොව්පතාන, පදිංචිව සිටි අබ්දුල් ගපූර් මොහොමඩ් ෂිෆාන් නැමැති 26 හැවිරිදි තරුණයෙකි.
මෙම සැකකරු ලබන 21 දා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා හමුවේ ඉදිරිපත් කරන ලෙසද මහෙස්ත්‍රාත්වරයා බන්ධනාගාර දෙපාර්තමේන්තු නිළධාරීන් හට නියෝග කළේය.
තව්හිද් ජමාත් සංවිධානයේ නායකයා ලෙස සැලකෙන සහරාන් හසීම් නමැත්තා සමඟ සමීප සම්බන්ධතා පැවැත්වූ බවට සැක කෙරෙන හොරොව්පතාන, මුක්කරවැව ප්‍රදේශයේම පදිංචි අබ්දුල් මජීඩ් මොහොමඩ් නියාස් නැමති සැකකරුවෙකු හොරොව්පතාන පොලිසිය ඉකුත් 28 වනදා අත්අඩංගුවට ගෙන කැබිතිගොල්ලෑව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, ලබන 14 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට අධිකරණය නියෝග කර තිබුණි.
එම සැකකරුගේ ඉදිරි නඩු දිනයේදී ඇප ලබා දීමට විරුද්ධ නොවන ලෙසට ඉල්ලා එම සැකකරුගේ ඥාති පුත්‍රයෙකු, ලක්ෂ 5ක මුදලක් හොරොව්පතාන පොලිස් ස්ථානාධිපති රොෂාන් සංජීව මහතාට ලබා දීමට කැමැත්ත පළකර ඇති අතර, එම මුදලින් රුපියල් දෙලක්ෂ පනස් දහසක මුදලක් ලබා දීමට යාමේදී අද (8) මෙම 26 හැවිරිදි සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කෙරිණි.
2025 දෙසැම්බර් මස 18
443
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
247
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1035
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සහරාන්ගේ සගයා නිදහස් කරන්න අල්ලස් දුන් සැකකරු රිමාන්ඩ්
pakeer Wednesday, 08 May 2019 02:13 PM
මම හිතන්නේ මොහු ඊගාව මරාගෙන මැරෙන කෙනා වෙන්න පුළුවන්...