(ඉන්දිකා රාමනායක)
තවුහීත් ජමාත් සංවිධානයේ නායක සහ මෙන්ම ෂැංගි‍්‍රලා හෝටලයේ බෝම්බකරුවකු වන මොහොමඩ් සහරාන් හසීම් නැමැත්තාගේ බිරිඳ වන අබ්දුල් කාදර් ෆාතිමා කාදර් නැමැත්තිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාරයට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසීය.
ඔවුන්ගේ සිව් හැවිරිදි දියණියට ද බාරකරුවකු නොමැතිකමින් මව බාරයේ සිටින බවද රුවන් ගුණසේකර මහතා කීවේය.
ඉකුත් (26) දින කාත්කත්කුඩි සයින්දමරුදු ප‍්‍රදේශයේ නිවසක් තුළ අන්තවාදීන් පිරිසක් බෝම්බ පුපුරවා ගැනීමෙන් පසු ඇය සහ දියණිය බරපතල තුවාල ලබා සිටියදී යුද හමුදාව විසින් බේරාගෙන අම්පාර මුලික රෝහලට ඇතුළත් කර තිබුණි.
අම්පාර රෝහලින් ඇය මීට දින කිහිපයකට පෙර කොළඹ ජාතික රෝහල වෙත මාරුකර එහි ප‍්‍රතිකාර ලබමින් සිටියදී ඇය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාරයට ගත් බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශවරයා කියා සිටියේය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාරයේ සිටින ඇය අවශ්‍ය වෛද්‍ය ප‍්‍රතිකාර සඳහා යොමු කරන බවද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා කියා සිටියේය.
අපේ‍්‍රල් 21 දින සිදුවු ප‍්‍රහාර මාලාවෙන් පසු අද (15) වන විට සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් සහ සැකකාරියන් 85 දෙනෙකු අත්අඩංගුවට ගෙන රඳවා සිටින බව රුවන් ගුණසේකර මහතා කියා සිටියේය.
මින් 65 දෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ද, තවත් 20දෙනෙකු ත‍්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසය බාරයේ ද සිටින බව ඒ මහතා වැඩිදුරටත් පැවසීය.
මෙම පිරිස අතරින් 10 දෙනෙකු සැකකාරියන් බව ද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා පැවසීය.
2025 දෙසැම්බර් මස 18
374
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
223
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1015
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සහරාන්ගේ බිරිඳ - දියණිය සීඅයිඩීයට
chandima Wednesday, 15 May 2019 04:13 PM
විජේවීර මහත්මිය සහ එම දරුවන් මේ දක්වා කඳවුරක රඳවා තැබුවා නම්, මේ දෙදෙනාටත් එම ආකාරයටම දඬුවම් පැමිණවිය යුතුයි. යාලු නිලමේලගේ ඉල්ලීම මත ගෙදර යවන්න එහෙම එපා අර තඹ කර්මාන්තශාලාවේ කට්ටිය ගෙදර යැව්වා වගේ...
helaya Wednesday, 15 May 2019 05:40 PM
මේ දෙදෙනාම අරලිය ගහ මන්දිරයට සහ පජට් පාරේ මාලිගාවට යවන්න ජනතා පැතුම එයයි..
Adiri Thursday, 16 May 2019 09:44 AM
විජේවීරගේ පවුල වගේ හොඳට සැපට බලා ගනී ? මිනිස්සු තාම විඳවනවා