(වසන්ත චන්ද්‍රපාල)

තවුහිද් ජමාත් සංවිධානයේ නායක සහරාන්ගේ බිරිඳ සහ දියණිය අම්පාර මහ රෝහලෙන් ඊයේ (09) ප්‍රතිකාර ලබා පිටව ගොස් ඇති අතර අද (10) ආරක්ෂක අංශ විසින් නැවත ඔවුන් කොළඹ ජාතික රෝහල වෙත රැගෙනවිත් තිබේ.

ඔවුන් දෙදෙනාට බාහිර රෝගී අංශයෙන් ප්‍රතිකාර ලබා දීමෙන් අනතුරුව යළි ආරක්ෂක අංශ විසින් රැගෙන ගිය බව රෝහල් ප්‍රකාශකයෙකු පැවැසීය.

ඉකුත් 26 වෙනි දින සහරාන්ගේ සහෝදරයින් ඇතුලු 17 දෙනෙකු  බෝම්බ පුපුරුවාගෙන මියගිය අතර සහාරන් ගේ බිරිඳ සහ දියණිය සුන්බුන් අතර සිරවී සිටියදී ආරක්ෂක අංශ විසින් සොයා ගනු ලැබීය. සහාරන් ගේ මෙම ක්‍රියාවන් වලට තමන් අකැමැති වූ බවත් සහාරන් ගේ බිරිඳ වන අබ්දුල් කාදර් ෆාතිමා ආදියා පවසා තිබේ.

අවස්ථා කිහිපයකදී දික්කසාද වීමටද ඇය සහරාන්ගෙන් ඉල්ලිම් කළත් සහරාන් එයට විරුද්ධ වූ බව රාජ්‍ය බුද්ධි අංශයේ නිධාරින්ට ඇය පවසා තිබේ. සහරාන්ගේ බිරිඳගේ තොරතුරු අනුව මීගමුව සහ කොල්ලුපිටිය ලිබර්ටි ප්ලාසා යන ස්ථාන දෙකක තිබූ ආරක්ෂක නිවාස දෙක රාජ්‍ය බුද්ධි නිලධාරීන් විසින් සොයා ගනු ලැබීය.

අම්පාර රෝහලින් පිටවු  පසු රාජ්‍ය බුද්ධි අංශ මගින් සහරාන්ගේ බිරිඳ අපරාධ පරීක්ෂණ දෙපාර්මේන්තුවට බාරදී තිබේ.