(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
සහරාන් සමඟ නුවරඑළිය බ්ලැක්පූල් කඳවුරේ පුහුණුව ලැබූ 20 හැවිරිදි පුද්ගලයෙක් මහරගම ඇඟලුම් කම්හලක සේවය කරමින් සිටියදී අද (12) ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි.
අරනායක දික්පිටිය විල්පොල පාරේ පදිංචි මෙම සැකකරු මොහොමඩ් තාජුඩීන් අසීෆ් අහමඩ් නැමැත්තෙකි.
මීට දින තුනකට ඉහතදී ඇඟලුම් කම්හලේ සේවය සඳහා පැමිණ තිබූ මෙම පුද්ගලයා සහරාන් සමඟ අවි පුහුණුව හා වෙනත් පුහුණු කටයුතු වලට මෙන්ම උපදෙස් පන්ති වලට සහභාගි වී ඇතැයි පොලිසිය කියයි.
ත්‍රස්ත විමර්ශන ඒකකයට ලද තොරතුරක් මත මෙම පුද්ගලයා අත්අඩංගුවට ගැනීම සඳහා නාවික හමුදා බුද්ධි නිලධාරීන්ගේ සහයෙන් සැකකාර පුද්ගලයා අත්අඩංගුවට ගත් බව පොලිසිය කීය.
අත්අඩංගුවට ගත් පුද්ගලයා වැඩිදුර ප්‍රශ්න කිරීම සඳහා කොළඹ අපරාධ කොට්ඨාසය වෙත බාරදී ඇතැයි මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සහරාන්ගෙන් පුහුණුව ලබපු පිරිස හොයනවා මිසක් සහරාන්ට පුහුණුව දීපු පිරිස හොයන්නේ නැතිද?
සහරන්ගේ කට්ටිය ඔක්කොම ඉවරයිලු. කට්ටියක් මැරුණා අනික කට්ටිය ඇල්ලුවාලු.
රනිල් මහත්මයාණෙනි, මේ 103 වෙනියාද? බොරු කියන එකේත් "රතු කට්ටයක්" තිබෙන බව මතක තියා ගත්තොත් හොඳයි...
සියලුම දෙනා අත්අඩංගුවට ගෙන ත්‍රස්තවාදය මුලිනුපුටා දැම්මා කියලා හැමදාම කියනවා. එහෙම කියලා පහුවදා තව අවි පුහුණුව ලබපු කෙනෙක්, ආයුධ තිබුණු කෙනෙක් අල්ලගත්තා කියනවා. ඒ කියන්නේ බිත්තර දාලා තිබිලා ඒවායින් අලුතින් ඉපදිලා එනවද?