තරංග ගුණරත්න
මේ දිනවල පැවැත්වෙන අපොස සාමාන්‍ය පෙළ විභාගයේ අදට (10) නියමිත ගණිතය විෂය 1 ප්‍රශ්න පත්‍රය සඳහා අයදුම්කරු වෙනුවට ඔහුගේ මිතුරෙකු විභාගය සඳහා පෙනී සිටි යැයි සැක පිට අද උදැසන අත් අඩංගුවට ගත් බව තිහගොඩ පොලිසිය පවසයි.
මාතර පුහුල්වැල්ල මධ්‍ය මහා විද්‍යාලයේ විභාග ශාලාවේදී විභාග අපේක්ෂකයා ඔහුගේ මිත්‍රයකු ඉදිරිපත් කර තිබිණැයි ද, ඒ පුද්ගලයා ගැන සැක සිතී සොයා බලද්දී විභාග අපේක්ෂකයා නොව වෙනත් පුද්ගලයකු බව අනාවරණය වීයැයි ද විභාග දෙපාර්තමේන්තු ආරංචි කියයි.
සැකකරු 25 හැවිරිදි තරුණයෙකි.
විභාගය සදහා ඉදිරිපත් වන ශිෂ්‍යයා පෙර දින රියදුරු බලපත්‍රය ඉදිරිපත්කර විභාගයට ඉදිරිපත්වී ඇති අතර අද දින ඔහුට අයත් ජාතික හැඳුනුම්පත රැගෙන ඔහුගේ මිත්‍රයා විභාගයට ඉදිරිපත් වී ඇතැයි පොලිසිය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ දරුවා හිතන්න ඇති මෙච්චර හොරකම් වෙන රටේ මාත් පොඩි ගේමක් දුන්නට මොකද වෙන්නේ කියලා.
රියදුරු බලපත්‍රයක් තියෙන්නේ කොහොමද සාමාන්‍ය පෙළ ලියන සිසුවෙකුට ?