
(ආරියදාස කොඩිතුවක්කු )
රන්න-හුගම මාර්ගයේ බටඅත වංගුවේදී යතුරු පැදියක ත්‍රි රෝද රථයක් ගැටීමෙන් වූ අනතුරින් යතුරුපැදියේ ගමන් ගත් 12 හැවිරිදි පාසල් සිසුවකු අද(10) මියගොස් ඇතැයි හුගම පොලිසිය කියයි.
රන්නේ සිට පාසල් දරුවන් දෙදෙනෙකු නංවාගෙන පියෙකු ගමන්ගත් යතුරුපැදිය ඊට පිටුපසින් පැමිණි ත්‍රිවිල් රථය හප්පා අනතුරට ලක් කර පලාගොස් තිබේ.
බරපතල තුවාල ලැබූ පියා සහ දියණිය තංගල්ල මූලික රෝහලට ඇතුලත් කර ඇති බව හුගම පොලිසිය පවසයි.
පලාගිය ත්‍රි රෝද රථය සොයා හුංගම පොලිසිය පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd