IMG-LOGO

2024 ජුලි මස 15 වන සඳුදා


සිසුවියට තෑගි දුන් සුවඳ විලවුන් බෝතලය 7 ක් සිහිසුන් කරයි

(ඩී.ජී.සුගතපාල , ජේ.කේ.එල් චාමින්ද සහ ජේ.ඩබ්.කේ. ප්‍රේමතිලක ද සිල්වා)

අහංගම දික්කුඹුර ප්‍රදේශයේ පාසලක සිසුවියක් විසින් ගෙන එන ලද සුවඳ විලවුන් බෝතලය ආඝ්‍රහණය වීමෙන් සිසුවියන් හය දෙනෙකු සහ සිසුවකු සිහිසුන්ව ආසාත්මිකතාවයකට ලක්වීමෙන්  අද (31) දහවල් රෝහල්ගත කළ බව ඉමදුව පොලිසිය පවසයි.

මෙසේ රෝහල් ගතකර ඇත්තේ 8 වන ශ්‍රේණියේ සිසුවියන් හයදෙනෙකු සහ සිසුවෙකි.

එම පංතියේ සිසුවියකගේ උපන් දිනය තිබී ඇති අතර ඒ සඳහා වැලිගම පාසලක ඉගෙනුම ලබන සිසුවෙක් තෑගි ලෙස මෙම සුවඳ විලවුන් බෝතලයක් ලබාදී තිබේ.

පසුව ඇය ඊයේ එම සුවඳ විලවුන් බෝතලය පංතියට ගෙනැවිත් ඇති බවත් පංතියේ යහලු යෙහෙලියන් එය ආග්‍රහණය කළ අවස්ථාවේ ඔවුන් සිහිසුන්ව අසාත්මිකතාවයකට ලක්ව ඇති බවත් ඒ නිසා වහාම අහංගම ග්‍රාමීය රෝහලට ඇතුළත් කර ඇති බවත් පොලිසිය පවසයි.

සිසුන්ගේ තත්වය බරපතල නොවන බව රෝහල් ප්‍රකාශකයෙක් ප්‍රකාශ කළේය.



අදහස් (4)

සිසුවියට තෑගි දුන් සුවඳ විලවුන් බෝතලය 7 ක් සිහිසුන් කරයි

Uditha - London Thursday, 31 October 2019 10:52 AM

පෙම් පලහිලව්වකුත් තියනවා වගේ...

:       49       20

රවින් Thursday, 31 October 2019 12:05 PM

අවුරුදු 13-14ක් විතර ළමයෙක් නේද? මොන කෙන් ගෙඩියටද සුවඳ විලවුන් තෑගි? දෙමවුපියනි..! කොහොම වුණත් මේ බඳුන දුන්න සිසුවා ගැන නම් හොයලා බැලුවොත් හොඳයි. මොන උප්පර වැට්ටියක්ද දන්නේ නැහැ...

:       35       10

Prabha Thursday, 31 October 2019 12:07 PM

ඔය සුවඳ විලවුන් මොනවද කියලා හෙට අනිද්දට කවුරුහරි කියන්න බැරි නැහැ.

:       0       7

සේන Thursday, 31 October 2019 12:28 PM

ඕනම සුවඳවිලවුන් වර්ගයක් තදින් ආඝ්‍රාහණය කළහොත් මේ තත්වය ඇතිවිය හැකියි. අසාත්මිකතාවයත් ඇතිවිය හැකියි. ළමයින්ගේ නොදැනුවත් කම නිසා වන්නට ඇති. සියලු දරුවන් සුවඳ විලවුන් වර්ග නහයට තබා තදින් ආඝ්‍රාහණය කිරීමෙන් වැළකිය යුතුයි.

:       1       21

ඔබේ අදහස් එවන්න

දියත

සැමියාගේ ඝාතනයට බිරිය සොයයි
2024 ජුලි මස 15 108 0

පවුල් ආරවුලක් දුරදිග යාමෙන් බිරිය ඇතුළු පිරිසක් එක්ව කපා කොටා සැමියා ඝාතනය කර ඇතැයි මොරටුව පොිලසිය පවසයි.


’’පියුමි අත්අඩංගුවට ගන්නේ නෑ’’
2024 ජුලි මස 15 289 0

කෙටි කළක් තුළදී කෝටි ගණනක් මුදල් ඉපවූයේ යැයි කියන නිරූපණ ශිල්පී පියුමී හංසමාලි සැප්තැම්බර් 20 වැනි දින දක්වා අත්අඩංගුවට නොගන්නා බව නීතිපතිවරයා අභියා


තේ විකුණා තෙල් ණය ගෙවයි
2024 ජුලි මස 15 373 0

ඉරානයෙන් ඉන්ධන ලබා ගැනීම නිසා ගෙවීමට තිබු ණය මුදල් වලින් ඩොලර් මිලියන 60ක් තේ අපනයනය මගින් අද (15) වන විට ගෙවීමට පියවර ගත් බව ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ සභාපති න


ගම් උදාවලටත් සින්නක්කර ඔප්පු
2024 ජුලි මස 15 146 0

දිවයින පුරා ඇති සියළුම උදා ගම්මාන වල මෙතෙක් සින්නක්කර ඔප්පු නොලැබුණු 34,000කට හිමිකම් ඔප්පු දෙන බව ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති රජීව් සූරියආරච්ච


ලිට්‍රෝ ගෑස් ලෝක LPගෑස් දිනය සමරයි
2024 ජුලි මස 15 14 0

2024 ලෝක LPගෑස් දිනය සමරමින්, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම LPගෑස් සැපැයුම්කරු වන ලිට්‍රෝ ගෑස් ලංකා ලිමිටඩ් ආයතනය, පරිසර හිතකාමී බලශක්තිය ප්‍රවර්ධනය කිරීමෙන් සමා


ඉම්රාන් ඛාන්ගේ පක්ෂය තහනම් කරන්න යයි
2024 ජුලි මස 15 454 0

පාකිස්තාන හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ගේ තාරික් ඊ ඉන්සාෆ් පක්ෂය තහනම් කිරීම එරට රජය තීරණය කර ඇතැයි එරට තොරතුරු අමාත්‍ය අතුල්ලා තරාර් අද (15) පැවැති ම


මේවාටත් කැමතිවනු ඇති

වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි 2024 ජුලි මස 13 88 0
වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි

වැලිබල් ෆිනෑන්ස් ගෙවුණු වසර 17ක කාලය පුරාවට ශ‍්‍රී ලංකාවේ මූල්‍ය ආයතනයන් අතර ප‍්‍රමුඛස්ථානයක් හිමි කර ගනිමින් 2023/24 මූල්‍ය වර්ෂයේදී සිය මූල්‍ය විශිෂ්ටත

ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම” 2024 ජුනි මස 20 926 0
ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම”

බුදුරජාණන්වහන්සේගේ, ශිව දෙවියන්ගේ, ආදම්ගේ සහ ශාන්ත තෝමස් අපෝස්තුළුතුමාගේ පා සටහන යනාදී වශයෙන් විවිධ ආගමික සම්ප්‍රදායන් මුල් කරගනිමින් ශ්‍රී පාද ස්ථ

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 1810 1
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

Our Group Site