IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


සිසුවෙකුට පුටුවෙන් පහරදුන් තවත් සිසුවෙක් රිමාන්ඩ්

(නිමන්ති රණසිංහ)

මුදලට බෝලිං ක්‍රීඩාව කරද්දී ඇතිවූ බහින්බස්වීමක් දුරදිග ගොස් 19 හැවිරිදි සිසුවෙකුට පුටුවකින් පහරදී උස්සා පොළොවේ ගසා බරපතල තුවාල කළැයි කියන සිද්ධිකයකට අදාළ පෞද්ගලික අධ්‍යාපන ආයතනයක සිසුවකු ලබන 10 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා අද (04) නියෝග කළේය.

මෙම සැකකරුවන් තවමත් ශිෂ්‍යයින් වීමත් තුවාල ලැබූ අනෙක් ශිෂ්‍යයාගේ කොදු ඇටපෙළට හානියක් සිදුවුවහොත් එය මිල කළ නොහැකි බවත් සඳහන් කළ අධිකරණය සැකකාර ශිෂ්‍යයා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටත් සැකකරු ශිෂ්‍යයෙක් වූ බැවින් ඒ සම්බන්ධයෙන් විශේෂ සැලකිල්ලක් දක්වනට ලෙසටත් බන්ධනාගාර අධිකාරිවරයාට නියම කළේය.

මෙම සිද්ධියට අදාළව මේ වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටින සිසුවාගේ කොදු ඇට පෙළට හානි සිදුවී ඇත්දැයි යන්න සම්බන්ධයෙන් වෛද්‍ය පරීක්ෂණයක් සිදුකරමින් පවතින බවත් බම්බලපිටිය පොලීසිය අධිකරණයට කරුණු අණාවරණය කළේය.

 



අදහස් (3)

සිසුවෙකුට පුටුවෙන් පහරදුන් තවත් සිසුවෙක් රිමාන්ඩ්

Nimal Tuesday, 04 December 2018 04:36 PM

පාර්ලිමේන්තුවේ කට්ටිය මෙයාගෙන් කොපි කලාද? මෙයා පාර්ලිමේන්තුවේ කට්ටියගෙන් කොපි කලාද?

:       0       11

රොෂාන් Tuesday, 04 December 2018 08:18 PM

ඔව් ඉතින් රට හදන තැන පුටු වලින් ගහගන්නකොට ඒවා පෙන්නනන්කොට මේ ළමයින්ටත් හිතෙනවා ඇති එහෙම හොඳයි කියළා. කෝ දැන් අර මහතුරුන්ට නීතීය ක්‍රියාත්මක කෙරෙන්නේ නැතැයි?

:       0       17

sarath perth Wednesday, 05 December 2018 07:08 AM

පාර්ලිමේන්තුවේ සිදුවුනේ මෙගා ටෙලිනාටකයක රඟපෑමක්නේ ඒවාට නඩු නැහැ

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 12 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 699 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 332 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site