
(මනෝප්‍රිය ගුණසේකර)
ජාතික බුද්ධි ප්‍රධානීව සිටි සිසිර මෙන්ඩිස් මහතාගෙන් සාක්කි විමසිමට මත්තෙන් ඔහු උසාවියේ සාක්කි දිමට තරම් සුදුසු කායික හා මානසික මට්ටමක සිටී ද යන්න පරීක්ෂා කොට අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරන්නැයි කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරිවරයාට නියම කරන්නැයි කළ ඉල්ලීම ඉවත දැමූ ත්‍රිපුද්ල විනිසුරු මඩුල්ල සිසිර මෙන්ඩිස් මහතා පැමිණිල්ලේ සාක්කිකරුවකු ලෙස කඳවනවාද නැද්ද අධිකරණයට දැනුම් දෙන ලෙස නීතිපතිවරයාට නියෝග කළේය.
වෛද්‍යවර්තාවක් කැඳවීමේ අවශ්‍යතාවක් නොවන බව ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල දැනුම් දුන් අවස්ථාවේ පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සුදර්ශන සිල්වා මහතා සිසිර මෙන්ඩිස් මහතා පැමිණිල්ලේ සාක්කිකරුවකු වශයෙන් කැඳවනවා ද නැද්ද යන්න තීරණය කර අධිකරණයට දැනුම්දීම සඳහා තමන්ට කෙටි දිනයක් ලබා දෙන්නැයි ඉල්ලීමක් කළේය. ඒ අවස්ථාවේ විනිසුරු ආදිත්‍ය පටබැඳි මහතා අධිකරණය තීන්දුවක් ලද පසු ඒ අනුව කටයුතු කරන්නැයි දැනුම් දුන්නේය.
තම අධිකරණ නඩු කටයුතු කල්දමා මෙම නඩුව විභාග කිරීමට තමන් දින වෙන්කරගෙන ඇති හෙයින් මෙම සාක්කිකරු පැමිණිල්ලේ සාක්කිකරුවකු ලෙස කැඳවනවාද නැද්ද යන්න දිනුම්දීම සඳහා අධිකරණ කටයුතු අද දහවල් 12 දක්වා නැවත කල් තබන ලදි.
ඒ අනුව නැවත නඩුව කැඳවූ අවස්ථාවේ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතාට එරෙහි නඩුවේ සාක්කිදිම සඳහා හිටපු ජාතික බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස් මහතා නොකැඳවන බව නීතිපතිවරයා ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලට දැනුම් දුන්නේය.
ඒ අනුව ඔහු එම නඩුවේ සාක්කිකාර භාවයෙන් මුදාහල විනිසුරු මඩුල්ල හෙට දිනට ද නියම කර තිබූ නඩු විභාගය ඉවත දැමූ අතර නඩු විභාග කිරීම සඳහා ලබන වසරේ ජනවාරි 18 වැනි දා යළි කඳවීමට නියෝග කෙරිණි.
නාමල් බලල්ලේ,ආදිත්‍ය පටබැඳි සහ මොහොමඩ් ඉෂර්ඩින් යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ මෙම නඩුව කැඳවිණි
2025 දෙසැම්බර් මස 30
49
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
716
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
340
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
සිසිර මෙන්ඩිස් සාක්කිකාර භාවයෙන් ඉවත් කරයි