( +++ රංජන් කස්තුරි සහ ඉන්දිකා රාමනායක)
චීනයේ වුහාන් නගරයෙන් රැගෙනවිත් දියතලාව යුද හමුදා කඳවුරේ රඳවා සිටින සිසුන් 33 දිනපතා දෙවරක් විශේෂ වෛද්‍ය පරීක්ෂාවකට ලක් කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය කියයි.
දරුවන් 4 දෙනෙකුද ඇතුළු එම 33 දෙනා වෙන වෙනම කාමරවල රඳවා නිරෝධායන කටයුතු කරන බව ද සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
මේ වනවිට එම ශිෂ්‍ය කණ්ඩායම මේ කිසිදු පුද්ගලයකුට රෝග ලක්ෂණ මතුව නැති අතර ඔවුන් සියලු දෙනාම සාමාන්‍ය පරිදි පසුවන බව ද සෞඛ්‍ය අමාත්‍යංශ්‍ය සඳහන් කරයි.
COMMENTS
අනේ දෙවියන්ගේ නාමෙට එක්කෙනෙකුට වත් හැදෙන්නත් එපා … අහන්නත් සතුටුයි මේ දරුවෝ නිරෝගිව ඉන්නවා කියන එක. එයාලව බලා ගන්න සියලු වෛද්‍ය කාර්ය මණ්ඩලයටත් ඇප උපස්ථාන කරන සියලුම දෙනාටත් නිදුක් නිරෝගී සුවය ම ප්‍රර්ථනා කරනවා ...
සතුටුදායක ආරංචියක්. සියලු දෙනාට නිදුක් නිරෝගි සුව ලැබේවා!
වීර තිර නාටක, ගෑස් මුහුණු ආවරණ නැතිව තම වියදමින් සාමාන්‍ය ගුවන්යානාවල පැමිණි නාටකයට ප්‍රේක්ෂකයන් නැතිවේ යන බියෙන් හොරෙන්ම ගෙවල්වලට එළවපු සිසුන් 141ටත් ඉහෙන් බහින ලෙඩක් වාර්තා වී නැත...
සබ්බේ සත්තා භවන්තු සුඛිථත්තා...