(රංජන් කස්තුරි)
පාර්ලිමේන්තුවේ ඉකුත් නොවැම්බර් මාසයේ සිදුවූ නොසන්සුන්කාරී තත්ත්වය සම්බන්ධයෙන් ත්‍රිකුණාමලය දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී සුසන්ත පුංචි නිලමේ මහතා කර ඇති පැමිණිල්ලකට අනුව පොලිස් විශේෂ විමර්ශණ ඒකකය ඒ මහතාගෙන් අද (15) පැය දෙකක පමණ කාලයක් ප්‍රකාශයක් සටහන් කර ගෙන තිබේ.
පාර්ලිමේන්තුවේ ඉකුත් නොවැම්බර් මස 14,15 සහ 16 යන දිනයන් වලදී පැවැති නොසන්සුන්කාරී තත්ත්වයට වගකිවයුත්තේ කතානායක කරු ජයසූරිය මහතා බවත් ඒ සම්බන්ධයේන් නිසි පරීක්ෂණයක් කර පියවර ගන්නා ලෙසත් සුසන්ත පුංචි නිලමේ මන්ත්‍රීවරයා ඉකුත් දෙසැම්බර් මස 11 වැනිදින පොලිස් දෙපාර්තමේන්තුවට ලිඛිත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබිණි.
එම පැමිණිල්ල සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණ සඳහා පැමිණිලිකාර මන්ත්‍රීවරයාගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා ඔහු අද පෙරවරු 10.30ට පොලිස් විශේෂ විමර්ශන ඒකකයට කැඳවා තිබිණි.
පාර්ලිමේන්තු සභා ගර්භය තුළදී මන්ත්‍රීවරයෙකු ජීවිතක්ෂයට පත්වීමක් හෝ එවැනි සිදුවීමක් අපේක්ෂාවෙන් වුව ඒ ඔස්සේ රටේ මහජන කැළඹීමක් කර රට අස්ථාවර කිරීම තුළින් සහ ජනාධිපතිවරයා ගත් තීන්දුව නීත්‍යානූකූල නොවන බවට ලෝකය හමුවේ ඒත්තු ගන්වමින් ජනාධිපතිවරයා තනතුරින් පහකර රාජ්‍ය බලය තමන් අභිමත පුද්ගලයෙකුට ලබාදීමට කතානායක කරු ජයසූරිය මහතා කටයුතු කරන්නේ යැයි මන්ත්‍රීවරයා කර ඇති පැමිණිල්ලේ සඳහන්වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ කාලේ පාවිච්චි කළ " පාරාල ඇණ" නැවත බාරදීලා නැති හින්දද දන්නේ නැහැ..?
ලෝක කපටියෙක් සහ රත්නපුර මොරගහයට පැත්තේ ව්‍යාපාරිකයෙක් වන මොහුගේ මස්සිනා කෙනෙකුට ත්‍රිකුණාමලයේ ආණ්ඩුවට අයිති මුහුුදුබඩ ඉඩමක් මෙයා ලබා දුන්නා. අදාළ බලධාරීන් කරුණාකර මේ ගැන සොයා බලන්න...
පුංචි නෙවෙයි මෙයා ලොකු පරාල ඇණ නිලමේ කෙනෙක්...
මිනීමරුවෙකුට පමණක් එහෙම හිතන්නත් පුලුවන්...
මෙවැනි පුද්ගලයින් පාර්ලිමේන්තු යැවීම ගැන වගකිව යුත්තේ ඡන්ද දායකයයි.. තම පක්ෂයට පූජාකරන කෝටි ගණන් මුදල් නිසා නායකයින් අපේක්ෂකත්වය දුන්නත් බුද්ධිමත් රටවැසියා කල්පනාකාරීව මොවුන්ට ඡන්දය දුන්නේ නැත්නම් අද අපේ රට බොහෝදුර ඉදිරියට ගිහින් 225... මේ එක්කෙනයි තව සිය ගණනක් ඉන්නවා.
මෙයා දියවඩන නිලමේගේ මස්සිනා බව දන්නේ බොහොම ටික දෙනෙක්.
අර ඊයේ, පෙරෙදා තරුණයෙකූත් පිස්තෝලෙන් වෙඩි තියලා මරන්න හදපු එක ගැන අැහුවේ නැද්ද? රත්නපුරේ පරාල ඇන රජු...
දරුවෙක්ගේ කණට පරාල ඇණයක් ගසා මරන්න හිතෙන්න කොතරම් කුරීරු මනසක් තිබිය යුතුද? රෑට නින්ද යනවද මන්දා..?
නීති රීතියට සේවය කරන අය සුසන්ත පුංචිනිලමේ
නාලන්ද එල්ලාවල මිනීමැරුමට මොකද වුනේ? මෙයා මහින්දගේ දෑත ශක්තිමත් කරන්න පැන්නේ ඒ නිසා නේද?
මොවුන් වගේ අමුම නරුමයන්ට ඡන්දය දෙන නරුම ජනතාවක් ඉන්න රටක් මේක.. දෙයිහාමුදුරුවනේ මොන හිතකින් අර රටක් වටිනා තරුණයන්ට පරාල ඇණ ගැහුවද?
මෙවැනි පාතාලයන්ව නැවත පාර්ලිමේන්තු යවන්න එපා මොන පක්ෂෙන් ආවත්...
පරාල ඇණ ගහලා මරපු දරුවෝ තුන්දෙනාගේ දෙමව්පියන් මේ පුවත් අදහස් බලනකොට කෙතරම් කම්පාවකට පත්වෙනවා ඇත්ද? සාපවේවා....!!!