IMG-LOGO

2025 මාර්තු මස 24 වන සඳුදා


සංස්ථා ගබඩාවල තෙල් ඇත්තේ තව දින දහයකටයි

(නිමල කොඩිතුවක්කු)

තෙල් සංස්ථා ගබඩාවල ඉන්ධන ඇත්තේ තව දින 10 කට පමණක් බව සමග සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසීය.

ඉන්ධන නොමැති ව ඉදිරියේදී දැඩි අර්බුදයකට රට පත් වීමේ අවදානමක් පවතින බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

කොළඹ දී මාධ්‍ය අදහස් දැක්වූ දැක් වූ පාඨලී චම්පික රණවක මහතා වැඩිදුරටත් මෙසේ ද මෙසේද කීවේය.

ඉන්ධන සංස්ථාවේ ගබඩා වල ඉන්ධන ඇත්තේ තවත් දින දහයකට පමණි. (පෙට්‍රල් මෙ.ටො. 30,000 ඩීසල් මෙ.ටො. 50,000) දැනට තෙල් නැව් 3 ක් ජෙට් ෆුඅල් ද ඇතුළුව ණයවර ලිපි නැතිව වරාය අවට සැරිසරමින් ඇත. ලංවිම කියන්නේ ඛණිජ තෙල් සංස්ථාව තෙල් ලබා නොදෙන බවයි. තෙල් සංස්ථාව කියන්නේ ලංවිම රු. බි. 90 ක තෙල් බිල් පියවා නැති බවයි. ළඟදී ලාභ ලැබුවා යැයි ව්‍යාජයක් නැගූ ශ්‍රී ලංකන් ගුවන් සේවය ද ඩොලර් මිලියන 330 ක බිලක් තෙල් සංස්ථාවට ණය බව  තෙල් සංස්ථාව කියයි. තෙල් ඇමැති කියන්නේ ඩොලර් දුන්නොත් තෙල් දෙන බවය. විදුලි ඇමැති කියන්නේ තෙල් දුන්නොත් විදුලිය දෙන බවය. මොවුන් මේවා ඉල්ලන්නේ කාගෙන්දැයි අප ඇසිය යුතුයි.

තෙල් සංස්ථාවට ඩොලර් සහ ලංවීමට තෙල් ලබා දියයුත්තේ ජනතාව නොව ආණ්ඩුවයි. කැබිනට් මණ්ඩලය සාමූහිකව පාර්ලිමේන්තුවට සහ ජනතාවට මේ බව පැවසිය යුතුය. මාධ්‍ය සංදර්ශන දමා තමන්ගේ ආණ්ඩුවේ බැරිකම තමන්ගේ නොවේ යැයි කියමින් ක්‍රියා කිරීමට තෙල් ඇමැති සහ විදුලි ඇමැතිවරුන්ට අයිතියක් නැත. මේ පිළිබඳ මාස කිහිපයකට පෙර අප අනතුරු ඇඟවූ විට තෙල් හෝ විදුලි අර්බුදයක් නැතැයි පම්පෝරි ගැසූවෝ මොවුහුය. රටේ වටිනා ජාතික සම්පත් කිසිදු විවෘත ප්‍රසම්පාදනයකින් තොරව විකුණා දැමීමට තෙල් හා විදුලි ඇමැතිවරුන්ට හෝ ආණ්ඩුවට ජනවරමක් ලැබී නැත.

වංචාවට ලක් වී ඇත්තේ, රටේ ජනතාවයි. මේ ප්‍රශ්නය විසඳීමට ආණ්ඩුවට හා ඇමැතිවරුන්ට නොහැකි නිසා ජනතාව සාමූහිකව ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාමාර්ග ගැනීමට කාලය එළඹ තිබේ.



අදහස් (10)

සංස්ථා ගබඩාවල තෙල් ඇත්තේ තව දින දහයකටයි

fairoos Tuesday, 18 January 2022 08:06 PM

වහල්ලුන්ට මේවා තේරෙන්නේ නැහැ .සර් තවත් අවුරුදු 3 ක් හොඳටම කරලා යන්න හදන්නේ

:       6       3

BamunuarachchiThursday, 20 January 2022 09:39 AM

හමබයෝ මෙරටින් පන්න තුරු රටට හරියන්නේ නැත.

:       0       0

BamunuarachchiThursday, 20 January 2022 09:41 AM

එනවකො යුටියුබ් එකට අපි එතැනදී කතා කොරමු

:       0       1

යෝගා Tuesday, 18 January 2022 08:33 PM

ඉතින් ඔයාට කාලකන්නි සතුටක් දැනෙනවාද?

:       5       7

sujeewaThursday, 20 January 2022 01:09 AM

නෑ යෝගා.. දැන් එයා දින ගැන ගැන ඉන්නේ. අර අහිංසක සංදීප් කොල්ලව හප්පලා පැනලා ගිය එකා මාට්ටු වුණු නිසා, වැලිකඩ තරු 05 හෝටලයට යන්න කළින් තව දින කීයක් නිදැල්ලේ ඉන්න ලැබෙයිද කියා.

:       0       0

Raveendra Tuesday, 18 January 2022 10:41 PM

පුදුම සතුටකින් මම මේවා කියන්නේ හොදේ..... හුරේ අපිට බලය ලැබෙනවා......රටට කෙල වෙනවා නම් සතුටු වෙන විපක්ෂයක් ඉන්න ලෝකයේ එකම රට......නොදකින් විතරක් සුදු රෙදි ඇගේ ඔතාගෙන මුළු ඇගේම ලේ තැවරුණු රීරි යක්කු...

:       5       10

wikcy Tuesday, 18 January 2022 10:47 PM

රටෙ මොනම විදියකින් හරි ප්‍රශ්නයක් තියෙනවා. ඩොලර් නැ. නමුත් විදුලිය කියන්නෙ සියලුම කර්මාන්ත සදහා අත්යාවශ්යම සේවාවක්, දැන් ඔය සවස පහට තෙල් ඉවර වෙනවා, අනම් මනම් කියන සේවකයන්ට බැරි උනානෙ අවශ්ය ප්‍රමාණය මෙච්චරයි කියල කලින් කියන්න. ඉවර වෙන එක ටක්කෙටම කියන පුලුවන් නම්, ඇයි එයාලට බැරි උනෙ, මෙච්චර ප්‍රමාණයක් ඔනි වෙනවා අපිට තෙල් මෙච්චරයි තියෙන්නෙ. තෙල් ඔනි කියන එක බලපැමක් කරන්න. විදුලි පාරිබොගිකයො, මුදල් ගෙවනව. දැන් අලුතින් සතයක් හරි අඩුවෙන් නම් ගෙවල තියෙන්නෙ එකට දඩයකුත් ගහනවා. ඉතින් එහෙමත් කරල තෙල් සන්ස්තාවට ණය නම් ඉතින් ..

:       0       7

Saman Wednesday, 19 January 2022 09:52 AM

ඉස්ස්සරත් තිබ්බේ දවස් 10-15 කට තමයි. මොකද ඔයා බලයේ ඉන්න කාලේ මාස 3-4කට වත් තෙල් තියාගන්න තිබුනනේ. එහෙම කලාද ? මුන් වගේ කාලකන්නි තමා ලංකා දේශපාලනයේ ඉන්නේ

:       4       11

SUNIL MILANO Wednesday, 19 January 2022 03:11 PM

කාලකණ්ණි අපතයින්ටත්, සර් කියා අමතන ෆයිරූස් රෙදි අපුල්ලන්නේ කාටද කියලා දැන් හොඳටම පැහැදිලියි. මෙහෙමත් ලැජ්ජාවක් නැති අපතයින්...

:       1       4

පද්මාල් Thursday, 20 January 2022 08:17 AM

රටට කෙලවෙනකම් බලාගෙන ඉන්නේ තමන්ට බලය ගන්න මිසක් රටට තියෙන ආදරේකට නොවෙන බව හැමෝම දන්නවා. හොර මගුලේ ගිහිල්ලා අහිංසකයෙක්ව හප්පලා පැනලා ගිහින් නඩුවට බයේ බඩයන්න පටන් ගත්තු එක දැන් හොඳවෙලා වගෙයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

එසැණ පුවත්

මැතිසබේ ’’පුස්පාට්’’ හොයන්න එළියෙන් කට්ටියක්
2025 මාර්තු මස 24 0 0

පාර්ලිමේන්තුවේ තොරතුරු පද්ධති සහ කළමනාකරණ දෙපාර්තමේන්තුවේ ඇතැම් කාන්තාවන්ට සිදු වී ඇතැයි පැවසෙන හිංසන සිද්ධිය සම්බන්ධයෙන් බාහිර විමර්ශනයක් පැවැ


රජයේ මුද්‍රණාලයේ නිවාඩු අවලංගුයි
2025 මාර්තු මස 24 296 0

රජයේ මුද්‍රණාලයේ සියළුම සේවකයන්ගේ නිවාඩු පළාත් පාලන ඡන්ද විමසීම අවසාන වන තෙක් අවලංගු කරනු ලැබ ඇත.


පාලිකාවට බොරු කියා දරු දෙදෙනා පැන යති
2025 මාර්තු මස 24 918 0

අධිකරණයෙන් ලද රැඳවුම් නියෝග මත කළුතර ,කොහොලාන ,සිරිසඳවත්තේ පිහිටි ළමා සංවර්ධන මධ්‍යස්ථානයක රඳවා සිටි වයස අවුරුදු 12 ක් හා 14 ක්වූ ළමුන් දෙදෙනෙකු ඊයේ (23) පළ


හාල් ලොරිය පෙරැළෙයි
2025 මාර්තු මස 24 736 1

බදුල්ල සිට බණ්ඩාරවල දක්වා ධාවනය වෙමින් තිබූ හාල් පැටවූ ලොරියක් අද (24 ) බණ්ඩාරවෙල දික්ආරාව ප්‍රදේශයේදී පාරෙන් ඉවතට පැන පෙරළීමෙන් රියදුරු සහ සහයක තුවාල


දළදා දැක්මේ තේමා-ලාංඡන ප්‍රකාශයට
2025 මාර්තු මස 24 917 4

මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දී අප්‍රේල් 18 සිට 27 දින දක්වා පැවැත්වෙන දළදා දැක්ම සඳහා භාවිත කළ යුතු තේමා පාඨය සහ නිල ලාංඡන ශ්‍රී දළදා මාලිගාව විසින් නිවේදන


මැතිවරණ අක්‍රමිකතා ගැන පැමිණිලි හයක්
2025 මාර්තු මස 24 154 1

2025 පළාත් පාලන මැතිවරණ නීති උල්ලංඝනය කිරීම හා ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් පැමිණිලි හයක් මේ වන විට ලැබී ඇතැයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය කියයි.


මේවාටත් කැමතිවනු ඇති

ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක් 2025 මාර්තු මස 21 219 0
ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක්

ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 561 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 1195 2
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

Our Group Site