(කවිතා සුබසිංහ)
කැලණිය සරසවියේ සීසීටීවී කැමරා පද්ධතිය ගලවා ඉවත් කළා යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් කිරිබත්ගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ හිමිනමක ඇතුළු සරසවි සිසුන් සිව්දෙනකු ලබන 3 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට මහර මහේස්ත්‍රාත් රුවන් පතිරණ මහතා අද(28) නියම කළේය.
මෙසේ රිමාන්ඩ් ගතකිරීමට නියෝග ලැබූවේ, මහනගේ දිල්ෂාන් හර්ෂණ විජේසිරි, විජ්ජාපතිලාගේ ධනුෂ්ක කැළුම් ප්‍රබෝධන මුදන්නායක, මඩවල ලේඛම්ලාගේ ජනිත් ජනජය විශ්ව කීර්තිධර හා කොබෙයිතුඩුවේ සමිත හිමි නැමති අය ය.
විශ්වවිද්‍යාල භූමිය තුළ සීසීටීවි කැමරා සවිකිරීම සම්බන්ධයෙන් සිසුන් පැවැත්වූ උද්ඝෝෂණයක් අතරතුරදී කැමරා පද්ධතියට රුපියල් 2,654,836 කට අධික අලාභයක් කරමින් ගලවා දැමීමට මුල් වූ බව කියන සිසුන් 16දෙනෙකු කිරිබත්ගොඩ පොලිසිය අත්අඩංගුවට ගෙන තිබිණි. ඔවුන් අතරින් 12 දෙනෙකු ඊයේ(27)පොලිස් ඇප මත මුදා හැරතිබිණි.
පොදු දේපල පනත යටතේ සැකකරුවන් මහර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබිණ.
තවත් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට ඇති බවත් වැඩිදුර විමර්ශන කරමින් පවතින බවත් කිරිබත්ගොඩ පොලිසිය අධිකරණය වෙත පැවසීය.
සිද්ධිය සම්බන්ධයෙන් සවිස්තරාත්මක වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසට මහේස්ත්‍රාත්වරයා කිරිබත්ගොඩ පොලිසිය වෙත නියෝග කළේය.
නුවන් බෝගගේ,අස්තික දේවේන්ද්‍ර හා අරුණ මදුසංඛ ඇතුළු නීතිඥවරු කිහිපදෙනෙක් විත්තිය වෙනුවෙන් පෙනී සිටියේය.
කිරිබත්ගොඩ පොලිසියේ පොලිස් සැරයන් 27909 අරුණ කුමාර නිලධාරියා හා පොලිස් කොස්තාපල් 90071 රත්නායක යන නිලධාරීහු පැමිණිල්ල මෙහෙය වුහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අයගේ ශිෂ්‍යභාවය අහෝසි කරන්න වහාම... මේ අය සමාජයට පැමිණියාම තමයි ට්‍රාන්ස්ෆෝමර්, බස් ආදී දේවල් ගිණිතියන්නේ. අවුරුදු 10කටවත් ඇතුළට යවන්න.
කාලකන්නි, අස්කරලාම දාන්න ඕනේ...
මහජන මුදල්, මහජන දේපළ විනාශ කරන කිසිඳු කෙනෙකුට " මේ රටේ ජීවත්වීමට ඉඩ නොතබමු". එම අය මොන තරාතිරමකට අය වුණත් ගැටළුවක් නැත. දුටුතැන දඬුවම් කළ යුතුය. එය පවක් නොව සමාජයට කරන මහඟු පිනකි, සේවයකි. එබැවින් මෙම මුර්ගයින්ට හැකි ඉක්මණින් දඬුවම් ලැබේවා...!!! අපරාදේ මෙවන් මුර්ගයින්, රස්තියාදුකාරයන් මෙලොවට බිහි කළ ඒ ආදරණීය අම්මලා මොනතරම් දුක්ගැහැට විඳලාද මේ දරුවන් උස්මහත් කර සමාජයට වැඩදායී මිනිසුන් ලෙස සිටීමට වෙහෙස මහන්සි වෙන්නේ...? අඩුතරමින් මෙම කාලකන්නින් ඒ ගැනවත් හිතුවාද?
අර හැමදේටම විරුද්ධ ජෙප්පන්ගේ බළල් අත තමයි අන්තරේ කියන්නේ. පාලනාධිකාරියෙන් මොන දේ දුන්නත් මේ කට්ටිය විරුද්ධයි. අර කැලණියේ සිසුවෙක්ගේ කනක් පැලුවෙත් මේ යක්කුම තමයි. ඇත්තටම මම ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටින්නේ හමුදා නිලධාරියෙක් විශ්වවිද්‍යාලයටත් පත්කර අප වැනි සාමකාමී සිසුන්ට අධ්‍යපනය සඳහා අවශ්‍ය පසුබිම සකස් කර දෙන ලෙසයි.
මේ අයව රටින් පිටුවහල් කරන්න ඕනේ...
ඇයි හාමුදුරුවනේ සිවුරක් දරාගෙන මේ වගේ වැඩ කරන්නෙ....මහණදම් පුරන්නෙ මේ වගේ වැඩ කරන්නද...? ඔබවහන්සේල නිසා මොනතරම් උපේක්ෂාශීලීව.. ශික්ෂාශීලිව ගුණදම් පුරණා භීක්ෂූන් වහන්සේලාට පවා අගෞරවය එක්කරනවද...?මේක ඔබවහන්සේලාම හොදට හිතල මතල තීරණයකට එන්න ඕන කාරණයක්....ඔබවහන්සේලා මේ කරන්නෙ රටත්...බෞද්ධ සංස්කෘතියත්...බුදු දහමටත් ආයතේ මකාලිය නොහැකි අවමානයක්....වැදල කියන්නම් මේ වගේ වැඩ කරන අය අඩුම තරමින් මේ වගේ වැඩ වලට බුදුදහම ගැන හිතලවත් භික්ෂූන් වන්සේලා සම්බන්ධකර නොගෙන ඉන්න.... ඒක බෞධයන් වන අපට හරිම අප්‍රිය ජනක හිත් සන්තාපයට පත්කරන දර්ශනයක්...
මහා ලොකු චණ්ඩි දැන් නොණ්ඩි වෙලා...
රටේ නීතිය කඩකළ මේ භික්ෂු හාමුදුරුවෝ අයිති මොන නිකායටද? වහාම එම භික්ෂු හාමුදුරුවන්ගේ භික්ෂු භාවය අහෝසිකළ යුතුයි. ඔහු හිරේ යන්න ඕනේ සාමාන්‍ය පුද්ගලයෙක් විදිහට. මේවා නොකර හිටපු එකේ විපාක නිසා තමයි ශාසනයට මේ තරම් ප්‍රශ්න ඇවිල්ලා තියෙන්නේ. විසඳුම එන්න ඕනේ ශාසනය ඇතුළෙන්මයි.
විශාල මුදලක් වැය කරලා සිසිටීවී කැමරා යම් තැනකම සවි කරන්නේ ඒ ස්ථානයේ ආරක්ෂාව වෙනුවෙනුයි. මහජනයාගේ බදුමුදලින් නඩත්තු වන ස්ථානයක් විශ්ව විද්‍යාලය කියන්නේ. එතැන සවිකරපු සීසීටීවී කැමරා වලට වියදම් කරලා තියෙන්නේ මේ රටේ දුප්පත් මහජනතාව. එසේ නම් ඒවා කඩා බිඳදමන්න කිසිවෙකුටත් බැහැ. එමනිසා මේ විනය විරෝධී ක්‍රියාව කළ අයට නීතිය තදින්ම ක්‍රියාත්මක විය යුතු වෙනවා.
මේ සිසුන්ට රටේ පවතින නීතිය අනුව නිසි දඬුවම් පැමිණවිය යුතුයි. ඉහළ පාලනාධිකාරය විසින් ලබාදෙනු ලබන පන්ති තහනම් තවත් දේශපාලනික ක්‍රියාවලියක කොටසක් යනු අපගේ අදහසයි. වසර දෙකක පන්ති තහනමක් යෙදවීමත් එය ඉවත් කරන ලෙස නීතියට ඉහළින් ක්‍රියාකරන සමාජයේ ඇති පිළිගැනීම යොදාගෙන නීතිය ක්‍රියාත්මක කරන්නට එන නිලධාරීන්ට බැණ වදිමින් ඉල්ලීම් කර සාකච්ඡා පවත්වා ඔවුන්ව නිදහස් කර ගෙන තම තමන්ගේ පෞද්ගලික න්‍යාය පත්‍ර වලට ක්‍රියාත්මක වන චීවරධාරීන්ට රටේ නීතිය යොදාගෙන ක්‍රියා කරවීම මේ ශිෂ්‍ය ව්‍යාපාරවලට යොමු වන සිසුන් ගලවා ගැනීමට යොදා ගත හැකි එක ක්‍රමයක් බව පෙනී යයි. ඒ නිසා අතිගරු ජනාධිපතිතුමනි, රටේ පවතින නීතිය විශ්ව විද්‍යාල භූමියටත් රැගෙනවිත් මේ නරුමයින්ගෙන් අපගේ අනාගත සිසු පරපුර ගලවා ගනු මැනවි...
ඒ කාලේ හිටිය රන්ජන් විජේරත්න කියලා කොන්ද පණ තිබුණු ආරක්ෂක ඇමති කෙනෙක්... (ඔහු කරපු හැම දෙකටම මම එකඟ නැහැ) නමුත් ඔහු පාර්ලිමේන්තුවේදීම කිව්වා මේ ජාතියේ මෘගයන් ගැන... ඔවුන්ට ජීවත්වීමේ අයිතියක් නැහැ කියලයි කිව්වේ...
සෑම විටම ඔවුන්ගේ න්‍යාය පත්‍රය ප්‍රතික්ෂේප කරන බව ජේවීපී අවබෝධ කන ඇත.
රට විනාශ කරන්නේ මේ අය කැමරාවක් සවිකිරීම තුළින් මොකද්ද මේ අයට තියන බාධාව, කැලණියට පමණක් නොවේ... මෙය රට පුරා ව්‍යාප්ත වෙන්න ඕනේ... මේ අයගේ ශිෂ්‍යභාවය ජීවිත කාලයටම අහිමි කරන්න ඕනේ මේ අය තමයි අහිංසක ළමයින්ට නවකවදය දෙන්නේ..