(යොහාන් භාසුර)
‘1990 සුවසැරිය’ ගිලන්රථ සේවයේ ප්‍රතිචාර දැක්වීමේ සාමාන්‍ය කාලය විනාඩි 13 සිට විනාඩි 8 දක්වා අඩුකිරීමට සැළසුම් කරමින් තිබේ.
මෙම ගිලන්රථ සේවාය ආරම්භයේ සිටම ඇමතුම් මධ්‍යස්ථානයට ඇමතුම් 4,250,971 ක් ලැබී ඇති අතර සිදුවීම් 921,508 ක් ආවරණය කර තිබේ.
කොවිඩ් වසංගතය ආරම්භයේ සිටම 1990 ගිලන්රථ පැය 24 පුරාම අඛණ්ඩව කොවිඩ් ආසාදිත රෝගීන් රෝහල් වෙත ප්‍රවාහනය කළේය.
1990 සුවසැරිය ගිලන්රථ සේවාව තුළ දිවයිනේ සියලුම දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි ගිලන්රථ 297 ක් ඇති අතර මෙම වසර අවසානය වන විට නව ගිලන්රථ 112 ක් එකතු කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා උපදෙස් දී තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මතකද මෙම ගිලන් රථ සේවාව මුලදී හඳුන්වා දෙනකොට, විමල් වීරවංශත්, උදය ගම්මන්පිලත් දැඩි ලෙස විවේචන කළා සහ මේකේ ගියොත් පිටගැස්මත් හැදෙයි කියලත් කිව්වා.
මතකද, අර "ගොමා" කියන මාෆියා කල්ලිය කිව්වා ඕකට නැග්ගොත් කරන්ට් එක වැදිලා මැරෙයි කියලා. ඒ ගොමාලා කියපු ගොන් කතා මතක් වෙද්දී, තාමත් මගේ ඇඟ හිරිවැටෙනවා බයටම... මේ දවස්වල පෞද්ගලික රෝහල්, හෝටල් සම්බන්ධ කරගෙන සිදුකරන කොරෝනා ගරානා ව්‍යාපාරයත් ජයටම නැගලා යනවා. මේ වගේ අවස්ථාවක පෞද්ගලික ගිලන් රථ සේවාවක් තිබුණා නම් "ගොමා" කල්ලියට මීටත් වඩා සරුවෙන්න තිබුණා.
දැන් ජපන් ගිලන්රථ ඕනෑ වෙයි. 10%ට වැඩියි නේ. කයිය ගැහුවට ස‘ ගේ ගෝලයින් කරපු දෙයක් නෑ. ගොන්කතා කියන එක විතරයි...