IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


සිවිල් වැසියන් දණ ගැස්සුවාට යුද හමුදාවෙන් විශේෂ පරික්ෂණයක්

(ඉන්දිකා රාමනායක)

සංචරණ සීමා උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් එරාවුර් නගරයේදී පුද්ගලයන් පිරිසක් මාර්ගයේ දණගස්වා හිරිහැර කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් යුද හමුදා පොලිසිය විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව හමුදාව කියයි.

මෙම සිද්ධියට සම්බන්ධ වු නිලධාරියෙක් ඇතුළු යුද හමුදා කණ්ඩායම වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම් කර ඇති බව හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් නිලන්ත ප්‍රේමරත්න මහතා පවසයි.

එරාවුර් නගරයේ සංචරණ සීමා උල්ලංඝනය කරමින් සිටි පිරිසක්. අල්ලා ඊයේ (19) හමුදාව විසින් ඔවුන් දණ ගස්සවා අත් ඉහලට ඔසවා ගෙන ඔසවාගෙන සිටින ඡායාරූප සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වීමත් සමගම මෙම පරීක්ෂණය ආරම්භ කර ඇති බව හමුදා ප්‍රකාශක වරයා කීය.

බොහෝ පිරිසක් සංචරණ නීති උල්ලංඝණය කරමින් නගරයේ තැන තැන සැරිසරා ඇති බවත් හමුදාව විසින් හෝටලයක් සෝදිසියට ලක් කරන අවස්ථාවේ එම හෝටලයේ පුද්ගලයන් 18 දෙනෙකු රැදී සිට ඇති හමුදා ප්‍රකාශකවරයා කීය .

සීමා උල්ලංඝනය කරමින් කටයුතු කරන පුද්ගයන් සම්බන්ධයෙන් සොයා බලන ලෙසට නගරාධිපතිවරයාද හමුදාව දැනුවත් කර තිබූ බව හමුදා ප්‍රකාශක ප්‍රකාශකවරයා කියා සිටියේය.

කෙසේ වුවද හමුදාව මේ ආකාරයෙන් ජනතාවට හිංසා කිරීම අනුමත නොකරන බවත් එමගින් හමුදාවේ කීර්ති නාමයට ද කැළලක් ඇතිවන බව හමුදා ප්‍රකාශකවරයා සඳහන් කළේය.

මෙම සිද්ධිය සැල වූ වහාම යුද හමුදාපතිවරයාගේ නියමයෙන් යුද හමුදා පොලිසිය පරීක්ෂණ ආරම්භ කර ඇති බවත් එම පරීක්ෂණයෙන් අනතුරුව අදාළ හමුදා කණ්ඩායමට එරෙහිව උපරිම ක්‍රියාමාර්ග ගන්නා බවද හමුදා ප්‍රකාශකවරයා වැඩිදුරටත් කීය.

 



අදහස් (1)

සිවිල් වැසියන් දණ ගැස්සුවාට යුද හමුදාවෙන් විශේෂ පරික්ෂණයක්

Binkunndaa Monday, 21 June 2021 12:08 AM

දණ ගහන්න නොවේ තියෙන්නේ... කසෙන් ගහන්න... නීති තියෙන අයට...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 60 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 855 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 612 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site