(අමදෝරු අමරජීව)
ත්‍රිකුණාමලය පාලෙයුත්තු ප්‍රදේශයේ අද (03)සිදුකළ සෝදිසියකදී සිවිල් ආරක්ෂක බලකායට අයත් කැලෑ ඇඳුම් හතක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
පොලිසිය හා නාවික හමුදාව ඒකාබද්ධව සිදුකළ සෝදිසි මෙහෙයුමකදී මෙම කැලෑ ඇදුම්වලට අමතරව සිවිල් ආරක්ෂක බලකායට අයත් නිල ලාංජන කැප් තොප්පියක්,බූට්ස් ජෝඩුවක් සොයාගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරු සිවිල් ආරක්ෂක බලකායේ සේවය කර ඇති බවත් 2013 වසරේ සෞදි ආරාබියේ රැකියාවකට ගොස් මෑතකදී මව්බිමට පැමිණි අයෙකු බවත් පොලිසිය කියයි.


COMMENTS