(රංජන් කස්තුරි)
සංවර්ධන නිලධාරීන් ලෙස සේවය කරන භික්ෂූන් වහන්සේලා ගුරු සේවයට අනුයුක්ත කිරීමට පියවර ගන්නා බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.
උපාධිධාරී භික්ෂූන් වහන්සේලා පිරිසක් මේ වනවිට සංවර්ධන නිලධාරීන් ලෙස ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සේවය කරමින් සිටින බවද අගමැතිවරයා කීය.
එම භික්ෂූන් වහන්සේලා ගුරුසේවයට අනුයුක්ත කිරීමට කැබිනට් මණ්ඩලය තීන්දුවක් ගත්බවද වාද්දුව ප්‍රදේශයේ පැවැති ආගමික උත්සවයකට සහභාගි වූ අගමැතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතා හොඳ වැඩක්... ගුරු තනතුර මිසක් ඔෆිස්වල වෙනත් වැඩ කටයුතු හාමුදුරුවන්ට ගැලපෙන්නේ නැහැ තමයි.
රියදුරු බලපත්‍ර අකැප නම් රැකියා කැපවෙන්නේ කොහොමද?
බුදුපුතුන්ට ධනය ඉපැයීම අකැප බැවින් බණකට, භාවනාවකට යොමුකිරීම වඩා යහපති.
සමෘධි ලාභින් අතර මේ සේවය ඉටු කිරීමට සුදුස්සන් නැතිනම් මේ පත්වීම් සාධාරණයි... එමෙන්ම කිසිම රැකියාවක් නැති පවුල් අතරත් මේ සුදුසුකම් නැත්නම් මේ තීරණය හරි. රැකියා ලැබීමෙන් පසු සසුන හැර යන සම්භාවිතාව ක් නැතිනම් තවත් හොදයි. ධර්මානුකුලව සිතා ගනු ලබන තීරණ කෙරේ අපි දක්වන අදහස් හරිම කල්පනාවෙන් කල යුතුයි .
බණ්ඩාරනායක මහතාගේ රජයෙන් පටන් ගත් මේ රැකියා වලට හාමුදුරුවරුන් පත් කිරීම නොකළ යුතු දෙයක්. මෙය බුදු දහමේ දියුණුවට වඩා පරිහානියට හේතු වෙන දෙයක්.
කප්පති ජාතරූප රජතං. මුදල් පරිහරණය අකැපවේ. එහෙත් සියලු කෙලෙසුණ් නසා රහත්වීමට රැකියා කිරීම අත්‍යවශ්‍යය.
ඔක්කොටම වඩා හොඳයි සෑම අමාත්‍යාංශයකටම උත්තරීතර උපදේශකයින් විදියට තනතුරක් නිර්මාණය කර දීලා දමන එක. දැන් ඔක්කොම උපදෙස් සහ රාජ්‍ය පාලනය සහ අධිකරණ කටයුතු කියලා දෙන්නේ මහසඟරුවන නේද?
අපි පොඩි කාලේ අපේ පළාතේ හිටියා භික්ෂුන් වහන්සේ කෙනෙක් උන්වහන්සේ කීවා උන්වහන්සේගේ නිකායේ විනය නීති අනුව මුදල් අල්ලන්ට බැහැ කියලා. හැම වෙලාවේම වෙන කෙනෙක් පස්සෙන් ගියා සම්මාදම් එකතු කරන්න.
මුලික අධ්‍යාපනය ඇති අටපාස් අයට රැකියා දෙනවා කීවා මේ වැඩෙත් ඡන්දයක් එනනිසා කියන දෙයක්ද?. මහා භාණ්ඩාගාරයේ මුදල් නැතිව කොහොමද මේවා කරන්නේ ?
ඇත්තටම ලොකු දෙයක්. සමහර භික්ෂුන් වහන්සේලා සංවර්ධන නිලධාරී තනතුරට කැමැතියි. මොකද ගුරු සේවයේ වගකීම් ගන්න කැමති නැති නිසා.
භික්ෂුන්ට ගුරුවෘර්තිය හැරෙන්න වෙන රැකියාවල් දෙන්න එපා. සිංහල සාහිත්‍ය සිංහල භාශාව, බුද්දාගම ඉගැන්වීමට ඉතාමත් සුදුස්සන් ගුරුවරු හාමුදුරුවරුය